(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
ජරාවාස වූ එකම මුහුණු ආවරණය හැමදාම පැළඳ එන සහෝදර සේවකයකුට පාඩමක් උගන්වන්න ගොස් අලි ජංජාලයක් වූ පුවතක් දකුණේ කාර්යාලයකින් වාර්තා වේ.
කොරෝනා දෙවැනි රැල්ලේ පිබිදීමත් සමගම මේ කාර්යාලයට පැමිණෙන සේවකයින්ටත් මුඛ ආවරණ පැළඳ සේවයට වාර්තා කිරීම අනිවාර්ය විය. මේ නිසාම සියලුම සේවකයන් සේවයට පැමිණියේ මුඛ ආවරණය පැළඳ ගෙනය. බොහෝ සේවකයින් දිනකට පාවිච්චි කළේ එක මුඛ ආවරණයක් පමණි.
එහෙත් එක් සේවකයෙක් එකම මුහුණු ආවරණය දින ගණනාවක්ම එක දිගටම පැළඳ පැමිණ ඇත. එය ජාරාවාස වී තිබුණේය. සහෝදර සේවකයින් මේ පිළිබඳව ඔහු දැනුම්වත් කළ ද ඔහු එය තඹේකටවත් මායිම් නොකළේය.
සහෝදර සේවකයාට මේ සම්බන්ධයෙන් කොතෙක් කීවත් ඊට අවධානයක් යොමු නොකරන නිසා ඔහුට හොඳ පාඩමක් උගන්වන්න හොඳ අවස්ථාවක් එන තුරු ඔවුහු ඉතාම සීරු මාරුවට බාල සිටියහ. කාර්යාල කෑම කාමරයේ කෑම මේසයේ දී ඔවුන්ට එම අවස්ථාව උදා විය.
මේ සේවකයා දහවල් ආහාරය ගෙන එහි අවශේෂ කොටස් කුණු කූඩයට දැමීමට ගියේ මුහුණු ආවරණය කෑම මේසය මත තබාය. ලද ඇසිල්ලෙන් ප්‍රයෝජනය ගත් සහෝදර සේවකයින් පිරිසක් කෑම කාමරයේ තිබූ මිරිස් කුඩු බෝතලයෙන් මිරිස් කුඩු ස්වල්පයක් එයට එක් කළේ ඉතා සූක්ෂමවය.
කෑමට ගිය ඔහු තරමක් ප්‍රමාද වූ නිසාම කෑම මේසය මත තබා ගිය සිය මුහුණු ආවරණය මුහුණේ පැළඳ ගත්තේ කිසිම වග විභාගයකින් තොරවමය. ගත වූයේ ටික වේලාවකි. “බුදු අම්මෝ මට ඉන්න බැරියෝ” යයි ඔහු මරහඬ දුන්නේ මුළු කාර්යාලයම එතැනට එක් රැස් කරවමින්ය.
“දනවෝ” යයි කියමින් ඔහු මුළු කාර්යාලය පුරාම දිව ඇවිද්දේ ජරාවාස වූ මුඛ ආවරණය ද විසිකර දමමින්ය. කාර්යාලයේ ප්‍රධානියා ද එතැනට පැමිණියේ මොහුගේ මරහඬ නිසාය. සිදුව ඇති දේ තේරුම් ගත් ඔහු ද මදහස පෑවේ මාත් මේ මිනිහාට මේ සම්බන්ධයෙන් උපදෙස් දුන්නත් එය ගණනකට නොගත් නිසා මේ පාඩමවත් ඉගැන් වූ එක හොඳයි කියමිනි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
එකම මුහුණු ආවරණය පැළඳ පැමිණි සේවකයාට අපූරු පාඩමක්
sana Friday, 23 October 2020 06:32 AM
හරි අපූරුයි ආයතනයක් පාලනය වෙන ආකාරය. ඒ මනුස්සයගෙ ඇස් වලට මිරිස් කුඩු ගියා නම් මොකද කරන්නේ? සමහරවිට ආයතනයේ ඉන්න අඩුම පඩියක් ගන්න මනුස්සයෙක් වෙන්නත් ඇති. සල්ලි නැති නිසා මාස්ක් එකක් දාගෙන ආවේ නැති නිසා ප්‍රාදේශීය සභාවක රැස්වීමකුත් කල් තිබ්බා කියලා ප්‍රවෘත්තියක් තිබුණා. අනෙක මේ කාර්යාලයේ ඉන්න අනෙක් අය හරි හොඳට දිනපතා මාස්ක් බැහැර කරනවා ඇති නේද?
Indika Tuesday, 27 October 2020 09:35 AM
රාජ්‍ය සේවයේ නිසා දවසට එක මුව ආවරණයක් බැගින් ලැබෙනවා. පුද්ගලික අංශ වල ඉතිං මුව ආවරණේ කැඩෙනකන් ඒක දාන්න වෙනවා
චන්දන Tuesday, 27 October 2020 10:56 AM
ඒ මනුස්සයට කට්ටියම එකතු වෙලා මාස්ක් ටිකක් අරන් දුන්න නම් ඉවරනේ