X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 23 වන සඳුදා


කරුංකා ගෝනිය සොරා ගෙන යද්දී අල්ලලා ගස් බැඳලා

වෙළෙඳ සැලකින් කරුංකා කිලෝ 20 ක් සොරකම් කළ පුද්ගලයකු අල්ලා පහරදී ගස්බැඳ ඔහුගේ අඹුදරුවන්ට බාරදුන් පුවතක් ගලගෙදරින් වාර්තාවේ.
වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.
දෙදරු පියකු වන මොහු පසුගියදා ගලගෙදර නගරයේ වෙළෙඳ ද්‍රව්‍ය මිලදී ගන්නා ස්ථානයකට ගොස් ඇත. එම ස්ථානයට වෙළඳ ද්‍රව්‍ය ගෙන එන ලොරියක වූ භාණ්ඩ බෑමද ඔහු සියකැමැත්තෙන්ම කර භාණ්ඩ හිමියන් තේපානය සඳහා ඉවත්ව ගිය පසු කිලෝ 20 ක් පමණවූ කරුංකා ගෝනියක් රැගෙන පළාගොස් ඇත. එය දුටු වෙනත් අයකු වෙළෙඳසල් හිමියාට දැන්වීමෙන් පසු ලූහුබැඳගොස් කරුංකා ගෝනිය සමග මොහු අල්ලාගෙන විත් ඒ අසල වූ දුරකථන කණුවක බැඳ තැබීය.
ඔහු පොලීසියට රැගෙන නොයන ලෙස බැගෑපත් වූ හෙයින් බිරියට පණිවුඩ යවා ගෙන්වා ඇයට භාරදී ඇත.



අදහස් (0)

කරුංකා ගෝනිය සොරා ගෙන යද්දී අල්ලලා ගස් බැඳලා

ටිකිරි Thursday, 25 July 2013 04:27 PM

කරුන්කා ගෝනියක් හොරකම් කරන්නේ බඩගින්නට නොවේ. ඔය වගේ දේවලට එවෙලේම දඬුවම් නොලැබුනොත් ඒක අසල් වැසියන්ට සාපයක් වෙනවා. ඔය අදහස් දමන අය තමන්ගේ දෙයක් ගත්ත හොරෙක් අල්ල ගත්තොත් කොහොම හැසිරෙයිද ?(නදී0

:       0       0

සෑම් Sunday, 28 July 2013 06:33 PM

විමලින්ද්‍ර, බෞද්ධ දර්ශනයේ හොරකම අනුමත කරන්නෙ නෑ... එය ලොකු හෝ කුඩා වේවා.. හොරකම පවක්... පවට පින්දෙන්න බෑ.... ඔයාගේ ආගමේ ඒක වෙනස් වෙන්න පුළුවන්.... (දී)

:       0       0

සෑම් Sunday, 28 July 2013 06:27 PM

විමලින්ද්‍ර කියන්නෙ අබෞද්ධ කෙනෙක්... එයාලට අවශ්‍ය බෞද්ධ දර්ශනයට මඩ ගැසීම..... (දී)

:       0       0

විමලේන්ද්‍ර Saturday, 27 July 2013 02:50 PM

හොරුකියනේ සුඛෝප භෝගී දේවල් තියෙන ස්ථාන කඩලා බඩු සොරා ගන්නා අයටයි. මේක ඕනෑම කෙනෙකුට තේරෙනවා අහිංසක කමට ගෙදර දරුවන්ට කන්න බොන්න නැති කමට එහෙමත් නැත්නම් හදිසි අසනීපෙකට බෙහෙත් ටිකක් ගන්න සල්ලි නැතුව ඔය කරුංකා මල්ල ගත්තද දන්නේ නැහැ. දුප්පත් වුනත් හැමෝටම ආත්ම ගෞරවයක් තියෙනවා. මේ දොස් කියන අයත් ඒ තත්වෙට පත්වුනාම තේරෙයි.(නදී)

:       0       0

සමන්ත Saturday, 27 July 2013 01:29 AM

පහන් මඩුගල්ල මහත්තයා වගේ හිතන උදවිය ඉන්නවා නම් අපේ රට මීට වැඩිය හොඳ වෙනවා. කොච්චර හොඳ අර්ථ දැක්වීමක්ද? අතිවිශිෂ්ටයි (නි)

:       0       0

විමල් Friday, 26 July 2013 04:48 PM

ලෝක සංවිධාන වලින් ත්‍රස්තවාදීන්ගේ මානව හිමිකම් ආරක්ෂා කරනවාද කියල සෝදිසියෙන් ඉන්නවා .අලුත්ම මෝස්තරය ලංකාවේ හොරුන්ගේ මානව හිමිකම් රකින්න හදනවා , අනේ කාලේ වනේ වාසේ කිව්වලු. (ස)

