(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මනාලයකු උපක්‍රමශීලී අන්දමින් මනාලියගේ පියා පීඩාවට පත්කරමින් විවාහයට පෙරම දෑවැද්ද කොටස් වශයෙන් ලබාගනිමින් නිවස අලුත්වැඩියා කරන්නට ගත් උත්සාහයක් නිසා මංගල්‍යය කැඩීබිඳී ගිය පුවතක් පසුගියදා ගම්පහ ප්‍රදේශයෙන් වාර්තාවිය.
යුවතියක අසල්වැසි තරුණයෙකු හා පෙමින් වෙලීසිටියේය. මේ හිතවත්කමට තරුණයාගේ වැඩිහිටියන් දැක්වූයේ දැඩි විරෝධයකි. දින, සති, මාස ගණන් ගතවෙද්දී මේ විරෝධය තරමක් අඩුවිය. තරුණයාගේ මවුපියන් ඇතුළු වැඩිහිටි පිරිස් තරුණියගේ නිවෙසට ආවේ ගියේ මංගල්‍යයේ කටයුතු කතාබහ කර ගන්නටය.
තරුණියගේ වැඩිහිටියන්ද කතිකා කිරීමෙන් පසු මංගල්‍යයට දිනයක්ද තීරණය කෙරිණි. තරුණයා නිතර තරුණියගේ නිවසට යන්නට එන්නටද පටන්ගත්තේ දැඩි විශ්වාසයක් ඇතිකර ගනිමිනි.
මනාලිය බලන්නට එන තරුණයා මනාලියගේ නිවසෙන් කිසියම් දෙයක් ගෙනයන්නට නිතරම කටයුතු කළේය. පැරණි යතුරු පැදිය මනාලියගේ නිවසේ තබා මනාලයා මාමණ්ඩියගේ නවීන පන්නයේ යතුරු පැදිය ගෙනගියේ පසුව ගෙනෙන බව කියමිනි. මාස කිහිපයක් ගතවී යතුරු පැදිය මනාලයා ඔහුගේ එකක් සේ පාවිච්චි කරන්නට පටන්ගත්තේය.
නිතර මාමණ්ඩියගෙන් මුදල් හදල් ඉල්ලාගත් මේ මනාලයා ඒවාද අමතක කරන්නට ක්‍රියාකළේ කිසියම් සැලසුමක් මත බව මාමණ්ඩියට තේරුම් ගොස් තිබිණි. බෑනා මාමාටත් තවත් යෝජනාවක් කළේය. ඒ මංගල්‍යයට පෙර ඔහුගේ නිවස අලුත්වැඩියා කරදෙන ලෙසය. දැඩි ලෙස අබලන්ව ඇති නිවසේ අලුත්වැඩියාව රුපියල් ලක්ෂ දෙක තුනකින්වත් කරන්නට බැරි එකක්විය. ඔහු බිරිය හා පළමුව සාකච්ඡා කළේය. අනතුරුව මනාලියක වෙන්නට පෙරුම් පුරන දියණියටද ඇගේ අනාගත සැමියාගේ ක්‍රියාකලාපය ගැන කියාදුන්නේය. මනාලයා තරුණියගේ අතේ තිබූ මුදල් හදල්ද වරින්වර ඉල්ලාගෙන ඇති බව එහිදී දැනගන්නට ලැබිණි.
සියල්ල දැනගත් තරුණිය තීරණයක් ගත්තාය. තාත්තේ මම මේ මංගල්ලේ කරගන්නේ නැහැ. දැන්ම මෙහෙම නම් ඉස්සරහට මේ මිනිහා මාව මරලාත්දායි කී ඇය හිත හදාගත්තේ කපටියකුට රැවටී ජීවිතය සදහටම අඳුරු කරගන්නට බැරි නිසාය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කොටස් වශයෙන් දෑවැද්ද ගන්න ගිහින් මනාලියත් නැතිවෙලා
lalithm Wednesday, 23 October 2019 02:33 AM
ඇති විශිෂ්ටයි. මොලේ පැදෙන්න කල් ගිය එකට නම් දුකයි.