X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 23 වන සඳුදා


කළු කුමාරයාට බයේ දේවාලයට ආ තරුණියට අතවර කරන්න හැදූ කපුවා කපෝති

කළුකුමාර දෝෂය දුරු කර ගැනීමට දේවාලයක පිහිට පතා ගෙන ගිය තරුණියට (17) අතවර කිරීමට තැත් කළැයි කී කපුවකු (51) ඊයේ (27) අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.


නිරතුරුවම සෑදෙන උදරයේ වේදනාව, හිීනෙන් බයවීම නිසා ඥාතියකු මාර්ගයෙන් දුර බැහැර ප‍්‍රදේශයක දේවාලයකට ගිය තරුණිය එම දේවාල කපුවා ආරූඪයෙන් පැවසූ ප‍්‍රතිකර්මය කිරීම සඳහා පොල්ගස් ඕවිට ප‍්‍රදේශයේ දේවාලයකට ගිය දෙවන දිනයේ දී මෙම අතවරය වී ඇතැයි පොලිසිය කියයි.


සැකකාර කපුවා තරුණියට පළමු දවසේ තෙල් වර්ගයක් ඇඟ ගිල්වීමෙන් අනතුරුව රතු පාටට හුරු පැදුරක්, රතු රෙද්දක්, පාට හතකින් යුත් චීත්ත රෙද්දක්, පාට හතකින් යුත් මල්, එක නැට්ටේ දෙහි ඇතුළු විවිධ දෑ ඇතුළත් ලැයිස්තුවක් ලබාදී කෙම්මුර දිනයක නා පිරිසුදු වී පැමිණෙන ලෙස දන්වා ඇතැයි තරුණිය කළ පැමිණිල්ලේ සඳහන් වේ.


කපුවාගේ උපදෙස් පරිදි ඔහු ලවා භාණ්ඩ ලැයිස්තුවේ සියලූම භාණ්ඩ රැගෙන සහෝදරයාත් සමග දේවාලයට ගිය තරුණිය පමණක් දේවාලය තුළ තිරය පිටුපසට ගෙන යට ඇඳුම් ගලවා දමා කෙම කිරීමට සූදානම් වන ලෙසත් රතු රෙද්ද ඇෙඟහි දවටා ගෙන ගෙන එන ලද පැදුර එලා චීත්ත රෙද්ද දමා සැතපෙන ලෙස පවසා සැකකාර කපුවා තිරය පිටුපස හිඳ ස්ත්‍රෝත කියමින් හලං නාද කර ඇතැයි පොලිසිය කියයි.


අනතුරුව තරුණිය අසලට ගොස් ඇති කපුවා දෙහි ගෙඩි ගෙන හිසට උදරයට හා පාදයට තබා දෙහි කපා ඇත.
පසුව සැකකාර කපුවා තෙල් වර්ගයක්  තරුණියගේ ඇෙඟ් පැය භාගයකට ආසන්න කාලයක් ගා පිරිමැද ඇතැයි පොලිසිය කියයි. ටික වේලාවකට පසුව සැකකාර කපුවා තරුණියගෙන් ශරීරයට යම් වෙනසක් දැනෙනවාදැයි ප‍්‍රශ්න කර ඇති අතර අනතුරුව තෙල් ගල්වා ඇතැයි ද පැමිණිල්ලේ සඳහන් වේ.


දේවාලය තුළ දී වූ සිද්ධිය නිවැසියන්ට පවසා ඇති තරුණිය ඔහුන්ගේ උපදෙස් මත මෙම පැමිණිල්ල කර ඇතැයි පොලිසිය කියයි.
සැකකාර කපුවා ඊයේ කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ප‍්‍රසන්න කුමාර මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක පුෂ්පකුමාර දන්තනාරායන මහතා පරීක්‍ෂණ පවත්වයි.



