ඡන්ද ඔට්ටුවෙන් පැරදී හිස බූගාගත් පුද්ගලයකු සිය පවුලේ අය ඉදිරියේ අසරණවී සිටින බවක් සහ තමන් කරන රස්සාව අහිමි කර ගැනීමේ තත්ත්වයට වැටීමේ පුවතක් ගම්බද ප්‍රදේශයකින් වාර්තා විණි.
සිද්ධිය මෙසේය. සිද්ධියට සම්බන්ධ දෙදෙනා එකම ගමේ පදිංචිකරුවෝය. එක් අයෙක් ජිනසෝම නමින් හැඳින්වෙන අතර අනෙකා ආරියදාස නමින් හැඳින්වේ. හැමදාම සවස් කාලයේ මේ දෙදෙනා ඇතුළු ගමේ බොහෝ අය චාර්ලිස් අයියගෙ තේ කඩේ ළඟට පැමිණ දාං ක්‍රීඩාවේ යෙදෙන අතර කතා කර කර කාලය ගත කරයි.
ඡන්දයක් පැමිණීමත් සමග ගැමියෝ ඒ පැත්තට නැඹුරු වී ඒ පිළිබඳව අදහස් දක්වමින් කතිකාවල යෙදී සිටියහ. ඡන්දයට නාම යෝජනා දීමත් අවසන් විය. දුන් නාමයෝජනා අනුව එක් එක් අය මුදල් ඔට්ටු ඇල්ලීමට පටන් ගත්හ. ඒ අතරින් ජිනසෝම සහ ආරියදාස ද හිස බූ ගෑමේ ඔට්ටුවක් ඇල්ලීය. ඒ එක් අයෙක් ප්‍රිය කරන පක්ෂය දිනුවොත් අනෙකා හිස බූ ගෑමය.
ජිනසෝම උගත් රජයේ රස්සාවක් කරන අයකු වන අතර ආරියදාස ගොවිතැන් බත් කරමින් තම පවුල ජීවත් කරවන්නෙකි. ජිනසෝම විවාහකයකු වුවත් තමන් ඇල්ලූ ඔට්ටුව ගෙදර අයට නොසඟවා සිටියේය.
මම නම් මෙදාපාර කාටවත් ඡන්දය දෙන්නේ නෑ. හැබැයි උඹලගේ පක්ෂයේ නායකයා ඇතුළු ඉල්ලන අපේක්ෂකයෝ මෙදා පාර පැරදිලා නන්නත්තාර වෙනවා සිකුරුයි කියා ආරියදාස ජිනසෝම ඉදිරියේ කියා පෑවේය.
හා බලමු උඹ කොහොම කිව්වත් අපේ පක්ෂය දිනනවා දිනනවාමයි කියා ජිනසේන පිළිතුරු දුන්නේය.
ජිනසෝම පැවති විරුද්ධ පක්ෂයට බැඳී සිටි පාක්ෂිකයෙකි. ආරියදාස ස්වාධීනව සිටින කෙනෙකි. කෙසේ වෙතත් ජිනසෝමගේ පක්ෂය දිනුවොත් ආරියදාස හිස බූ ගෑ යුතු බවත් ආරියදාසගේ අදහස අනුව වෙනත් පක්ෂයක් දිනුවොත් ජිනසෝම හිස බූ ගෑ යුතු බවත් දෙදෙනාම රැස්ව සිටි පිරිස ඉදිරියේ පොරොන්දු වූහ.
ඡන්දය පැවැත්විණි. ප්‍රතිඵල ද කෙමෙන් කෙමෙන් නිකුත් විණි. නිකුත් වූ ප්‍රතිඵල අනව ජිනසෝමගේ පක්ෂය පරාජය වීමේ ලකුණු පෙනී ගියේය. අවසන් ප්‍රතිඵලය නිකුත්වීමටත් පෙරාතුව ජිනසෝම කඩකාමරයේ බාබර් සාප්පුවට ගොස් සම්පූර්ණයෙන්ම හිස බූ ගා ගෙදරට පැමිණියේය.
ගෙදර අය තුෂ්නිම්භූත වූහ. ඇයි මේ තට්ටේ ගෑවේ කියා බිරිඳ ඇසුවාය. ඡන්ද ඔට්ටුවෙන් මම පැරදුණා. ඒකයි හිස බූ ගෑවේ කියා ජිනසෝම කියා සිටියේය. එතැන් සිට ගෙදර අයගෙන් ජිනසෝමට බැණුම් එල්ල විය. මෙය කන වැකුණු ආරියදාස සහ කිහිප දෙනෙක් ජිනසෝමගේ ගෙදරට පැමිණ ඔට්ටුව විදිහට කළා උඹ හරි කියා පිටවී ගියහ.
(මෝදර සී. ඉග්නේෂස් ඇන්තනි)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඔට්ටුව පැරැදී තට්ටය ගාලා