(කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි)
සිය ශරීරයේ ඉනෙන් පහළ පෙදෙසක හටගත් සමේ රෝගයකට ගොඩ වෙදකමක් කිරීමෙන් ඇතිවු දැවිල්ලක් නිසා මහත් සේ පීඩාවට පත් පුද්ගලයකු තමන්ට උන්හිටිතැන් පවා අමතකව කෑ ගසමින් ගම හරහා දිව ගොස් ජලය පිරවූ බැරලයකට බැස සිටි පුවතක් පසුගියදා නවගත්තේගම ප්‍රදේශයට නුදුරු ගමකින් වාර්තා විය.
එම වාර්තාවට අනුව රෝගී පුද්ගලයාට මෙම ගොඩ වෙදකම කළ පුද්ගලයාද යම් හෙයකින් රෝගියා කිසියම් අනතුරක් කර ගනිවී යැයි ඇති වූ සැකය හා බිය නිසා ඔහුව වළක්වාලීමට ඔහු පසුපසින් දිවගොස් ඇති බවත් එම වාර්තාවෙන් කියැවිණි.
වාර්තා වූ අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
රෝගී පුද්ගලයාත් ඔහුට මෙම ගොඩ වෙදකම කළ පුද්ගලයාත් යන දෙදෙනාම මිතුරන් වන අතර මැදි වයසේ පසුවන ඔවුන් එකම ගමේ සැතපුමක පමණ දුර පරතරයක පදිංචිකරුවන් බවද කියති.
කලක සිට සිය ශරීරයේ ඉනෙන් පහළ සමේ කැසීමේ රෝගයකට ගොදුරු වී සිටි බව කියන එම රෝගී පුද්ගලයා ඊට ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝහලකට හෝ ඊට සුදුසු වෛද්‍යවරයකු වෙත යෑමට මැලිකමක් දක්වා ඇත. රෝගය පවතින ස්ථානය වෛද්‍යවරයාට පෙන්වීමට ඔහුට ඇති වූ ලජ්ජාව එසේ නොයාමට හේතුව බවද කියති.
ඒ අනුව කෙමක් යැයි පවසා සිය මිතුරා විසින් දෙහි ඇඹුලෙන් අඹරා දුන් බව කියන ගොඩ බෙහෙතක් මිතුරාගේ නිවසේදීම අදාළ රෝගියාගේ ගෑමෙන් පසුව හටගත් දැවිල්ල දරාගත නොහැකිව ඔහු මෙසේ කෑ ගසමින් ගම හරහා නිවසට දිව ගොස් ඇති බවද පැවසේ.
දැවිල්ලේ හා දිවිල්ලේ තරම කෙතෙක් ද යත් රෝගී පුද්ගලයා ප්‍රතිකාරය සඳහා සිය මිතුරාගේ නිවසට පැමිණ ඇත්තේ යතුරු පැදියකින් බවත් මෙහිදී ඔහුට එයද අමතකවී ඇති බවත් පැවසේ.
මෙසේ නිවසට දිව ගොස් ඇති ඔහු එහි වැසි ජලයෙන් පිරී තිබූ බැරලයකට බැස පැය තුනක පමණ කාලයක් සිට ඇති බවත් පසුව ලැජ්ජාව පසෙකලා බිරියත් සමග නගරයට ගොස් ඊට අදාළ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගෙන ඇති බවත් කියති.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කැසීමට මිතුරා දුන් බෙහෙත ගා දෙවියන් සිහිවෙලා