අදහස් (0)

කළු කුමාරයාට බයේ දේවාලයට ආ තරුණියට අතවර කරන්න හැදූ කපුවා කපෝති

විහග Friday, 28 June 2013 09:40 PM

වෙන මොකවත් නෙමෙයි, තියන මෝඩකම. අසනීපයක් තියනවා නම් දොස්තර කෙනෙක් හම්බ වෙලා බෙහෙත් ගන්න.මම මේ වෙලාවේ එකක් කියන්නම්. මේ බොරු විශ්වාස වලින් අඑත් වෙන තරමට හොදයි. මම දන්නා ලංකාවේ ප්‍රසිද්ධ දේවාලයක පින් කැටේ මීට මස කීපයකට උඩදී හොරු ගත්තා. අද වනතුරු හොරු අහු වුනේ නැහැ .සමහර මිනිස්සු හොරු අල්ලන්න කියලා යන්නෙත් ඒ දේවාලේටම තමා.මේක ලෝක විහිළුවක්. මේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කියලා කියන්නේ තනිකර මිනිස්සු මුලා කරලා සල්ලි හම්බ කරන ජාවාරමක්. මම මේ ගුරුකම් කරන අයට ප්‍රසිද්ධ අභියෝගයක් කරනවා මේ වගේ ඇත්ත නැත්ත මුළු රට ඉස්සරහම් ඔප්පු කරන්න කියලා. ඔච්චර කොඩිවින කරන්න දන්නවා නම් අයි බැරි වුනේ ප්‍රභාකරන්ට කොඩිවිනයක් කරලා ප්‍රභව ඉවරයක් කරන්න (නි)

:       0       0

ඔරිලේ Thursday, 04 July 2013 03:32 PM

කළු කුමාරයෝ දැන් කාලේ ඉන්නේ ඒ කාලේ මිනිස්සු හිටියා කියන තැන් වල නෙවේ.(නදී)

:       0       0

සිරිලාල් Wednesday, 03 July 2013 05:21 AM

දෙවියන් ගැන විශ්වාසයක් තිබෙනවා නම් තෝල්කයන් නැතුව කෙලින්ම දෙවියන්ගෙන් ඉල්ලීම කරන්න. කපුවාට මොකක්ද තිබෙන සුදුසුකම් අපේ ඉල්ලීම් දෙවියන්ට ඉදිරිපත් කරන්න? මේවා අපේ මිනිස්සුන්ගේ මෝඩකම්. (නි)

:       0       0

ප්‍රියංකර Tuesday, 02 July 2013 10:14 PM

කපුවා කපෝතියි නේද? (නි)

:       0       0

දිනුක Tuesday, 02 July 2013 10:17 AM

කෙල්ලටත් හොද වැඩේ. මොකට යනවද නොදන්න තැන් වලට නොදන්න වැඩ කරන්න? (නි)

:       0       0

මනෝජ් Tuesday, 02 July 2013 01:39 AM

හරියට ආගම පිලිපැද්දා නම් ඔහොම වෙන්නේ නැහැ. කපුවා විදී දුක... (නි)

:       0       0

ලලිත් Monday, 01 July 2013 04:58 PM

ඉතින් ඔය කියපු විදිහට මෙයා කෙම කිරීමට සූදානම් වෙලා පැදුර එලා චීත්ත රෙද්ද දමා සැතපිලාද? (දී)

:       0       0

ශශීමාල් Monday, 01 July 2013 09:24 AM

මොකටද අද කාලේ තරුණ ළමයි දේවාල විශ්වාස කරගෙන ඕවට යන්නේ? තමන්ට සෙතක් වෙන්න කියලා හිතාගෙන පන්සලට ගිහිල්ල බෝධි පූාජවක් කළා නම් හරි.බෞද්ධ අපිට තෙරුවන් සරණ විතරයි තියෙන්නේ. (නි)

:       0       0

අප්පුහාමි Sunday, 30 June 2013 09:45 PM

විහග කියනවා වගේ මිනිස්සු කාලය සහ මුදල් නැතිකරගෙන හොරු අල්ලන්නන ගියාදේවාලෙත් කඩලා කවදාහරි පොලිසිය ඇල්ලුවොත් තමා නෙත් එප්.එම් රේඩියෝවෙන් හොර දේවල් ගැන සාක්ෂි ඇතිව ඔප්පුකර පෙන්නුවා. ඒත් මිනිස්සු රැවටිල්ලේ සීමාවක් නැහැ. කවදානම් මොලේ සුද්ද වේද?(නදී)

