X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 23 වන සඳුදා


ඉඳිආප්ප කන්න ගෙනා මාළු ව්‍යාංජනයේ කුරුමිණියකුත්

ව්‍යාංජනයේ කුරුමිණියකු සිටි බව පිළිනොගත් හෝටල් හිමියකුට තරුණියකගෙන් පාඩමක් ඉගෙන ගැනීමට සිදුවූ කතාවකි මේ.

නුවර පාරේ දෙපසම දැන් ගිමන් හල්ය. ඇතැම් තැන් විවිධ වර්ණ යොදා පින්තූර අලවා තිබෙන අතර එවැනි ඇතැම් තැන්වල පෙණුම තරුපහේ හෝටල් බඳුය.
දුර යනෙන අනෙකුත් අය මෙන්ම තවත් පිරිසක් ද මෙයින් උදෑසන ආහාර ගැනීම සඳහා වාහනය නතර කළේය.

සේවකයින් තැන තැන සේවයේ නිරතව සිටි අතර ඉන් එක් අයකු ඔවුන් වාඩිවූ මේසය අසලට ආවේය.

මොනවද මිස් කන්නේ.......

එසේ අසමින් ඔවුන්ගේ බොජුන් හලේ ඇති ආහාර වර්ග කියාගෙන ගියේය.

ම්.....ම්..... අපට ඉඳිආප්ප ගේන්න.

ඒ අනුව සේවකයා ඉඳිආප්ප, අල හොඳි, පොල් සම්බෝල සහ මාළු ගෙනා අතර මේසය වටා අලංකාරයට මෙන් වතුර වීදුරු කිහිපයක් ද තැබීය.
ඊ.....යා ආ...ආ.... ආහාර ගනිමින් සිටි තරුණිය එක්වරම අප්පිරියාවෙන් කෑගැසුවාය. බලන්න මේ.....කේ කුරුමිණියෙක් ඇය නැවතත් කෑ ගැසුවාය. අනේ අපට එපා මේවා මේවායේ කුරුමිණියෝනේ.

අනේ මිස් මේකා උඩින් වැටිච්ච එකෙක්. නැතිව කෑම වල ඉන්න විදියක් නෑ...... ආ කමක් නෑ අපට ඉඳිආප්ප එපා වෙන මොනවා හරි ගේන්න එසේ කියමින් ඔවුන් මේසය මත තිබූ මාළු ව්‍යංජනය සමඟ පාන් කෑවේය.

දැන් බිල ගෙවන වෙලාවය. මොනවද මිස්ල කෑවේ අපි පාන් කෑවා මොනවත් එක්කද?

පාන් විතරයි.
ඇයි මාළු කෑවේ නැද්ද?

නෑ. නෑ. ඒවා උඩින් වැටිච්ච මාළු ඒ හින්දා ඒවාට ගෙවන්න අපි සූදානම් නෑ. තරුණිය කීවාය.



අදහස් (0)

ඉඳිආප්ප කන්න ගෙනා මාළු ව්‍යාංජනයේ කුරුමිණියකුත්

චන්දි Wednesday, 26 June 2013 10:02 AM

හෝටල් වල ඔහොම තමයි. ගනන් ගන්න එපා මේ රටේ හෝටලේක එළවලු එකේ මීයෙක් ඉදලා තිබුනා හෝටල් හිමිය (සිංහල )වරද පිළිගත්තෙත් නැතිලු.(නදී)

:       0       0

දයා අළහකෝන් Wednesday, 26 June 2013 10:58 AM

හොද මොළේ. ඉතින් මුදලාලි කැමති වුණාද? (නි)

:       0       0

උපාලි Wednesday, 26 June 2013 11:28 AM

තරුණියගේ පිළිතුරෙන් පස්සෙ මේ වාර්තාව නවත්වන්න ඇත්තේ ඊළඟට විනාඩි පහක් තිස්සේ මුදලාලි කියපු වචන ටික පත්තරේ දාන්න බැරි නිසා වෙන්න ඕනෑ. එත් ඉතින් තරුණිය අඬ අඬා වාහනයට ගිය හැටි කියන්න තිබුනනේ. (නි)

:       0       0

ගාමිණී-සිරි Wednesday, 26 June 2013 12:25 PM

අපිට තේ එකක මැස්සෙක් හිටියත් හිරිකිත තමා.සිංගප්පුරුව ,චීනය,අප්‍රිකානු රටවල මිනිස්සු, කුරුමිණියන්,කැරපොත්තන්,මෙරුවන්,වෙයන්,පවා අනුභව කරනවා.මෑතකදී එ .ජා.සන්විධානයද ගුණ ගරුක භාවය සදහන් කරලා තිබුනේ ආසියාතිකයන්ට කෘමීන් කවන්න වෙන්න ඇති. (අ)

:       0       0

චන්දන Wednesday, 26 June 2013 05:50 PM

ගාමිණී, සිංගප්පූරුවේ කිසිම පියාඹන සතෙක් කන්නෙ නැහැ (නි)

:       0       0

ඉස්හාක් Wednesday, 26 June 2013 06:35 PM

කපටිකමට එයාම කුරුමිණිය ගෙනාවද දන්නේ නැහැනේ (නි)

:       0       0

චින්තක Thursday, 27 June 2013 11:11 AM

යක්කල ඉඳල නුවර පාරට යනකල්ම තියෙන හෝටල් වල තත්වය ඔහොම්ම තමා.(අ)

:       0       0

කුමාර Thursday, 27 June 2013 09:38 PM

ලෝක ආහාර සංවිධානය කියල තියෙනවා නේ කෘමින් ව ආහාරයට ගන්න කියල (අ)

:       0       0

ගාමිණී-සිරි Thursday, 27 June 2013 11:58 PM

චන්දන මල්ලී ,සිංගප්පුරුවේ මිනිස්සු එතකොට කුකුල් මස් කන්නෙත් නැද්ද? කුකුළා,වලිකුකුළා අයත් වෙන්නෙත් පක්ෂි ගණයට.ඉස්සර ගම්වල කුකුල් කූඩු එල්ලලා තිබුනේ කටුකම්බි වලින් ගස් දෙකක් අතර නයි,මුගටින්ගෙන් බේරා ගැනීමට.නගින්න ආධාරකයක් තියනවා.පසු දින බහින්නේ පියාඹලා.කැරපොත්තෝ වීදුරු බෝතල් වල දමා අලෙවි කරනවා මගේ ඇසින් දුටු දෙයක්.එම වෙළඳපොලේ නම මට සිහියට එන්නේ නැතිකම කනගාටුවට කරුණක්.ජල ටැංකියක සිටි දැවැන්ත ශ්‍රී ලංකා කකුළුවන් ඒ මොහොතේම කපා උයා දෙන්නම් කියනවිට මට හිනා ගියවිටයි ඔහු දන්නේ මම ලාංකිකයෙක් බව. (නි)

:       0       0

ඩෙන්සිල් Sunday, 30 June 2013 09:53 PM

චීන්නු මොනවද නොකන්නේ.(මීයෝ කබරයෝ සරපයෝ පරවියෝ ඔක්කොම කනවා )මිනී මස් ඇරෙන්න. (නදී)

:       0       0

ඔරිලේ Thursday, 04 July 2013 03:36 PM

ඒ උනාට අද කාලේ හුග දෙනෙක් ගුණ කියා කියා කන්නේ ලස්සන නම් දාපු ඒ වගේ කෑම තමා .(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site