(කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත)
අහිංසක, විනීත යයි හංවඩු ගැසී සිටි උපස්ථායකයකුගේ තරම රාත්‍රී සේවයේ යෙදී සිටියදී මුළු රෝහලටම දැන ගන්නට ලැබුණු පුවතක් රෝහලකින් අසන්නට ලැබේ.
ඔහු එදා රාත්‍රී සේවයේ යෙදී සිටියේය. ඔහුගේ සමකාලීනයකුද එදිනම රාත්‍රී සේවයට කැඳවා සිටියේය. මධ්‍යම රාත්‍රිය ද එළැඹෙමින් තිබියදී මේ දෙදෙනා නිදිවර්ජිතව සිටීමට අපූරු කාර්යක නිරතව සිටියහ. ඒ පුටු දෙකක වාඩි වී මේසයක් මත තබාගත් ජංගම දුරකතනයක දෙයක් නරඹමින් සිටීමෙනි. ඒ ජංගම දුරකතනය මිතුරු උපස්ථායකගේය. ඒ නිසාම මෙහි ක්‍රියාකාරීත්වය ගැන ඔහුට වැඩි අවබෝධයක් නොවිණි.
මේ අතරේ උපස්ථායක මිතුරා වැසිකිළි අවශ්‍යතාවකට එතැනින් ඉවත්වූයේ තමා ඉක්මනින්ම එන බව පවසමිනි. ඔහු ඉතා උනන්දුවෙන් මේසය මත තිබූ ජංගම දුරකතනය දිහා බලා සිටියේය. අවට පිළිබඳව ඒ අවස්ථාවේදී ඔහුට තිබුණේ ද අනවබෝධයකි. ඒ නිසාම සේවා අවශ්‍යතාවක් ඉටුකර ගැනීමට රෝහලේ හෙදියක ළඟටම පැමිණෙන තෙක් ඔහු නොදුටුවේය.
ඒ සමගම තමා දන්නා උප්පරවැට්ටි යොදා සක්‍රීයව තිබෙන ජංගම දුරකතනය අක්‍රීය කිරීමට කෙතරම් උත්සාහ දැරුවත් පලක් නොවූ තැන ඔහු එය මේසයේ ලාච්චුවේ දමා වැසුවේය. හෙදිය පැවරූ රාජකාරිය කිරීමට එතනින් ඉවත්වී යාමට ඔහුට සිදුවිය. ඔහු එන තෙක් හෙදිය මේසය ළඟ නැවතී සිටියාය.
මේසයේ ලාච්චුව ඇතුළෙන් අමුතු කෑගැසීමක ශබ්දයක් හෙදියට ඇසෙන්නේ ඒ සමගමය. ඇය මේසයේ ලාච්චුව ඇර එහි සක්‍රීයව තිබූ ජංගම දුරකතනය අතට ගන්නේ මේ අතරේදීය. එය අතට ගත්තාට වඩා හොඳයි නොගත්තානම් යයි ඇයට සිතෙන්නේ කෑමොර දෙමින් එහි දර්ශනය වූ රූප පෙළ දැකීමෙනි.
අනේ දෙයියනේ මොනවාද මේ තමා දකින්නේ යයි ඉහළට ගත් හුස්ම පහළට දැමීමට වත් නොහැකිවූවා මෙන් ඇය පුදුමයට පත්වී සිටියේ කවර කවදාකවත් දැක නැති අසභ්‍ය කාමුක දර්ශන ඇතුළත් නිල් චිත්‍රපටියක් එහි දර්ශනය වීමත් සමගමය. ඒ සමගම ඇය ජංගම දුරකතනය මේස ලාච්චුවේ දමා වැසුවාය. ඒ මේ ජංගම දුරකතනය තවදුරටත් කෑමොර දෙමින් සක්‍රීයව පැවතෙමින් සිටියදීය.
ඔහු එනවිට සියල්ල සිදුවී හමාරය. තමා මෙතෙක් ආරක්ෂා කරගෙන තිබූ පටි පට්ටම් ගැලවී ගොස් තිබිණ. ඊට පසු දින රෝහලේ මේ ගැන කසු කුසුව තැනින් තැන අසන්නට ලැබුණේ ඔහුගේ නමට ලොකු කළු පැල්ලමක්ද එකතු වෙමිනි. එය හරියට කිරි කළයට ගොම ටිකක් වැටුණු ගානටය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අහිංසකයාගේ තරම නයිට් ඩියුටියෙන් එළිවෙලා
දිමුත් Friday, 15 October 2021 12:08 PM
ඔය අහිංසකයි වගේ ඉන්න ගොඩක් ඔය ඔහොම තමයි.
රිතික් Friday, 15 October 2021 07:29 PM
මම ඉන්නෙත් අහිංසකයි වගේ... ඒත් මමත් ඔහොම තමයි.
Nuwa Sunday, 17 October 2021 02:46 PM
අසභ්‍ය චිත්‍රපට බැලීම, කෙනෙකුගේ අහිංසක බව අතර සම්බන්ධයක් කියන්න බෑ. වරද වෙන්නේ රාජකාරී කාලයේදී එය බැලීම සහ අනික් අයට බැලීමට සැලැස්වීම පමණයි. එහෙනම් ළමයි හදන එකත් මහ කැත වැඩක්නේ...