:       0       0

රූපවතී Sunday, 30 June 2013 11:51 AM

අපේ ලුම්බිනිත් යනවා හැමවෙලේම කපුවො හොයාගෙන. තෙල් ගෑවේ අපේ ලුම්බිනිගේවත්ද? (නි)

:       0       0

රන්දි Saturday, 29 June 2013 04:27 PM

අපේ සරත් මල්ලිටත් කළුකුමාර දිෂ්ටිය වැටෙනවා ලගදීම ,මෝහිනී හොයාගෙන හැමදාම, වැව තාවුල්ලේයි , පාළු ළින් ලගයි, කෙම්මුර දවස් වලට කරක්ගහනවා වැඩියි. පහුගිය දවසක කොහිල වලක ඉදන් දුවලා තියෙනවා. ඒ කෙල්ලටත් වැහුණේ අපේ කළුකුමාර සරත් මල්ලිගේ දිෂ්ටියවද්ද?(නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Saturday, 29 June 2013 04:04 PM

කොහොද තෙල් ගාලා තියෙන්නේ?(නදී)

:       0       0

නිශාන්ති Saturday, 29 June 2013 04:00 PM

අනේ දෙවියනි මෙහෙමත් මිනිස්සු. රෝහල් ටික වැහුවානම් හරි.(නදී)

:       0       0

sana Saturday, 29 June 2013 01:03 PM

සරත්, කතාවේ ඉතුරු ලියලා නැත්තේ ලියන්න බැරි හින්ද වෙන්න ඇති. ලංකාදීප පත්තර බලලා ඔය වගේ ආතල් ගන්න අමාරුයි. ඊමේල් එක දුන්නොත් අසහනය ඉවරවෙනකම් බලන්න ටිකක් එවන්න පුළුවන්.(නදී)

:       0       0

චින්තක Friday, 28 June 2013 11:50 PM

මේ සමාජයේ සිද්ධ වෙන දේවල් දැකලා දැන්වත් මිනිස්සුන්ගේ ඇස් ඇරුනොත් හොදයි. ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ තමුන් අදහන ආගම තුල පමණි . (නි)

:       0       0

තිසල් Friday, 28 June 2013 11:29 PM

රටේ හැම දේම කඩාවැටිලා.මෙහෙම ගියොත් වැඩිකල් නොයා ලංකාව නවතින තැන හිතාගන්නත් බයයි. (නි)

:       0       0

චන්දා Friday, 28 June 2013 11:11 AM

ඔය ගුරාට වයස වැඩියි. හතලියට අඩු නම් ඔය කෙම් ක්‍රමය හරි යනවා. ආයේ පොලිසි යන්න වෙන්නේ නැහැ (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 28 June 2013 08:10 PM

හැමදාම දෙයියන්ට පිදේනි දෙන කපුවට මේ පාර දෙයියෝ පිදේනියක් දීලා වගේ. (නි)

:       0       0

සමීර් Friday, 28 June 2013 08:06 PM

ඔය වයසට එක එක කුමාරවරු වැහෙනවා. එහෙත් කළු කුමාරයාගෙන් බේරෙන්න බලු කුමාරයෙක් ලගට ගියේ මොකටද... ? රාගම, අතුරුගිරියේ, ගොඩගම, පානදුරේ මෙවැනි අය ඉන්නවා ආත්ම විශ්වාසය නැති අය මේවා පසු පස යනවා . (නි)

:       0       0

සිසිර Friday, 28 June 2013 07:11 PM

සේනාවෙන් කරනවානම් කරන්න පුළුවන් හොද වැඩක් ලංකාවේ දේවාල ටික ඉවත් කරන එක. හැබැයි ඔට්ටුයි කරන්නේ නැතුවට. (නි)

:       0       0

සරත් Friday, 28 June 2013 06:59 PM

රන්දි, අපට ආරංචි වුනා ඔයත් ඔය කියන කට්ටියත් එක්ක කළු කුමාර දිෂ්ටිය හොඳ කරගන්න ගම්පහ ඇළේ නනා ඉන්නකොට පොලිසියෙන් ඇවිත් අල්ලාගෙන ගියා කියලා! හොඳ වෙලාවට රූපවතී අක්කා තමයි ගිහින් ඇප දීලා බේරගෙන ඇවිත් තියෙන්නේ! (නි)

