රත්නපුරය ආශ්‍රිත ගැමියකු තම පවුලේ සමාජිකයන්ට නිතර විඳීමට සිදුවන දුක් කරදර දරාගත නොහැකි වීමෙන් දේවාලයක කපුවකු සොයා ගියේ තම පවුලට සිදුව ඇති වින්නැහිය සාස්තරයක් මගින් අසා දැනගෙන ඊට ශාන්තිකර්මයක් සිදු කිරීමටය.
දේවාලයේදී පේනයක් බැලූ කපුමහතාට කියවුනේ ගම්වැසියා ඇතුළු පවුලේ අයට අසල්වාසී තරහාකාරයකු විසින් කර ඇති බලගතු කොඩිවිනයක් හේතුවෙන් පවුලේ සාමාජිකයින්ට නිතර කරදරවලට මුහුණදීමට සිදුවීමෙන් පවුලේ දියුණුවක් දක්නට නොමැති බවත් ඉදිරියේදී තවත් විශාල කරදර රැසකට මුහුණදීමට තම පවුලේ සාමාජිකයින්ට සිදුවීමෙන් හදිසි වියෝවන් පවා ඇතිවීමට ඉඩ ඇති බැවින් ඊට පෙර කොඩිවිනය කපා සෙත්ශාන්තියක් පවත්වන ලෙසට එම පේනයෙන් කියැවිණි.
ඉන්පසුව ගම්වැසියා කපුමහතා හා සාකච්ඡා කර කොඩිවිනය කැපීමට දිනයක් හා වේලාවක්ද නියම කර ගැනීමෙන් පසු කපුමහතා පැවසූ පරිදි කොඩිවිනය කැපීම සඳහා අවශ්‍ය කුකුළා ජීවම් කිරීම සඳහා ගිවිසගත් දිනට පෙර දින නිවසට රැගෙන ගොස් කපුමහතාට භාර දුන්නේය.
ශාන්තිකර්මය පවත්වන පසුදින උදාවිණි. කපුමහතා කුකුළාද රැගෙන සවස් යාමේ ගම්වැසියාගේ නිවසට පැමිණියද ඒ වනවිටත් ඒ සඳහා ගම්වැසියා විසින් සියලු කටයුතු සූදානම් කර තිබුණි.
ශාන්තිකර්මය අවසන්වීමෙන් වරු තුනක් ගතවීමට මත්තෙන් කුකුළා මියගියහොත් කොඩිවිනය එතැනින්ම කැපී බලරහිත වන බව පැවසූ කපුවා එදින රාත්‍රියේ තොවිලයේ අනෙකුත් කටයුතු පසුදා පහන්වනතුරු පවත්වා වැඩ කටයුතු අවසන් කොට හොඳින් කෑමදී කුකුළා බලාගන්න යැයි ගැමියාට පවසා ගුරුපඬුරු වශයෙන් රුපියල් විසිදහසක මුදලක් ද රැගෙන කපුවා පිටත්ව ගියේය.
එදින රාත්‍රි හත අට වත්ම කුකුළා මියගියේය. මේ නිසා ගැමියාගේ පවුලේ අයට යම් අස්වැසිලක් ලැබුණි. පසුදින උදය කාලයේ ගෙහිමියා මියගිය කුකුල් නාම්බා වළදමන්නට සූදානම් වෙද්දී ඔහුගේ නිවස ඉදිරිපිටින් ගමන් ගත් මිතුරන් කීප දෙනෙකු නිකරුනේ කුකුළා වළ නොදමන ලෙස ගෙහිමියාට පවසා ඔවුන්ගේ ආහාරයට එක්කර ගැනීමට කුකුළා රැගෙන මිතුරෝ එතැනින් පිටත් වූහ.
හම ගැසූ කුකුළාගේ අවයව ඉවත් කිරීමට පිරික්සීමේදී මිතුරන් දුටුවේ මියගිය කුකුල් නාම්බාගේ අධෝමාර්ගය කිසිවකු විසින් තංගුස් නූලකින් අධෝමුඛය තදවන ලෙස මසා දමා ඇති බවය.
මිතුරෝ ඒ බැව් ගෙහිමියාට පැවසූහ. පවුලේ අය කපුවා සොයා ගියද ඒ වනවිටත් කපුවා එම ප්‍රදේශයෙන් අතුරුදන්ව ගොසිනි. එම පවුලට කොඩිවිනය කැපීමෙන් මෙතෙක් යහපතක් සිදුව නැතැයි ද බොහෝ දෙනා කියති.
(ගිලිමලේ අමරදාස අංගම්මන)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කොඩිවින කැපිල්ලේ සත්ත පෙන්වන්න කපුවා කුකුල් බිල්ලේ පස්ස මහලා