X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


අසූපස් හැවිරිදි පියාගෙන් පොලිසියට අපූරු පැමිිණිල්ලක්

(ගල්ගමුව - නිහාල් ජයවීර)
බිරිඳට නිවසේ ඇතුළු කාමරයක් ලබා දී තමාට ඉස්තෝප්පු කාමරයේ නිදා ගැනීමට සලස්වමින් බිරිඳත්, පුතත්, ලේලියත් තමන්ට කුඩම්මාගේ සැලකිලි දක්වන බවට අසූපස් හැවිරිදි වයෝවෘද්ධ පියෙකු ගල්ගමුව පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.


එයට අනුව දෙපාර්ශ්වය පොලීසියට කැඳවිය. විවිධ පැමිණිලි අංශයේ කොස්තාපල් අජිත් (48369) මහතා පැමිණිල්ල විභාගයට ගත්තේය. මොකක්ද මේ කුඩම්මාගේ සැලකිල්ලක් කියන්නේ කොස්තාපල්වරයා වයෝවෘද්ධ පියාගෙන් ඇසීය.


මගේ පුතා ගෙයක් හැදුවා. පුතයි. ලේලියි, මගේ බිරියයි ගේ ඇතුළේ කාමරවල ඉන්නවා. මට එළියේ කාමරයක් වෙන් කරලා. මට ඒ කාමරේ ඉන්ඩ බෑ. අලියෙක් ඇවිත් ගහයිද කවුද දන්නේ” වයෝවෘද්ධ පියා කියවාගෙන යන්නට විය.


“කාමරේට අලි ඇවිත් ගහන්නේ නෑනේ මාමේ” කොස්තාපල්වරයා කීය.


නෑ එහෙම හරියන්නේ නෑ. මට ඒ කාමරේ ඉන්ඩ බෑ. හදිසියේ අසනීපයක් හැදුණොත් කවුද ඒක දන්නේ. මුන්දෑ ළඟ හිටියොත් ඒ බව දන්නවා”යි අසූ හැවිරිදි වියේ පමණ පසුවන බිරිඳ දෙස බලා ඔහු කීය.


දැන් මාමා කියන්නේ මාමටත් ගේ ඇතුළේ කාමරයක් දෙන්න කියලා. එහෙම නැත්නම් නැන්දත් මාමා ඉන්න කාමරේට එන්ඩ ඕන කියලා නේද? කොස්තාපල්වරයා ඇසීය.


ආන් ඒකනේ මං කියන්නේ. ඔය ළමයට විතරයි ඒක තේරුණේ. මුන්ට ඒවා තේරෙන්නේ නෑ. මට කතා කර කර ඉන්ඩවත් කවුරුවත් නෑ. එක්කෝ අපට වෙනම ගෙයක් හදාගෙන යන්ඩ වෙනවා යි වයෝවෘද්ධ පියා කියන විට නිලධාරින්ට සිනාව පාලනය කර ගැනීමට නොහැකි විය.


කෙසේ වෙතත් වෙනම නිවසකට යාමට වයෝවෘද්ධ බිරිඳ අකැමැත්ත ප්‍රකාශ කළ අතර නිවස ඇතුළේ කාමරයක මුල්ලක හෝ ඇඳක් දමා පියාට එහි විසීමට ඉඩ ලබා දෙන ලෙස කොස්තාපල් අජිත් මහතා පැමිණිලිකාර පියාගේ පුතුට හා ලේලියට උපදෙස් දී දෙපිරිසම පිටත්කර යැවීය.

 



අදහස් (9)

අසූපස් හැවිරිදි පියාගෙන් පොලිසියට අපූරු පැමිිණිල්ලක්

Mangala Monday, 23 September 2019 05:49 AM

මේ කථාවෙන්ම තේරෙනවා අපේ මිනිස්සුන්ගේ මානසික තත්වය සහ වයසට ගිය අය ගැන හිතන විදිය. පොලීසියේ හිනා වෙච්ච අයට තමන් වයසට ගිය දවසක ඔය සීයාව අනිවාර්‍යයෙන්ම මතක්වෙයි. වයසට යන්න යන්න තමයි තනිකම වැඩියෙන් දැනෙන්නේ කියලා එතකොට මේ අයටත් දැනෙයි.

:       0       519

kriss Monday, 23 September 2019 07:40 AM

අසූපස් හැවිරිදි වයෝවෘද්ධ පියාගේ ඉල්ලීම, පොලිසියේ නිලධාරීන් සමච්චලයට ලක් කලේ ඇයි කියා මට නම් හිතාගන්නවත් බැහැ.බල්ලෙක් පුසේක්වත් තනියම ඉන්න කැමති නැති නිසානේ නිවැසියන්ගේ ඇඟේ දැවටී, දැවටී ඉන්න බලන්නේ.. වයසට ගියාම දැනෙන පාළුව ,තනිකම ගැන අවබෝධයක් නැති මෝඩ මිනිසුන්. වයෝවෘද්ධ බිරිඳටවත් මෙයාව තේරුම් ගන්නට බැරි වීම නම් කණගාටුවට කරුණක්..

:       0       268

lalithm Monday, 23 September 2019 09:54 AM

වියපත් වුණාට සැමියාට, බිරිඳ එක්ක ඉන්න දෙන්නම ඕනේ. ලෝකේ නීතිය එයයි. පුතත්, ලේලියත් හිතනවා ඇති අම්මාගෙන් වැඩ අරන් තාත්තාව එළියට දමන්න. පොලිසිය මීට වඩා දැනුවත් වෙන්න ඕනේ...

:       0       1

lanka Monday, 23 September 2019 10:45 AM

අද බොහෝ දෙනෙකුට තමන් කුඩා කළ හදා වඩා ගත් දෙමව්පියන් වයස්ගතවන විට මහා බරක් බවට පත් වී ඇත. මෙවැනි කෙලෙහි ගුණ නොදත් ජාතියක් කිසි දිනක දියුණු නොවේ.

:       0       164

gamini robert jayasuriya Monday, 23 September 2019 02:20 PM

ඔහු හොඳ අාදරවන්තයෙක් ...

:       0       0

kumarage Monday, 23 September 2019 04:38 PM

ඇයි තමන්ගේ අම්මා තාත්තා මෙහෙම බලෙන් වෙන් කරන්නේ..? ඔය කොලුවා හදද්දී අම්මා තාත්තා එකට හිටිය එයාට මතක නැද්ද..? පව් ඒ අම්මටත්, සමහරවිට අම්මත් කැමති නැතුව ඇති තනියෙන් ඉන්න... එ්ත් මේ දරුවෝ තමන්ගේ අම්මා තාත්තා වෙන් කරනවා.. ඒවාට, මේ වගේ ගොබ්බ නිලධාරිනුත් උදව් කරනවා.

:       0       0

Hafeel Tuesday, 24 September 2019 08:28 AM

මේ පියාගේ ඉල්ලීම නම් සාධාරණයි.

:       0       18

Kumar Thursday, 26 September 2019 04:18 PM

තමන්ගේ ජීවිතයේ සැඳෑයාමය ගත කරන මේ මහත්මයා ගැන කණගාටු සිතෙනවා. ගම්බද බොහෝ විට පිරිමි නිද‍ාගන්නේ තනිවමයි...

:       0       1

maheshika Thursday, 26 September 2019 10:43 PM

මෙය සිනාවිය යුතු දෙයක් නොවේ. මව සහ පියාට එක කාමරයක් සලසා දීම දරුවන්ගේ යුතුකමයි. වයසට යනකොට දෙමහල්ලෝ වෙන්කර තැබීම පව්...

:       0       1

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site