:       0       0

දම් Friday, 28 June 2013 04:13 PM

මේකේ හැටියට කෙල්ල විසින් දුර්වල කපුවා මෝහනය කර ඇත.(නදී)

:       0       0

රත්නසිරි Friday, 28 June 2013 03:50 PM

ගොඩක් කාන්තාවන් පත්තරවල කියවන්නේ නළු නිලියන්ගේ ඕපාදූප විතරයි, වැදගත් පුවත් බලන අය අඩුයි. දෙමාපියන් අනෙක් පුවත් බැලීමටද උනන්දු කරනවා නම් ලමුන්ගේ මොලේවත් හැදෙයි.(නදී)

:       0       0

සරත් Friday, 28 June 2013 03:47 PM

චන්ද්‍රා ඔයා මොනවද දන්නේ 51 මොන වයසක්ද? තෙල් ගානකොට තරුණියට මොනවගේ වෙනසක්ද දන්නේ නේ දැනිල තියෙන්නේ නේද? කොහොමහරි කතාවේ ඉතුරු ටිකත් තිබුනානම් තමයි හොද. එහෙම උනානම් අපිට එක එක දේවල් හිතාගන්න වෙන්නේ නැහැ.(නදී)

:       0       0

සරත් ඩු Friday, 28 June 2013 03:37 PM

ඇයි මිනිස්සු මේ වගේ සිද්දී වලට මුණ දෙන්නේ. අද්‍රෘෂ්‍යමාන දේවල් ඕනවට වඩා විශ්වාස කිරීම. අපි පෙර ආත්මවල කරපු හොද නරක අනුව අපේ ජිවිත ගෙවෙන්න ඔය හොර දේවාල කපුවෝ පස්සේ ගිහිල්ලා අපේ ජිවිත කවදාවත් වෙනස් කරන්න බැහැ. ඔබගේ ජිවිත තවත් අදුරට වැටෙනවා. මොකද ඔබලාගේ මුදල් සහ වටිනා කාලය නැතිකර ගැනීම. දැන් ලංකාවේ තියන බිස්නස් වලින් හොදම බිස්නස් එක දේවාල. (අදායම් බද්දෙන් සම්පුර්ණ නිදහස්).(නදී)

:       0       0

රන්දි Friday, 28 June 2013 03:35 PM

අර ගම්පහ දිහාත් තියනවලු ඇලක්. ඒ ඇලෙන් නාපුවම, ඔය ලෙඩේ සුව වෙනවලු. ඔය ලෙඩේ තියන හැමෝම ඒකෙන් පහු ගිය දවස් වල නාලා.(නදී)

:       0       0

තිලක් Friday, 28 June 2013 03:06 PM

මේ කපුවා මසාජ් ක්ලිනික් කාරයෙක් වෙන්නැති. (නදී)

:       0       0

ධනුක Friday, 28 June 2013 02:09 PM

මෝඩ කෙල්ලේ, පරන කාලේ කරපු දේවල් විශ්වාස කරන්න එපා. තේරුනේ නැද්ද කපුවා මොකටද එන්නේ කියලා (නි)

:       0       0

සරත් Friday, 28 June 2013 12:53 PM

ඕකට කියන්නේ කළු නැතිව "කුමාර" දිෂ්ටිය කියලා. (නි)

:       0       0

සංජීව Friday, 28 June 2013 12:50 PM

එකම තැන වැඩිපුර තෙල් ගානකොට තේරෙන්න ඕනෑනේ මු එන්නේ මොකාටද කියලා... නොදැනුවත්කම සහ මෝඩකම (නි)

:       0       0

කුමාරි Friday, 28 June 2013 12:42 PM

දැන් මාධ්‍ය මගින් මෙහෙම දේවල් ගැන කොච්චර දැනුවත් කරනවද? මේ තරුණියගේ භාරකරුවන් ඉක්මනින් මානසික රෝහලකට රැගෙන යා යුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site