(මොරගොල්ලාගම සිසිර කැලේගම)
විවාහ ලේකම්වරියකගේ විමසිලිමත්භාවය නිසා කඩිමුඩියේ විවාහයක් සිදුකර ගැනීමට රාත්‍රියේ ආ යුවළකගේ තතු හෙළි කරගන්නා අවස්ථාවේ දී ඊට අත්සන් කිරීමට පැමිණි සාක්ෂිකරුවන් යුවළ අතහැර දමා පලා යෑමේ පුවතක් වයඹ පළාතෙන් වාර්තා විය.
සිද්ධිය අනාවරණය වෙන ආකාරයට මෙලෙසය.
විවාහ ලේකම් නිවසට ඉකුත් රාත්‍රියක විවාහයක් සිදුකර ගැනීමට පැමිණ ඇත්තේ පිටස්තර ප්‍රදේශයක සිට ඊට අදාළ පාර්ශවයන්හි සාක්ෂිකරුවන්ද කැටුවය.
පැමිණි කාන්තාව අතේ අවුරුදු තුනක් වයසැති දැරියකි. විවාහ ලේකම්වරිය දරුවා කාගේදැයි විමසන අවස්ථාවේදී ඇය තමාගේ බවත්, ඇයට උප්පැන්නයක් සකසා දැරිය පාසල් යැවීම උදෙසා මෙලෙස විවාහය සිදුකර ගැනීමට පැමිණි බවත් කාන්තාව එහිදී පවසා ඇත.
උප්පැන්නයක් නැති අවුරුදු තුනක් වයසැති දරුවා තමාගේ නොවන නමුත් දරුවා ද තම බාරයට ගෙන එම කාන්තාව විවාහකර ගැනීමට කැමැති බවට ඇය හා පැමිණි පිරිමි තැනැත්තා ද එහිදි අදහස් දක්වා තිබි.
ඔවුන් ගේ හැසිරීම් රටාව පිළිබඳව සැක සිතූ විවාහ ලේකම්වරිය ඔවුන් ගැන තොරතුරු සොයන්නට කටයුතු කළාය.
ඔවුන්ගෙන් විස්තර අසා විවාහය සිදුකරන මුවාවෙන් ඔවුන් සමඟ කතා කරමින් සිටින අතරවාරයේ ඔවුනගේ තොරතුරු විමසන ලෙසට සිය සැමියාට විවාහ ලේකම්වරිය උපදෙස් දුන්නාය. සිය සැමියාද තම ජංගම දුරකතනයෙන් ඔවුන් පදිංචි ප්‍රදේශවල තමා හඳුණන හිතවතුන්ට කතා කොට විවාහයක් ගිවිස ගැනීමට පිවිස සිටින අය ගැන වහාම තොරතුරු සොයා දෙන ලෙසට දැනුම් දී තිබි.
ඒ අනුව තතු සොයා ගිය හිතවතකු දැනුම් දී ඇත්තේ සිය සැමියා හේනේ පැළට ගිය අවස්ථාවේ දී ඔහුගේ විවාහක බිරිද සිය දරුවාද කැටුව නිවහන වසා මෙලෙස නව විවාහයකට පැමිණ ඇති බවයි. ඒ සමඟම ඇය විවාහකර ගැනීමට පැමිණි පිරිමි තැනැත්තාද තම බිරිය නිවසේ නිදා සිටියදී කුඹුරට යන මුවාවෙන් මෙහි පැමිණ ඇති බවට අනෙක් හිතවතාද තොරතුරු දැනුම් දී තිබේ. සිද්ධිය දැනගත් විවාහ ලේකම්වරිය හෙළි වූ කරුණු කසාදයට සූදානම් වූ නව යුවළ ඉදිරියට ගෙන පැහැදිලි කරන අතරවාරයේ දී එන පොට වැරදුණු බව වටහා ගත් ඊට සාක්කියට අත්සන් කිරීමට පැමිණි පාර්ශවකරුවන් ඔවුන් දෙදෙනා නිවසේ සිටිය දී කිසිවෙකුටත් නොකියා පලාගොස් ඇත.
ඒ සමඟම විවාහයට පැමිණි යුවළ ද විවාහ ලේකම්වරිය පවසන මෙම තතු කෙසේ සොයා ගත්තාදැයි ඒ පිළිබඳව පුදුමයට පත්ව මෙන් කුඩා දරුවාද රැගෙන ලැජ්ජාවට පත්ව මුණිවත රකිමින් ඉන් නික්ම ගොස් ඇත.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කසාද බඳින්න ඇවිත් පොට වැරදිලා සාක්කියට ආ දෙන්නාත් පැනගිහිල්ලා
himal Friday, 31 August 2018 08:06 AM
කාන්තාවකට සැකයක් ඇති වූ විට එෆ්. බී. අයි. එකටත් වඩා හොඳින් රහස් පරීක්ෂක කටයුතු කරයි කියන්නේ ඔන්න ඕකයි.