X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


කොණ්ඩය කැපිල්ල බාගෙට දමා රාලහාමි රාජකාරියට දුවයි

(අයගම ඩබ්ලිව්.පී. විජේතුංග)
කොණ්ඩය කැපිල්ල පසෙකට දමා රාජකාරිය දේවකාරිය ලෙස සලකා බාගෙට කපන ලද කොණ්ඩය සහිතව ගොස් කසිප්පු ඇල්ලූ පොලිස් නිලධාරියෙකු ගැන අයගමින් වාර්තාවේ.


මොහු අයගම පොලිසියේ සේවය කරන පොලිස් කොස්තාපල් 23740 සරත්චන්ද්‍ර මහතාය.


උඩුගල ප‍්‍රදේශයේ රාජකාරි කටයුත්තකට ඔහු ගියේ තවත් පොලිස් නිලධාරියෙකු ද සමගය. එසේ ගිය ඔහු සහෝදර පොලිස් නිලධාරියාට ඉදිරියට යන්න ඉඩ දී සැලූන් එකක් ළඟ නතර වුණේ කොණ්ඩය කපා ගැනීම සඳහාය.


කොණ්ඩය කපන අතරතුර ඉදිරියට ගිය සිය සගයාගෙන් හදිසියේ දුරකතන ඇමතුමක් ලැබිණි. එම දුරකථන ඇමතුමෙන් පැවසුවේ කසිප්පු රැුගෙන එන පුද්ගලයකු ඉදිරියෙන් පැමිණෙන බවය. ඒ වන විට කොණ්ඩය අඩක් කපාගෙන සිටි මෙම පොලිස් නිලධාරියා කොණ්ඩය කපා ගැනීම පසෙකට දමා වහා ක‍්‍රියාත්මක වී සිය සගයා සමග කසිප්පු රැුගෙන එන පුද්ගලයා අත්අඩංගුවට ගත්තේය.


සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හවුල් වූ අනෙක්් පොලිස් නිලධාරියා වන්නේ අයගම පොලිසියේ පොලිස් කොස්තාපල් 12484 ජයලත් මහතාය.



අදහස් (0)

කොණ්ඩය කැපිල්ල බාගෙට දමා රාලහාමි රාජකාරියට දුවයි

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Saturday, 19 September 2015 03:50 PM

රාජකාරී වෙලාවේ සතුටු සාමීචියේ යෙදෙමින්, පම්පෝරි ගසමින් සිට කෑම වෙලාවේදී ෂොපින් මාර්කට් යන රජයේ සේවයේ නියුතු අනෙකුත් බොහෝ දෙනාට වඩා මෙම නිලධාරීන් දෙදෙනා දඹුලුත් ගිහින් දඩයමත් කරගෙනනේ ඇවිල්ලා තියෙන්නේ ..... (නි)

:       0       0

පතිරණ Tuesday, 22 September 2015 06:54 PM

පොඩි මිනිස්සු වැරැද්දක් කළොත් නම් මෙයාලා රාජකාරිය දේවකාරිය කරගෙනයි අල්ලන්නේ (නි)

:       0       0

අමල් Monday, 21 September 2015 03:59 PM

ඉතිරි බාගේ තව සැලූන් එකකින් නොමිලේ කපාගන්න ඇති (අ)

:       0       0

ප්‍රංශයේ - සුජීව Monday, 21 September 2015 01:39 PM

හොද නිලධාරියෙක් (බ)

:       0       0

සම්පත් Monday, 21 September 2015 07:40 AM

මෙම නිලධාරියට එරෙහිව ආයතන සංග්‍රහය අනුව විනය පරීක්ෂණයක් කළ හැකියි (අ)

:       0       0

රෙජි-සිඩ්නි Monday, 21 September 2015 04:30 AM

තමන්ගේ වැඩ කරගත්තට වෙලාව ආවම රාජකාරියත් ඉටුකළානේ. අනික කොන්ඩෙ තොප්පිය දාගත්තම පෙන්නේ නැහැනේ. පසුව ඇවිත් ඉතිරි ටික කපාගන්න ඇති. (බ)

:       0       0

සහන් Monday, 21 September 2015 03:33 AM

රාජකාරී වේලාවෙන් පිට වුණත් ගොඩක් වෙලාවට අපිට රැකියාව කරන්න වෙනවා. මන් එස්අයි ඉන්න කාලේ රැට කන බත්පත තියලා රාජකාරියට යනවා. තාත්තගේ අවසන් කටයුතු දවසේ උදේ ගියා හික්කඩුවේ කුඩු ඔත්තුවක් ගැන බලන්න. මේ මහත්මය සමහරවිට රාජකාරියෙන් පිට වෙලාවක දී වුණ සිද්ධියක් වෙන්න ඇති.(ම)

:       0       0

රුපවති Sunday, 20 September 2015 06:25 PM

අනිවාර්යෙන්ම සල්ලි දෙන්න වෙනවට තමයි ඔය යාලුවත් එක්ක කතාවෙලා...සුපර් මෑන් වගේ පැනල දුවල තියෙන්නේ..? (ම)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 20 September 2015 12:48 PM