:       0       0

ගිරිඳු Thursday, 25 July 2013 09:10 PM

පොලිසියට කිව්ව නම් මනුතාපයට එහා දේවල් වෙන්න තිබ්බා (අ)

:       0       0

සංජය Thursday, 25 July 2013 08:23 PM

විමලින්ද්‍ර ,ඔක්කොම හොරු අසරණද?(අ)

:       0       0

පිටිගල Thursday, 25 July 2013 07:42 PM

ටිකිරි.... .කරුංක බඩගින්නට කන්න බැහැ. කරුන්කා ටික විකුනලා පාන් අරන් ගෙදර යන්න හිතාගෙන කලාද දන්නේ නැහැ. අනික බඩු බාන්නත් උදව් කළා නම් කීයක් හරි දෙන්න මුදලාලිට යුතුකමක් තිබුනා නේද? පව් අසරණයා.. මිනිස්සුන්ව ගස් බඳින්න නීතියෙන් තහනම්. මිනිහෙකුගේ මුලික අයිතිවාසිකම් බිඳීමක්.(අ)

:       0       0

අප්පු Thursday, 25 July 2013 06:42 PM

සමහර අය අදහස් දක්වමින් හොරකම, ආගම සහ දුපත්කම පටලවාගෙන, වැරැද්ද සාධාරණීය කරන්න යනවා. (නි)

:       0       0

සරත් Thursday, 25 July 2013 05:17 PM

රූපවති අක්කේ, ඔබ හරි. ‍ (නි)

:       0       0

රූපවතී Thursday, 25 July 2013 04:49 PM

පව්! දුප්පත් හොරා ගැන දුකයි තමා. ඒත් අපිට කළයුතු දෙයක් නැහැ. ලංකාවේ දැන් මිනිසුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ.රැකියා නැහැ ආදායමක් නැහැ, ඒක නිසා ෂණික දේවලින් අපරාද වලින් මිනිසුන් මුදල් හොයන්න පෙලබිලා ඉන්නේ. බඩගිනි දැනෙන විට රට ජාතිය ගැන හීතෙන්නෙ නැහැ. ලොකු මිනිසුන්ට මේවා කිවුවට තේරෙන්නෙ නැහැ.ඒ වුනාට වාර්තා නම් දෙනවා ලෝකෙට, ලංකාවේ ඒක පුද්ගල අදායම ඇමරිකන් ඩොලර් 3000ය් කියලා. දවසට එක ඩොලරයක් අදායමක් නැති අන්ත දුප්පත් අසරණයෝ ලංකාවේ ඉන්න වග ලෝකය දන්නවා. (නි)

:       0       0

සිරි Thursday, 25 July 2013 04:30 PM

මනුතාපයේ ජනවර්ජන කුසගින්නට හොරකම් කලේ පාන් ගෙඩියක්. අනුන්ගේ කරුංකා හොරකම් කරන්නේ කුසගින්නට නෙවෙයි. ඔහොම කට්ටිය හොරකම් කරලා කුඩු ගහනවා.(නදී)

:       0       0

පහන් මඩුගල්ල Thursday, 25 July 2013 02:56 AM

මනුතාපයේ ජනවර්ජන පාන් ගෙඩියක් හොරකම් කරලා හිරේ යනවා.ජන්තු ඉන්ස්පැක්ටර් මුලුජීවිත කාලයම ඔහුපසුපස හබා යමින් ඔහුට සමාජගත වීමට ඉඩ දෙන්නේ නැහැ.ඉතිහාසය නැවත නැවත සිද්දවෙනවා. (නි)

:       0       0

කලු Thursday, 25 July 2013 02:01 PM

ඔය හොරකමට ගල්කටස් එකක් හරි කඩුවක් හරි අරගෙන ආවා නම් බලන්න තිබුනා මුදලාලි මුළු සේසතම දීලා පවුලත් දෙනවා. පොඩි වුනත් ලොකු වුනත් හොරකම හොද නැහැ. (නි)

:       0       0

බැනට් Thursday, 25 July 2013 01:16 PM

ගස් බැදපු කෙනා හොදයි අපේ අර ඇමතිතුමාගේ ලේකම්කමට (නි)

:       0       0

බණ්ඩාර Thursday, 25 July 2013 01:02 PM

හොරකම් කරන එක වැරදි තමයි! ඒත් අපේ ලොකු මහත්තුරු හොරකම් කරන්නේ කරුංකද? නැත්නම් අපේ අනාගත පරපුරේ රීරී මාංශයද? (නි)

:       0       0

දයා අළහකෝන් Thursday, 25 July 2013 11:43 AM

මේ මනුස්සයා පවු! (නි)

