X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


ඉරිදාට ඉංගිරිස් පත්තරේ ගන්න හොරේ අහුවෙලා

ඔහු රජයේ කාර්යාලයක සුළු සේවකයකු ලෙස  සේවය කර විශ්‍රාම ලැබූ පුද්ගලයෙකි. බිරිඳ පෞද්ගලික ආයතනයක සේවය කළාය. ඔවුන්ට දරුවන් පස්දෙනෙකු සිටි අතර ඔවුහු ප්‍රදේශයේ උසස් විදුහලක අධ්‍යාපනය ලැබූහ.


ඔහුගේ නිවසට නුදුරින් පුවත්පත් වෙළෙඳසල පවත්වාගෙන ගිය වෙළෙඳසල් හිමියා ඔහු තරමක් දුරට හඳුනයි. ඒ වෙන කිසිවක් නිසා නොව සෑම ඉරිදා දිනකම පුවත්පත් මිලදී ගැනීමට වෙළෙඳසලට පැමිණෙන බැවිනි.


එතරම් උගත් පුද්ගලයකු නොවූ වෙළඳසල් හිමියා මොහු ගැන විශාල පැහැදීමකින් සිටියේය. ඒ වෙන කිසිවක් නිසා නොව ප්‍රදේශයේ දැන උගත් පුද්ගලයකු බවට ඔහු තුළ දැඩි විශ්වාසයක් තිබූ බැවිනි.


 දිනක් වෙළෙඳසල් හිමියාගේ දියණියකට පෞද්ගලික ආයතනයක රැකියාවක් සඳහා ඉල්ලුම් කිරීමට ඉංග්‍රීසි භාෂාවෙන් ලිපියක් ලියවා ගැනීමට අවශ්‍ය විය.


 ඒ සඳහා සුදුසුම පුද්ගලයා මෙම ඉංග්‍රීසි පුවත්පත මිලදී ගන්නා අය බව තහවුරු කරගත් වෙළෙඳසල් හිමියා සන්ධ්‍යා භාගයේ බිස්කට් පැකැට්ටුවක්ද රැගෙන දියණිය ද කැටුව ඔහුගේ නිවෙසට ගියේ ලිපිය ඉතා හොඳින් සකස්කර ගත හැකි බවට දැඩි විශ්වාසයෙන් යුක්තවය. 


නිවසට ගොස් කාරණය පැහැදිලි කළ විට මෙම විශ්‍රාමික පුද්ගලයාට හීන් දාඩිය දැම්මේය. “අනේ මුදලාලි  හරිම කනගාටුයි. මට ඉංග්‍රීසි බෑ. මම ඉංග්‍රීසි පත්තරේ ගත්තෙ ඒකෙ වැඩිම පිටු ගණනක් තියෙන හින්දා. දරුවන්ට හා බිරිඳට බත් ඔතන්න කඩදාසි ගොඩක් ඕන නිසයි. ඒ පත්තරේ සතියටම ඇති. අනේ තරහා වෙන්න එපා. මේ ගැන කාටවත් කියන්නත් එපා. යැයි බැගෑපත් විය. කෙසේ වුවද ඔහුගේ දියණියගෙන් මෙය පැතිර ගියේය.


ඔහු සේවය කළ ආයතනයේ හිතවතුන්ට ද කනින් කොනින්  මෙය කන වැකුණි. කාර්යාලයේ මිතුරන් ඔහුට ඇමතුමක් ගෙන ඉංග්‍රීසි ලිපියක් ලියාගන්න තියෙනවා. හවසට එන්නදැයි අසන විට දුරකථනය විසන්ධි කරන්නේ ඔහුගේ දරුවන්ගේ ද සිනා හඬ මධ්‍යයේ ය. පසුව සති කිහිපයක් යන තෙක් දුරකතනය විසන්ධි කර තිබුණි.
(රත්ගම විශේෂ ධර්මදාස සිරිවර්ධන)

 



