X Advertisement
IMG-LOGO

2024 නොවැම්බර් මස 01 වන සිකුරාදා


කොට කොටා ගිය බසයේ රියැදුරුගෙන් මඟියාට දෝස්මුරයක්

සෙනසුරාදා දිනයකි. මාර්ග අංක 177 බස් රථයයි. කොල්ලූපිටිය සිට කඩුවෙල දක්වා බස්රථය ගමන් කළේය. එහි මගීන් අට දෙනෙකුවත් සිටියේ නැත. රියැදුරුගේ මුහුණ මලානිකය. කොන්දොස්තරගේ ඊට නොදෙවෙනිය. කොල්ලූපිටිය මන්සන්ධියේ සිට බසය හිමින් හිමින් ඉදිරියට එමින් තබිණි. බොරැල්ලට ආසන්න වෙද්දී බසයට තවත් මගීන් දෙදෙනෙක් එකතු වූහ. යන්නැද්ද  ඕයි මේක. බලනවා කීයදට මේකට නැග්ගේ. දැන් පැය ගාණක් තිස්සේ කොටනවා. කාලකණ්ණි අපේ කාලේ කනවා. හොඳින් හැඳ පැළඳගත් පුද්ගලයෙක් කේන්තියෙන් පුපුරමින් බැන වැදුණේය. කොන්දොස්තර බලාගෙන සිටියේය. ෂික්.. මේ කාලකණ්ණි. නැවතත් මගියා බැන වදින්නට විය. එවට කොන්දොස්තර මෙසේ කීවේය. අපි මොනවා කරන්නද මහත්තයා. බලන්න අපිට දීලා තියෙන වෙලාවට තමයි අපි යන්නේ. ඉස්සරහ බස් දෙකක් යනවා. තව පිටිපස්සෙන් බස් දෙකක් එනවා. කොන්දොස්තරගේ එම කතාවට මගියාද එකටෙක එක කීවේය. රියැදුරු මොහොතක් මේ සියල්ල අසා සිට බස්රථයේ ඇතුළතින් ඇති කණ්ණාඩියෙන් බලා මෙසේ කීවේය. මහත්තයා මහත්තයාගේ කතාව හරි. මම ඒක පිළිගන්නවා. අපි කරන්නේ ලොකු වරදක්. මොකද මහත්තයලා අපිට කාලකණ්ණි කියනවා. ඒක ඇත්ත වෙන්න පුළුවන්. ඒත් අපි කාලකන්නින්ට මහත්තයා කියනවානේ. ඉතින් ඒක වරදක් නොවෙයිද? මිනිහෙකට මිනිහෙක් ගරු කළොත් තමයි ගෞරවය ලැබෙන්නේ. අපි මේ ආශාවට කොට කෙටා යනවා නොවෙයි. එහෙම කරන අයට ඔය කියන වචනය කිව්වට කමක් නෑ. බලන්න මේවා  වතුරෙන් නොවෙයි දුවන්නේ. බස් එකටම ඉන්නේ අට දෙනයි. හවසට සල්ලි නොදුන්නොත් අයිතිකාරයො අපිට දොස් කියනවා. දවල්ට  මගීන්ගෙන් දොස්. අපිත් මිනිස්සු.



අදහස් (0)

කොට කොටා ගිය බසයේ රියැදුරුගෙන් මඟියාට දෝස්මුරයක්

කාලකන්නිය Tuesday, 26 June 2012 12:40 AM

ඔක්කොටම පිස්සු

:       0       0

උත්පල Wednesday, 27 June 2012 12:18 AM

‎177 නම් මතක් කරන්න එපා. ලංගමක නැග්ගම පැයෙන් කොල්ලුපිටියේ... ඔය කියන සිද්දියේ ඉන්නේ මගියෝ 8 යි 9 යි නේ.. බස් එකේ දොරගාවට සෙනග හිටියත් ඊළඟ කෙනා ඇවිල්ල ඇගිල්ලෙන් අනිනකල් යන්නේ නැති ජාතියක් ඔය.. බොරැල්ලට එන්නේ බඩගාගෙන. බොරැල්ලේ ඉඳලා රාජගිරියට කිලෝමීටර් 2 එනවා නිකන් ලෝකේ අල්ලන්න වගේ.. මොකද ඒ ටිකේ සෙනග නෑ නේ. ඊට පස්සේ රාජගිරියේ ඊළඟ කෙනා එනකන් විනාඩි 8 ක් 10 ක් ඉන්නවා.. ඒ ආවට පස්සේ ඔන්න ආයේ කිලෝමීටර් 3ක් වගේ යනවා ලෝකේ අල්ලන්න වගේ.. ඊට පස්සේ ආයේ බත්තරමුල්ලේ ඉන්නවා ආයේ ඇගිල්ලෙන් අනිනකල්. මගියෝන්ගේ තියෙන හොඳකමට ඉවසගෙන යනවා.. හරි මිනිස්සු ටිකක් ඉන්න පැත්තක නම් හැමදාම ගුටි කනවා.. ලබන ආත්මේ ඔය අය ඉපදෙන්නේ ඉබ්බෝ වෙලා මගියන්ගේ සාපෙට!!!

:       0       0

ජානකී Tuesday, 26 June 2012 06:53 PM

හිල්මි ඉන්නෙ මොන රටේ ලන්ඩන්වලද? මම දන්න එංගලන්තෙ ලන්ඩන්වල නම් ට්‍රෑම් කාර් නැහැ.. නොදන්න නිසා අහන්නෙ..