:       0       0

චන්දි Thursday, 25 July 2013 09:52 AM

මේ මනුස්සය සිය කැමැත්තෙන් බඩු බාන්න උදව් වෙන්න ඇත්තේ කියක් හරි දෙයි කියලා. සමහරවිට ළමයින්ට කන්න දෙන්න පාන් ගෙඩියක් ගන්න වෙන්න ඇති. ඉතින් මුදලාලි කියක්වත් නුදුන් නිසා මෙහෙම කරන්න ඇති. කොහොම උනත් හොරකම් කරන එක වැරදියි. ඒත් අපේ රටේ ලොක්කෝ කරන වැඩ ගත්තම මේක මොකක්ද.? දැන් ගමේ ඉදල ඉවරයි.(නදී)

:       0       0

සරත් Thursday, 25 July 2013 09:42 AM

නෝනා ගෙන් නම් බේරෙන්න බැරිවේවි කාලාන්තරයකට. මොකද හැරුණත් "කරුංකා" කතාව නම් එලියට එනවාමයි. (නි)

:       0       0

වෙනුර Thursday, 25 July 2013 08:58 AM

මෙහෙම මිනිස්සුන්ට ගහන්න හෝද නැහැ. ආසාවට නෙමේනේ හොරකන් කරන්නේ. කරුණු කාරනා අහලා බලලා කරන්න පුළුවන් උදුවක් කරනවා මිසක්. තව මනුස්සයෙක්ට ගහන්න අපට අයිතියක් නැහැ. එහෙම කරන්න අපි කව්ද? ඔය වගේ වැඩ වලට ගහන්න ගියොත් ඉස්සරලම ගහන්න වෙන්නේ කොහාටද කියලා දන්නවනේ.  ඒ ඔක්කොම හොරු නෙමේද?උන් හොරකන් කරන්නේ..හෙට උපදින දරුවාගේ සතුට නෙමේද?.(නදී)

:       0       0

සරත් Thursday, 25 July 2013 08:33 AM

අනිවාර්‍යෙයන්ම මිනිහට ගෙදර ගියහම හිතෙයි පොලිසියට බාර දුන්නා නම් මීට වැඩිය හොඳයි කියලා. දැන් ඉතින් කාරුංක කරගන්න තමයි වෙන්නේ.(නදී)

:       0       0

මුදලාලි Thursday, 25 July 2013 06:11 AM

අපරාදේ පොලිසියට ගන්න තිබුනේ.(නදී)

:       0       0

විමලින්ද්‍ර Thursday, 25 July 2013 05:51 AM

හරිම දුක හිතෙන කතාවක් උදේ ඉදං රෑ වෙනතුරු බුදුදහම ඇහෙන අපේ රටේ මනුස්සයකුගේ අසරන කම දුටුවහම මොනතරම් උදව් කරන්න ඕනද?  මේ තරම් අසරණ උන මනුස්යෙකුට මොන තරම් හිත් වේදනාවකට කලකිරීමකට පත්වෙන්න ඇද්ද. අපේ රටේ මිනිස්සුන්ට බුදු දහම ඉගෙන ගන්න කලින් මිනිස් කම මොකක්ද කියලා කියල දෙන්න. ඊට පස්සේ පන්සල් අරින්න ඕන ඇත්තතටම කියනවනම් මේ දුප්පත් මනුස්සයට හිරිහැර කරපු අය මිනිසුන් නෙමෙයි තිරිසන්නු. (නදී)

:       0       0

හේරත් Thursday, 25 July 2013 05:48 AM

මට පේන්නේ මහාචාර්ය වෙළෙන්දෙක් හා සමෘද්ධියේ සංකේතයක්...වැරදිද මන්දා. ජංජාලයයි.(නදී)

:       0       0

උපාලි Thursday, 25 July 2013 03:51 AM

මනුෂ්‍යත්වය පිලිබඳ කරුණු රාශියක් කියවෙන පුවතක්. මිනිහ අන්ත දුප්පතෙක්. දෙදරු පියෙක්. කීයක් හරි හොයාගන්න කැමැත්තෙන්ම බඩු බෑමටත් ඉදිරිපත්වෙලා තියෙනවා. කරුංකා ගෝනියක් අරගෙන පැනලා දුවන එක ලේසි නැහැ අහුවෙනවාමයි. ඒ කියන්නේ මිනිහා පුරුදුකාර හොරෙක් නෙමෙයි. වෙළඳ සැල් හිමියාත් ප්‍රශ්නය හරිහැටි තේරුම් ගෙන අනුකම්පා කලා. මිනිහව පොලිසියට බාර දුන්නේ නැහැ. නමුත් වැරැද්දක් කලබව මතක හිටින්නත් එක්ක බිරිදට බාර දුන්නා. (ඌණ පූරණය: 1. මම වෙළෙන්දා වුනා නම් සල්ලිත් කීයක් හරි අතට දීලයි යවන්නේ. 2. පොලිසියට බාර දුන්නා නම් මීට වැඩිය හොඳයි කියලා මිනිහට හිතුනද දන්නේ නැහැ ගෙදර යන අතරෙ) (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site