මගී ප්‍රවාහන බස් රථවල පසුපස ආසනයේ දෙපස මුළුවලට පෙම්වතුන්ගෙන් ඇත්තේ හොඳ ඉල්ලූමකි. රත්නපුර තෙක් ගමන් කිරීමට සූදානමින් පානදුර බස් නැවතුමේ නවතා තිබූ එම පෞද්ගලික බසයේ පසුපස ආසනයේ එක් කොනක සිටියේ පාසල් නිල ඇඳුමින් සැරසුණු පෙම් යුවළකි. අවට ලෝකය ගැන වගේ වගක් නොමැතිව තමන්ගේම ලොවක තනිවූ ඔවුන්ට කිසිදු ලැජ්ජාවක් ඇති බවක් නම් නොපෙනුණේය. සුරතල් පෙම් වදන් දෙදෙනා අතර හුවමාරු වෙද්දී, ඒවා අනික් මගීන්ට ද ඇසුණමුත් මේ දෙපළට ඒ ගැන කිසිදු තැකීමක් නොතිබිණි. බසය නවතා තිබූ නිසා ඔවුන් කතා බහ කළ දේ අවට සිටි සියල්ලන්ටම ඉතා පැහැදිලිව ඇසිණි. එක්වරම කවුළුවෙන් එපිට ඈත ගසක් දෙසට අත දිගු කළ පෙම්වතිය ”බබා ඔයාට පේනවද අර ඈත පේන ගහේ වහලා ඉන්න කුරුල්ලෝ දෙන්නා?” යැයි තම පෙම්වතාගෙන් විමසීය. වහා ඇය පෙන්වූ දෙස ගෙල දිගු කර බැලූ සිසුවා ”ආ ඔව් ඔව්.. අර ඉන්නේ. මට පේනවා. ඒ කපුටො දෙන්නෙක් නේ බබී” යනුවෙන් පැවසීය. ”බලන්න අනේ. උන් කොච්චර ආදරයෙන් ද තුරුලූවෙලා ඉන්නේ. අපි දෙන්නත් ඒ විදියට ඉමු” ඇය පැවසුවේ තම ආදරවන්තයාට තව තවත් තුරුලූ වෙමිනි. ”ඔයාට පිස්සුද බබී. මට නං කොහොම හරි නැගගන්න පුළුවන්. ඒත් ඔයා කොහොමද ඔච්චර උඩ තියෙන අත්තකට නැඟ ගන්නේ” යැයි පාසල් පෙම්වතා පිළිතුරු දෙද්දී ඒ අසා සිටි අයට සිනහව නවතා ගන්නට නොහැකි විණි. මුහුණ රකුසු කරගත් සුරතල් ආදරවන්තිය අතේ තිබුණු රෝස පැහැති මල් කුඩයෙන් තරුණයාට පහරක් එල්ල කර බසයෙන් බැස ගියේ නිකන්ම නොව තම ආදරවන්තයාට සිවුපාවකුගේ නාමයකින් ද සංග්‍රහ කරමිනි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කුරුල්ලො විදිහට තුරුලූ වෙන්න ගිහින් පෙම්වතාට කුඩපහරක්
රුවන්ත Tuesday, 06 March 2012 10:39 AM
නියම කොල්ලෙක්