X Advertisement
IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


ඇඟ අඩු කරගන්න ලෑස්ති වුණාම මොළේ කචල් වැඩක් වෙලා

මාවරල පී.එස්. මද්දුමගේ.
ඔහු රජයේ කාර්‍ය්‍යාලයක ප්‍රධාන ලිපිකරු තනතුරක සේවය කළ අයෙකි. තමන් පදිංචි ගමෙන් තරමක දුර බැහැර පිහිටි  ප්‍රාදේශීය ලේකම් කාර්‍ය්‍යාලයක සේවය කිරීමට සිදු වීම නිසා, ඔහු කාර්‍ය්‍යාලයට ආසන්න  ගමක, තම ආච්චිගේ නිවෙසෙහි නේවාසිකව  රාජකාරියට පැමිණීමට පියවර ගත්තේය.


නාඹර තරුණ විය පසු කරමින්  සිටියත්, තරබාරු තරුණයකු වූ ඔහු දිනක්  පපුවේ අමාරුවක් සෑදී ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරයකු ළඟට ගියේය. මෙහිදී වෛද්‍යවරයා උපදෙස් දී ඇත්තේ ශරීරයේ ස්ථූල බව අඩු කර ගැනීමට ශාරීරික ව්‍යායාම වල යෙදෙන ලෙස ය.


 ගම්බද ප්‍රදේශයක ශාරීරික ව්‍යායාම මධ්‍යස්ථානයක් නොවූ නිසා නිවෙසේ සිට  ව්‍යායාම කිරීමට උපකරණ කට්ටලයක් ගෙන ඒමට  අදහස් කළේය. එහෙත් ඒ සඳහා ප්‍රමාණවත් මුදලක් තමා ළඟ නොමැති වීම ගැන සිතා  කාර්‍ය්‍යාලයේ හිතවතුන් සමග තම අවශ්‍යතාව ගැන කතා කළේය. එවිට, එක් හිතවතෙක් තමා ළඟ බර ඉසිලීමේ යකඩ රෝද සහිත අඩු බර පන්තියේ උපකරණයක් ඇති බව  කියා ,  එය ගෙවීමේ ක්‍රමයට ලබා දිය හැකි බව  පැවැසීය.


 නොසිතූ  භාග්‍යයක්යයි සිතූ තරුණයා, එය  හිමි කරුට රුපියල් පන්දහසක අත්තිකාරම්  මුදලක් ගෙවා, තමන් සිටින ආච්චි අම්මාගේ නිවෙසට ගෙන ගොස්  වෙනම  මඩුවක් තනා එහි තබාගෙන දිනකට පැයක පමණ කාලයක් බර ඉසිලීමේ ව්‍යායාමයෙහි  නිරත වීමට පුරුදුව සිටියේය.


  කාලය මෙසේ ගෙවී යන අතර තුර  දිනක්, මොහු රාජකාරියට ගොස් සිටියදී එම නිවෙසට පැමිණි පරණ යකඩ  බඩු  එකතු කරන්නෙක් ආච්චි  ඇමැතුවේය.” 


අම්මේ පරණ යකඩවලට ඉහළ මිලක් දෙනවා. කැඩිච්ච යකඩ බඩු, බත්හාල්, පොල්කටු ආදිය  ගන්නවා යැයි කීය.


 ආච්චි, පරණ බඩු වෙළෙන්දාට කතාකර පොල් කටු සහ හිස් බෝතල ටිකක් දී මුදල් ලබා ගත්තාය. 


වෙළෙන්දා නිවෙසේ වටපිටාවේ සෝදිසිකර බලා, “අම්මේ අර යකඩ රෝද දෙක පරණ යකඩවලට දෙනවාදැයි,,? ඇසීය. “යකඩ බරට මුදල් දෙනවා. මේ ටිකට රුපියල් දාහක් දෙන්න පුළුවන්, යයිද වෙළෙන්දා වැඩි දුරටත් පැවැසීය.


රුපියල් දාහක් යනු ලොකු ගණනක් බව සිතූ ආච්චි  “එහෙනම් පුතේ  අරගන්න’’ කියා මුණුපුරාගේ  ව්‍යායාම කට්ටලය ද විකුණා දැමුවාය.


  සවස වැඩ ඇරී නිවෙසට පැමිණි තරුණයා ව්‍යායාම කිරීමට  “බර ඉසිලීමේ උපකරණය, නොමැති බව, දැක ආච්චි අම්මාගෙන් ඒ ගැන විමසූ විට සිදු වුණ දේ  ආච්චි අම්මා පැවැසුවේ රුපියල් දාහක මුදල ද ඔහු අත තබමිනි.


සිදුවූ ඇබැද්දිය තේරුම් ගත් ඔහු ලාබයටත් ලේසියටත් තමන්ගේ කෙනකු ළඟ නතර වීමෙන් වූ  අනර්ථය ගැන සිතා  නිහඩ වීයේ දාහේ නෝට්ටුවද ආච්චිටම තබාගන්නා ලෙස දන්වමිනි.



අදහස් (0)

ඇඟ අඩු කරගන්න ලෑස්ති වුණාම මොළේ කචල් වැඩක් වෙලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site