:       0       0

මහාචාර්ය බබාසේන Tuesday, 26 June 2012 01:41 PM

කාලකන්නියා වෙනුවට ටයිම් ඊටර් කිව්වනම් වැදගත් නේද ?

:       0       0

මහාචාර්ය බබාසේන Tuesday, 26 June 2012 02:16 PM

වේලාව ඊටත් වඩා වැදගත්

:       0       0

කමල් Tuesday, 26 June 2012 01:15 PM

මේක ඔයිට ඉස්සෙල්ලා ලංකාදීපෙ දැම්මා වගේ මතකයි.

:       0       0

තිලක් Tuesday, 26 June 2012 01:28 PM

ඩ්‍රයිවර් හරි.....

:       0       0

සව් Tuesday, 26 June 2012 12:30 PM

177 හැමදාම ඔහොම තමා .මේවට කවුරුත් වගකියන්නේ නෑ..

:       0       0

ජහ මනය Tuesday, 26 June 2012 11:20 AM

ඔය ඉතින් සෙනග නැති වෙලවකනේ හොඳට කට කපල හිටපු වෙලාවක ගියානම් යන්නේ රේස් .බැනල වැඩකුත් නැහැ ඉතින් මේ ක්‍රමයේ වැරැද්ද මිසක්.....

:       0       0

ජහ මනය Tuesday, 26 June 2012 11:16 AM

ඔය ඉතින් සෙනග නැති වෙලවකනේ හොදට සෙනග හිටපු වෙලාවක ගියානම් කට්ටියගේ තරගේ බලන්න පුළුවන් . මේ කට්ටියට වැඩකුත් නැහැ ඉතින් මේ ක්‍රමයේ වැරැද්ද මිසක්.

:       0       0

ස්ටීව් Tuesday, 26 June 2012 08:50 AM

හිල්මි, නිකන් බොරු කියන්න එපා.ලන්ඩන් වල ට්‍රෑම් සේවය තියෙන්නේ එහේ එක පැත්තකට විතරයි.ඒත් ඒවත් කොට කොටා යන්නේ නෑ

:       0       0

ප්‍රභාත් Tuesday, 26 June 2012 05:51 AM

ජපානේ බස් එක 8.30 ට නම් තියෙන්නේ 8.30 වෙනකොට එනවා. පහුගිය අවු.10ට එක පාරක්වත් වෙනස් වුණේ නෑ.....

:       0       0

චතුර Monday, 25 June 2012 10:53 AM

ඇත්තටම වැඩක් නෑ මෙ සිල්ලරේ බස් ක්‍රමේ ..මොන රටෙද මෙහෙම තියෙන්නෙ

:       0       0

අබලන් Monday, 25 June 2012 11:44 PM

කොට කොට යද්දී ඩීසල් පිච්චෙන්නේ නැද්ද ? හැම බස් එකක්ම වෙලාවට ගියානම් හරිනේ ?

:       0       0

ෂෙරිෆ් Monday, 25 June 2012 10:01 PM

කාලකන්නිය යනු නරක වචනයක් නොවේ , කාලය කාදැමීමයි .

:       0       0

රංග Monday, 25 June 2012 10:21 PM

ලංගම බස් අඩුකමේ විපාක තමයි. CTB බස් තිබුනා නම් මෙහෙම කොට කොට යන්නේ නැහැනේ.

:       0       0

බෙන් ටෙන් Monday, 25 June 2012 09:40 PM

බස් රථවල සේවය කරන්නේ අහිංසක මිනිස්සු. ඔවුන්ට හැමදාම දොස් තමයි. ඒ වුනාට කරන සේවය නම් මහා පිනක් තමයි. ඒවුනාට හැමෝම බනින්නෙම රිය පදවන මහතාට හා කොස්දොස්තර මහත්තටයි. හයියෙන් ‍ගියත් බනිනවා. සෙමින් ගියත් බනිනවා. ඒ හම්බ කරන සොච්චමෙන් ලොකු ලොකු බිල්ඩින් ගහනව කියල මගීන් හිතනවා ඇති. 177 යනකොට එහෙම තමයි. පව් අහිංසකයෝ දරැ පවුල් ජීවත් කරවන්න මහන්සිවෙනවා මදිවට මිනිසුන්ගෙන් බැණුම් අහනවා..

:       0       0

හිල්මි Monday, 25 June 2012 07:03 PM

ලන්ඩන් වල ට්‍රෑම් කාර් සේවයත් එහොම තමයි.ගණන් ගන්න එපා

:       0       0

කිටී Monday, 25 June 2012 06:50 PM

ඉක්මනට යන්න ඕනිනම් වෙන එකක ගියානම් ඉවරනේ.ඒ මිනිස්සුත් කරන්නේ රස්සාවක්

:       0       0

මනෝජ් Monday, 25 June 2012 04:32 PM

උස් තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ

:       0       0

අමිල කටුනායක Monday, 25 June 2012 03:23 PM

වවුලාගේ ගෙදර ගියානම් එල්ලී සිටිය යුතුයි

:       0       0

ප්‍රියදර්ශනී Monday, 25 June 2012 01:08 PM

ආදර්ශමත් කතාවක්

:       0       0

ගාලු කොලුවා Monday, 25 June 2012 11:44 AM

කතාව හොඳයි....යමක් ගන්න පුළුවන් කතාවක් ....මාතෘකවට ගැලපෙනවා මදි වගේ,,,,,

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site