X Advertisement
IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


කළු දෙදොල් වෙළෙන්දාගේ ගුරු මුෂ්ටිය හෙළිවී යාළුවත් නැතිවෙලා

අන් අය නිෂ්පාදනය කරන දොදොල්වලට වඩා තමන් නිපදවන දොදොල් ප්‍රමිතිය ඉහළින් තබා පුරාජේරු කථා කළ මිතුරාට ඔහු විසින් දොදොල් කළු පාට කිරීමට යොදන අමුද්‍රව්‍ය රහස අනෙක් දොදොල් නිෂ්පාදන මිතුරා ප්‍රසිද්ධියේ හෙළිකිරීම නිසා ලැජ්ජාවට පත් වූ කළු දොදොල් නිෂ්පාදකයා තම මුහුණේ දැලි ගෑවා පමණක් නොව තමා කබලෙන් ළිපට ඇද දැම්මා යනුවෙන් මිතුරාට දොස් පවරමින් ලිස්සා ගිය පුවතක් වැලිමඩ නගරයේ රස කැවිලි අලෙවිසලකින් අසන්නට ලැබේ. 


දැන ගන්නට ඇති අන්දමට මෙම මිතුරන් දෙදෙනා කලක සිටම වැලිමඩ නගරයට හා අවට කුඩා නගරවල හෝටල් හා රස කැවිලි අලෙවි සැල්වලට කළු දොදොල් ඇතුළු රස කැවිලි නිෂ්පාදනය කර අලෙවි කරනු ලැබේ. මෙයින් එක් මිතුරකු නිෂ්පාදනය කරන දොදොල් තද කළු පාටින් යුක්ත වන අතර අනෙක් මිතුරාගේ දොදොල්වලට කිසිදු වර්ණයක් මුසු නොකර සීනි කළු කිරීමෙන් පමණක් ලැබෙන කළුත් නැති දුඹුරුත් නැති වර්ණයක් ගෙන තිබුණි. 


මෙසේ නිපදවන දොදොල් එකම දින එකම වේලාවක වැලිමඩ නගරයේ රසකැවිලි අලෙවිසල්වලට ගෙනවිත් තිබේ. අදාළ ව්‍යාපාරිකයා තමන් මිලට ගත් දොදොල් සඳහා මිතුරන්ට මුදල් ගෙවන අතරේ දෙන්නම එකවර මුණගැසීම හොඳයි. කොහොමද දෙන්නගේ දොදොල් වලට පාට දෙකක් එන්නේ යැයි විමසා ඇත. කළු දොදොල් නිපදවන්නා තමන් කිසිදු වර්ණ කාරකයක් මිශ්‍ර නොකරන බවත් පවසමින් අනෙක් මිතුරාගේ දොදොල් පිළිබඳව යම් යම් අඩුපාඩු නිසා මෙසේ වර්ණය අඩුව ඇති බවත් පවසා තිබේ. 


මිතුරා තම දොදොල්වල තත්ත්වය හෑල්ලු කිරීමෙන් කෝපයට පත්ව ‘මම නම් දොදොල් හැඳිගාන තාච්චියේ කබලේ පිට පැත්තේ අඩියේ බැඳෙන දැලි මිශ්‍ර නොකිරීම නිසා ස්වභාවික වර්ණයෙන් යුක්ත බවත් දොදොල් හැඳිගාන විට දැලි මිශ්‍ර වතුර එක් වීමෙන් තද කළු පාටක් ඇති වන බව කියා මිතුරාගේ රහස හෙළි කර ඇත. කලු දොදොල් වර්ණ ගන්වන ගුරු මුෂ්ඨිය හෙළිවීමෙන් කෝපයට පත් මිතුරා ලැජ්ජාවට පත්ව අනෙක් මිතුරාට බැණ වදිමින් වසර ගණනක් පැවති මිතු දහමට ද තිත තබා පිටව ගිය බව පැවසේ. 

 



අදහස් (0)

කළු දෙදොල් වෙළෙන්දාගේ ගුරු මුෂ්ටිය හෙළිවී යාළුවත් නැතිවෙලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site