අදහස් (6)

ඉරිදාට ඉංගිරිස් පත්තරේ ගන්න හොරේ අහුවෙලා

CHANDRA WEERSINGHE Friday, 25 October 2019 10:45 PM

ඉංග්‍රීසි ඉගෙන ගැනීම අපට 3 වසරේ සිට පාසලේදී කරන වැඩක්..!! අපේ ළමයින්ට සිංහලවලට අමතරව ඉංග්‍රීසි උගන්වනවා. පාසලේ ඉංග්‍රීසි උගන්වන ගුරුවරයා ඉංග්‍රීසි ව්‍යාකරණ උගන්වන විට හොඳින් අසා සිටින්න. ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂයක් හොයාගෙන පුළුවන් තරම් වචන ඉගෙන ගන්න.. ගෙදරට බඩු ඔතාගෙන ගෙනෙන ඉංග්‍රීසි පත්තර කෑල්ලක් වුණත් හොයාගෙන කියවන්න උත්සාහ කරන්න...

:       0       71

abaraaSaturday, 26 October 2019 08:17 AM

මේ නහින දෙහින කාලේ ඉන්න මටද බොල කියන්නේ..?

:       16       21

RamaniSunday, 27 October 2019 06:24 AM

ඔහොම හිතන අය නිසා තමයි තාම අපේ සිංහලයෝ අඳුරේම අතපත ගගා අනුන්ට ගරහමින් ඉන්නේ...

:       0       76

kriss Saturday, 26 October 2019 08:53 AM

ඕකට ඉතින් ඔච්චර වෙට්ටු දාන්න ඕනේ නැහැනේ.. ".ඕක තියලා යන්න, මම පසුව පුරවලා දෙන්නම් " කියලා කියන්න තිබුණනේ... දරුවන් පස් දෙනාම උසස් පාසලක අධ්‍යාපනය ලබපු අය නම් ඉංග්‍රීසි දන්නවා ඇතිනේ... දරුවෙකුට කියලා, පුරවලා දීලා ජාම බේර ගන්න තිබුනා..ඔව්වට ඉතින් තැනට සුදුසු නුවණත් තියෙන්න ඕනේ... නැද්ද මන් කියන්නේ.

:       2       50

SISIRA SENANAYAKE Saturday, 26 October 2019 07:56 PM

ඉංග්‍රීසි නොදන්නාකම ලැජ්ජාවට හේතුවක් වෙන්නේ සිරිලංකාවේ විතරයි.

:       0       110

sampath Monday, 28 October 2019 10:12 AM

ලංකාවේ 3 වසරේ සිට 13 වසර දක්වා ඉංග්‍රීසි ඉගෙනුවත් විශ්ව විද්‍යාලයෙන් පිටවුණත් ඇති බහුතරයකට ඉංග්‍රීසි ලියන්නත්, කියවන්නත්, කතා කරන්නත් බැහැ. එ්කට හේතුව ඉංග්‍රීසි ගුරුවරුන්ගේ නොහැකියාව මිසක ළමයින්ගේ වැරැද්ද නෙවෙයි. කෙසේවෙතත් අනවශ්‍ය විෂය කරුණුවලට වැඩ වසර 2ක් හෝ මහන්සි වෙලා ඉංග්‍රීසි විතරක් ඉගැන්නුවත් ලංකාවට වටිනවා. 7 සහ 8 වසර දෙක ඉංග්‍රීසි පමණක් උගන්වලා හරි මේ වැඩේට බය නැතිව අත ගැහුවොත් ලංකාවේ ළමා වෘත්තීය අධ්‍යාපනයක් ලබලා යුරෝපා රටකට යැව්වොත් මේ රටේ ආර්ථිකය අවුරුදු 10කින් ගොඩ දාන්න පුළුවන්. කිසිම වැඩකට නැති සමහර විෂයන් ඉවත් කරලා දැමීම සුදුසුයි.

:       0       43

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site