රජරට එක්තරා කුඩා නගරයකි. පිටි සහ සීනි මිල ඉහළ යාමත් සමග තේ කඩ හිමියෝ බොහෝ දෙනෙක් පොල් රොටියේ සහ ප්ලේන්ටියේ ද මිල වැඩි කළහ. එක් කඩයක පමණක් පෙර පැවැති මිලටම ඒවා අලෙවි කළේය. මේ නිසා උදයට රොටී කා තේ බීමට වැඩි දෙනෙක් එතැනට යාමට පුරුදු වී සිටිති. මේ හේතුවෙන් මේ මුදලාලි ගේ අත මිට පෙරට වඩා සරු විය. දිනක් උදේ රොටී කා තේ බීම සඳහා මම ද මේ තේ කඩයට ගොඩ වූයෙමි. තේ බී අවසන් වී මුදලාලිගෙන් ගාණ? ඇසුවෙමි. මහත්තය රොටී දෙකයි ප්ලේන්ටි එකයි නේද ගත්තෙ? රු. 30ක් දෙන්න යයි හෙතෙම කීය. එය පෙර තිබූ මිලය. මුදලාලි! අර කඩවල රොටියක් රු. 12යි. ප්ලේන්ටියක් රු. 15යි. මේ ගාණට දීල මුදලාලිට ලාබ තියෙනව ද? මම නිකමට මෙන් ඇසුවෙමි. එවිට ඔහු මා දෙස උපහාසාත්මක සිනහවක් මුවගට නගමින් කීවේ මෙවන් කතාවකි. මහත්තයෝ වෙනද රොටියට ගන්න පිටි ගුලිය පොඞ්ඩක් ‘‘කෙට්ටු’’ කළා. ප්ලේන්ටියත් ඒවගේ චුට්ටක් ‘‘කෙට්ටු’’ කළා. මේක කඩයට එන යන මිනිස්සුන්ට ඒතරම් ගාණක් නෑයි ඔහු මගේ පිටට තට්ටු කරමින් කීවේ වෙළඳ උපක්‍රමයක් හෙළිකරමිනි. ලොකු කෝප්පයක් දුන්නත් ටිකක් ඉතිරි කරනවා, ලොකු රොටිය කෑවත් කෑල්ලක් විසි කරනවා. ඒ නිසා මෙයින් කාටවත් පාඩුවක් නැතැයි මුදලාලි කීවේය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කඩේ මුදලාලි හොඳ හිතත් තියාගෙන තේ බොන අයගේ කනෙනුත් රිංගලා
ගුණතිලක Wednesday, 05 December 2012 07:56 PM
මතක හිටින දෙයක් (දී)
සුජා Wednesday, 12 December 2012 12:02 PM
නියමයි. (නි)
සුජා Wednesday, 12 December 2012 12:08 PM
නියමයි. (නි)
මොහාන් Tuesday, 11 December 2012 08:07 AM
ඔයාගේ මොළේ තමයි මොළේ. (නි)
කනිෂ්ක Sunday, 09 December 2012 04:09 PM
අන්න මුදලාලිලා (දී)
ෂෙරීෆ් Thursday, 06 December 2012 09:23 PM
තව ටික දවසකින් මුදලාලි රොටියට පොල් නැතුව, ප්ලේන්ටියට සීනි නැතුව දේවි. (නි)
චානක Thursday, 06 December 2012 11:47 AM
මොනවා හරි කමක් නැහැ අඩුවට දෙනවානම්..!(නු)
චතූ Thursday, 06 December 2012 09:53 AM
මොනවා කරත් අවංක මුදලාලි කෙනෙක් (ස)
අමිල කටුනායක Thursday, 06 December 2012 05:15 AM
සිනා සිසී ගාණ කපලා (ස)
තිලාන් Thursday, 06 December 2012 01:13 AM
වැඩේ නම් හොඳයි ඒත් මුදලාලි කුඩා කළ දෙයක් ආයෙත් ලොකු කරන්නේ නම් නැහැ. තව ටික දවසකින් ඔය පොඩි රොටියටම අනෙකුත් කඩ වල මිළම අය කරයි (ත)
යසා Wednesday, 05 December 2012 10:44 PM
සුපිරි මුදලාලී කෙනෙක් (ස)
නවින් Wednesday, 05 December 2012 09:58 PM
එහෙම තමයි මුදලාලිලා (දී)
අමිල Wednesday, 05 December 2012 09:34 PM
අයිඋඔ අයියෝ මුදලාලි (දී)
සාලිය Wednesday, 05 December 2012 08:13 PM
නියම කතාව (දී)
යොහාන් Wednesday, 05 December 2012 10:03 AM
අගය කරන්න ඕනේ ඒ වගේ මුදලාලිලාව (දී)
හේරත් Wednesday, 05 December 2012 07:53 PM
හැමදාමත් කෙට්ටු වෙන්න බෑනේ ? (ස)
කොතලාවල Wednesday, 05 December 2012 07:07 PM
මට පේන්නේ මෙයි බඩ තියෙන මුදලාලි කෙනෙක් වගේ (ස)
ප්‍රියන්ත Wednesday, 05 December 2012 07:06 PM
නියම බජට් පැක් මුදලාලි කෙනෙක් (ස)
සිල්වා Wednesday, 05 December 2012 06:02 PM
කවට අන්දරේ වගේ (ස)
මුතු Wednesday, 05 December 2012 05:37 PM
මුදලාලිත් පොකැටිකාර යෙක් වාගේ (ස)
විජිත Wednesday, 05 December 2012 12:44 PM
නියම මුදලාලි කෙනෙක් (ස)
සරත් Wednesday, 05 December 2012 11:38 AM
මුදලාලිත් හරි , පොකට්ටුවටත් ලාභයි (ස)
වරුණ Wednesday, 05 December 2012 10:47 AM
ඕවා කගේ කාගෙත් පොඩි පොඩි ට්‍රික්ස් තමයි (ස)
ලාල් Wednesday, 05 December 2012 10:31 AM
අන්න මුදලාලිලා (දී)
ගයාන් Wednesday, 05 December 2012 10:14 AM
මම නම් කියන්නේ එහෙම තමයි මුදලාලිලා ඉන්න ඕනේ (දී)
සිල්වා Wednesday, 05 December 2012 10:07 AM
අන්න මාකටින් කියන්නේ එකට තමයි (දී)
හේමන්ත Wednesday, 05 December 2012 10:03 AM
රටේම දුප්පත් මිනිස්සු කෙට්ටු කරන වැඩපිළිවෙලක් තමයි ඕක. පොහොසත් අය කෙට්ටුකරන්න තමයි ඇවිදින්න උද්‍යාන හදාගෙන යන්නේ. ජිවිතේ සුන්දරද කොතරම්... ඔහොම යන්...(ස)