එතුමා කපාගන්න ඇත්තේ රාජකාරි වෙලාවේ වැවුණු කොණ්ඩය වෙන්න ඇති (නි)

:       0       0

මහින්ද Sunday, 20 September 2015 11:05 AM

බාබර්ගේ ගාස්තුව දුන්නද? (ම)

:       0       0

තුවාන් Sunday, 20 September 2015 08:19 AM

හොද දෙයක් අගය කරන්නත් හිතක් ඕන!!(ම)

:       0       0

නිමලරාජ් Sunday, 20 September 2015 07:06 AM

රාජකාරි වෙලාව යොදාගෙන ඇත්තේ පුද්ගලික දේවලට මුත් ඒවා පසෙකලා රාජකාරිය කිරීම අගය කළයුතු දෙයකි (නි)

:       0       0

රෝහිත Sunday, 20 September 2015 06:40 AM

උපක්‍රමයක් විදියට එයාව සැලූන් එකේ නතර කරලා ගියා වෙන්න බැරිද? (නි)

:       0       0

සිරිමෙවන් Saturday, 19 September 2015 09:37 PM

නලින්ගේ අදහසට මාත් එකඟයි (නි)

:       0       0

නිමල් බණ්ඩාර Saturday, 19 September 2015 07:12 PM

සරාගොයියා පොලිස් මතක්වුණා (නි)

:       0       0

රුචිර Friday, 18 September 2015 07:05 PM

රාජකාරි වෙලාවේ කොණ්ඩය කපන්න යන්න පුළුවන්ද? (නි)

:       0       0

ටෙනිසන් Saturday, 19 September 2015 02:31 PM

මේ රාළහාමි කොණ්ඩය කපන්න ගිහින් තියෙන්නේ වැරදි වෙලාවකනේ (නි)

:       0       0

දිනේෂ් Saturday, 19 September 2015 01:53 PM

අනේ අම්මපා මේ මිනිස්සු ! (නි)

:       0       0

රාධා Saturday, 19 September 2015 01:24 PM

කොණ්ඩය කපන්න ගියේ ඔත්තුවක් බැලීම සඳහා නම් එය රාජකාරියට අයත් වේ. (නි)

:       0       0

අහිංසක Saturday, 19 September 2015 11:56 AM

රාජකාරි වෙලාවේ කොන්ඩේ වැවෙන්න හොඳනම් රාජකාරි වෙලාවේ කැපුවම මොකද වෙන්නේ? (ම)

:       0       0

මහේෂ මුතුකුඩ Saturday, 19 September 2015 07:42 AM

මම හිතන්නේ නිලධාරියාගේ වරදක් නෑ. (ම)

:       0       0

දුමින්ද Saturday, 19 September 2015 05:24 AM

දැන් කාගෙ කොන්ඩයද කපන්නේ (ම)

:       0       0

නලින් Saturday, 19 September 2015 04:03 AM

රාජ කාරී වෙලාවට, රාජ කාරී වෙලාවේ වැවුන කොණ්ඩය කැපුවට කමක් නෑ මම හිතන්නේ. අනිත් වෙලාවට වැවුන කොන්ඩ ටික ඉතුරු කරනවනේ. තට්ටයටම ගාන්න තහනම්. අපි මේ අයට සමාව දෙමු. පොලිසියේ අයට රාජකාරි බහුලයි නේ. අනික කොහොම හරි රාජකාරිය කරලනේ. ධනාත්මකව හිතමු. (අ)

:       0       0

පහන් Saturday, 19 September 2015 03:56 AM

නැහැ පොලිසියේ අය කරන්නේ අමාරු රාජකාරියක් එයාලට ඕෆ් වෙන වෙලාවක් නැහැ සිවිල් අදගෙනත් පොලිසියේ .දන්නා කියන අය ඉන්නවනම් අහල බලන්න එයාල කරන්නේ පැය අටේ රස්සාව නෙමේ .ඉතින් කොන්ඩේ කපාගන්න වෙලාවක් නැහැ . (අ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 18 September 2015 11:04 PM

මේ රාළහාමි රාජකාරි වෙලාව තුළ තම පුද්ගලික කටයුතු සඳහා නේද මේ කාලය වැයකරලා තියෙන්නේ? (නි)

:       0       0

ෆර්සාන් Friday, 18 September 2015 09:46 PM

උතුම් වූ නිලධාරීන් දෙපළක් (නි)

:       0       0

සෑම් Friday, 18 September 2015 09:17 PM

රාජකාරිය කරන අතරතුර ගිහින් කොණ්ඩය කපන එකත් වරදක් නේද? (නි)

:       0       0

පාලින්ද Friday, 18 September 2015 07:41 PM

කමක් නැහැ මහත්තයෝ, කොණ්ඩය නම් පස්සේ හරි කපාගන්න බැරියෑ.කසිප්පුකාරයා පැනලා ගියොත් මොනවා කරන්නද?මොනවා වුණත් රාජකාරියට අවංකවම කැපවුණ නිලධාරීන් දෙදෙනෙක්. (නි)

:       0       0

විජිත Friday, 18 September 2015 07:11 PM

රාජකාරි කරන වෙලාවේ කරලා තියන්නේ පුද්ගලික වැඩනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site