ඉරිදා උදේ අටට රාගම ඉඳන් කොළඹ යන පෞද්ගලික බසය පිටත් වුණා. කොන්දොස්තර මල්ලී ඇඳන් හිටියේ ටී ෂර්ට් එකක්. ඩ්‍රයිවර් අයියාටත් එච්චර වයසක් පෙනුණේ නැහැ. කොන්දොස්තර මල්ලී බහින්නේ කොහෙන්දැයි අහමින් සල්ලි අර ගත්තා. හැබැයි ටිකට් එකක් දුන්නේ නම් නැහැ. මහබාගේදී බස් එකේ සෙනඟ බාගයක්ම බැස්සා. බස් එක කොට කොට යන්නට ගත්තේ ඊට පස්සෙයි.
වත්තල පහු කරද්දී කොන්දොස්තර මල්ලිට දුරකතන ඇමතුමක් ආවා. හදිස්සි කෝල් එකක් වාගේ. කලබල වුණු මල්ලී ඩ්‍රයිවර් අයියා ළඟට ඇවිත් බඩු හෑව් කියලා කියන ගමන්, අයිනක ගුලි කරලා තිබුණු කිළිටි නිළ ඇඳුම ඇඳ ගත්තා. පස්සේ එයා බස් එකේ ඔක්කොටම ටිකට් දීගෙන දීගෙන ගියේ ගංවතුර ආධාර බෙදනවා වගේ.
ඉස්සරහට ගිය බස් එක ටික වේලාවකින් පාරේ හිටපු බස් රථ පරීක්ෂක මහත්තුරුන් විසින් නවත්වනු ලැබුවා. මල්ලිගේ නිල ඇඳුම දැකපු ගමන් යන්න කියලා අතින් කීවා. බස් එක පිටත් වුණා. ඩ්‍රයිවර් අයියා දිහා බලපු කොන්දොස්තර මල්ලී ඇහැක් ගැහුවා. දෙන්නම කොක් හඬලා හිනා වුණා.
ක්‍රිස්ටෝපර් සීපියන්
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කොන්දොස්තරත් රියැදුරුත් බස් පරීක්‍ෂකයන් ගොනාට අන්දලා
පිටබැද්දර ජයා Tuesday, 12 July 2016 11:53 PM
මේ හෑල්ලු වෙන්නේ රටේ නීතිය නේද? (නි)
රාධා Wednesday, 13 July 2016 12:58 AM
මෙය දිනපතාම සිදුවන සාමාන්‍ය දෙයක්. කොට්ටාව සිට කොළඹ යන සමහර බස්වල ටිකට් දෙන්නේ නැත. ‘ඇහින්දාස්‘ කට්ටිය තමා සේවකයෝ. ගරාජයේ මජං ඇඳුම, කණේ කරාබුව, කොණ්ඩෙ විච්චූරන. පිටින් බැලුවාම තණමල්විල ගිහින් ආ රජ කුමාරවරුන්ගේ බස් වගෙයි (නි)
නීරු Wednesday, 13 July 2016 04:54 AM
බස් මගීන් විඳින කරදර ගැන හොයන්නේ නැතිව වෙන මොන හොයන්නද? (ම)
අනුරාධ Thursday, 14 July 2016 11:06 AM
මේ ප්‍රවෘත්තිය පෞද්ගලික බස් සංගමයේ සභාපතිට දැන්නුවොත් ඔහුගේ අදහස කුමක්ද කියලා දැනගන්න කැමති. හැම තිස්සෙම ඉල්ලීම් පමණයි. බස් සේවකයන්ගේ විනය ගැන තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැහැ. (නි)
උදාර Thursday, 14 July 2016 01:35 PM
මේවායින් අන්තිමට රැවටෙන්නේ තමන්මයි (නි)
උද්දික Thursday, 14 July 2016 01:35 PM
මේ හෑල්ලුවෙන්නේ රටේ නීතිය. හොඳම වැඩේ රියදුරන්ට පොඩි වැරැද්දටත් බලපත්‍රය අහෝසි කරන එක. එතකොට හරියට යයි. එ් වගේම නැවත බලපත්‍රය ගන්නකොට එය තෙගුණ කරලා එයින් 50%ක්වත් පරීක්ෂා කරපු නිලධාරීන්ට ගෙවන්න ඕනෑ. එතකොට බයටම විනය හැදිලා එයි. (නි)
මෙන්ඩිස් Monday, 18 July 2016 02:02 PM
ඉතින් කවුද රැවටෙන්නේ අන්තිමට? (නි)