(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
යාබද නිවසේ ඇති කරන බල්ලාගෙන් වසර කිහිපයක් තිස්සේ වූ බලු හිරිහැරය, කොවිඩ් 19 ඍජු ආශ්‍රිතයන් වී නිරෝධායනයට ලක්වීමත් සමග නැත්තටම නැති වී ගිය අපූරු පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ.
බලු පැටියා කුඩා කාලයේදී පුළුන් බෝලයක් මෙනි. ඒ නිසාම නිවැසියෝ ඌව සුරතලයට ඇති කිරීමට කටයුතු කළහ. එහෙත් ඌ පාරේ යන වල් බැල්ලකගේ පැටියෙකි.
බලු සුරතලා කුඩා කාලයේදී කවා පොවා නාවා උකුළේ තියා ඇති කළත් ඌ කෙරෙන් නිවැසියන්ගේ අපේක්ෂිත රූපකාය වර්ධනය නොවීය. මව් වල් බැල්ල මෙන් ඇට ගැසිණි. ඒ නිසා බල්ලා ලොකු මහත් වන්නට වන්නට නිවැසියන් ඌට දැක්වූයේ කුඩම්මාගේ සැලකිලිය. එය හරියටම එපා වාහේට හොදි බෙදන්නාක් මෙනි.
මේ නිසාම බල්ලා යාබද නිවසේ ඉඳුල් කන්නට පුරුදු පුහුණු වූයේ නිරායාසයෙන්මය. ඒ විතරක්ම නොව රාත්‍රී කාලයේ උගේ නවාතැන්පොළ වූයේ ද යාබද නිවෙසේ පෝටිපෝවය. යාබද නිවැසියන්ට සිය පෝටිපෝවේ උදෑසනම බලු මැක්කන් රොතු බුරුතු පිටින් අස්පස් කරන්නට සිදුවූයේ වරක් දෙවරක් නම් නොවේ. එමෙන්ම බල්ලා මිදුලේ කැත කරන වාර ගණන ද සීමාවක් නොවීය. මේ බල්ලාගේ බලු කරදරය එම නිවැසියන් නොඉවසුවත් අසල්වාසීන්ට මුවින් නොබැන්නේ යාබද වැට සමග සණ්ඩු සරුවල් කිරීම නොහොබිනා ක්‍රියාවක් මෙන් ඔවුන් තරයේම විශ්වාස කළ නිසාවෙනි.
ඔය අතරවාරයේදී මේ නිවෙස නිරෝධායනයට ලක් කරනුයේ කොවිඩ් 19න් ඍජු ආශ්‍රිතයන් වීම නිසාය. ඒ එක්කම මේ නිවසේ අයෙක් යාබද නිවසේ අයට පවසන්නේ ඔයාලගේ බල්ලා මෙහේ එන එක නතර නොවුණොත් අපට කොවිඩ් ආසාදනය වී තිබුණොත් ඔයාලාටත් බෝවෙන්න බොහෝ දුරට ඉඩකඩ ඇති බවය. ඔව් ඔව් ඒකත් ඇත්ත කොවිඩ් බල්ලන්ටත් බළලුන්ටත් ඇති වෙනවා කියලා මම අහලා තියෙනවා. කියපු එකට බොහෝම ස්තුතියි කියමින් යාබද නිවැසියා එය හිස් මුදුනින්ම පිළිගත්තේය.
නම කියා අඬගසා බල්ලා ගස් බැඳීමට ඒ මොහොතේම අසල්වැසියා කටයුතු කළේය. මේ ක්‍රියාව නිසා බල්ලා එම නිවෙසට පැමිණීම විතරක් නොව ඌව ඊට පසු දින සිට එම නිවසේ ද සිටිනු දක්නට නොලැබිණ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කොරෝනාවට බියවී අල්ලපු ගෙදර බලු වසංගතෙත් නැවතිලා
pakeer Monday, 10 May 2021 09:20 AM
බලු බද්දක් ගහන්න ඕන ලංකාවේ බල්ලෝ හදනවා නම් හරි විදියට හදන්න ඕන නැත්නම් අසල්වාසින්ට මළ කරදරයක්
suddaWednesday, 12 May 2021 05:47 AM
සහතික ඇත්ත. අපේ අම්මලගේ ගෙවල් පැත්තේ කෙනෙක් ඉන්නවා සත්තුන්ට කන්න දෙන. එහෙම ඇවිත් කාලා ආපහු තමන් හිටපු දිහාවටම ආපහු යන බල්ලෙක්ව තව එකෙක් තමන්ගේ වයසක බල්ලාව කොහෙද ගිහින් දාලා අල්ලා ගත්තා. අර අලුත් බල්ලව පරන බල්ලගෙ කූඩුවේ දාලා හරියට කන්න බොන්නවත් නොදී තියන් ඉඳලා දැන් අර මනුස්සයා සත්තුන්ට කන්න දෙන වෙලාවට එලියට දානවා. පුදුම වෙන්න දෙයක් නැති එකම හේතුව ඔය මනුස්සයා තම මවට සිය පරම්පරාවෙන් ලැබුණු ගෙය අම්මාව එලවලා අල්ලන් ඉන්න නිසායි. මේක ඇත්ත කතාවක්. අම්මා ගියා දුවෙක් ළඟට. පුතා මුළු දේපලම තනියෙන් කනවා.