(හක්මණ විශේෂ දෙනගම යසන්ත ආරියසේන)
කාර්යාලයේ සිටින සේවිකාවකට කොරෝනා වැළඳී ඇති බව ආරංචි වූ විගස උන්හිටි තැන් අමතකව කාර්යාලයේ නාන කාමරයට ගොස් ඇඳ සිටි ඇඳුම පිටින් දිය නෑම සිදුකළ නිලධාරිනියක් පිළිබඳව අපූරු කතාවක් දකුණු පළාතේ කාර්යාලයකින් වාර්තා වේ.
ආයතනයේ විශාල සේවක සේවිකාවන් පිරිසක් රාජකාරීවල නියැළෙන අතර එම පිරිස කණ්ඩායම් වශයෙන් සේවයේ යෙදවීමට ආයතන ප්‍රධානියා කටයුතු කර තිබුණි. ජනතාවගේ විවිධ වූ අවශ්‍යතා මෙම කාර්යාලයෙන් ඉටු කෙරෙන අතර කොරෝනා වසංගතය හේතුවෙන් පහසු ඇඳුමක් ඇඳගෙන කාර්යාලයට පැමිණීමට නිලධාරීන්ට අවසර හිමිව තිබූ නිසා මෙම නිලධාරිනිය ද වෙනදා අඳින සාරිය වෙනුවට ඩෙනිම් කලිසමක් සහ එයට ගැලපෙන හැට්ටයකින් සැරසී පැමිණ සිටියාය. ඇඳුම් විලාසිතා පිළිබඳ දැඩි රුචිකත්වයක් දක්වන මැය කාර්යාලයට පැමිණෙන විට විවිධ විලාසිතාවලින් යුත් ඇඳුම් ඇදීම සිදු කළාය.
කාර්යාලයේ සේවය කරන සුළු සේවිකාවකට හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකළ අතර එහිදී සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවක දී ඇය කොරෝනා ආසාදිතයකු බව හඳුනා ගෙන තිබුණි. කාර්යාලය පුරා ආරංචිය ඉක්මණින් පැතිර ගිය අතර කාර්යාලයේ සියලු දෙනා කලබලයට පත්වූහ. ආසාදිත සේවිකාවට කියා උදෑසන ආහාරය සඳහා කෑම එකක් ගෙන්වාගෙන ආහාරයට ගෙන තිබූ නිලධාරිනියට උන්හිටි තැන් අමතක විය. තම අත් බෑගයේ තිබු සබන් කැබැල්ලක් ද රැගෙන නාන කාමරයට දිව ගිය ඇය බියට පත්ව කාර්යාලයේ සිටින බව අමතකව විනාඩි දහයක් පමණ දිය නාද්දී නාන කාමරයට ගිය යෙහෙළියගේ පැමිණීම ප්‍රමාදවීම නිසා තවත් නිලධාරිනියක් ඇය සොයා ගොස් නාන කාමරයේ දොරට ගසා කතා කර ඇත. යෙහෙළියගේ කතා කරන ශබ්දයට ඇය නාන කාමරයේ දොර විවෘත කළ අතර යෙහෙළිය මේ මොකද යනුවෙන් ප්‍රශ්න කළාය. ඇයට තමන් කාර්යාලයේ සිටින බව මතකයට පැමිණීම නිසා යෙහෙළියට විස්තරය පවසා තිබේ. පසුව ඇය නිවසට දුරකථන ඇමතුමක් ලබා දී වෙනත් ඇඳුම් ගෙන්වා ගෙන එම ඇඳුම් ඇඳගෙන නිවසට ගියාය. කොරෝනා ආසාදිතයකුගේ ආශ්‍රිතයෙකු වීම නිසා ඇයට දින දහයක් නිරෝධායනයට ලක්වීමට ද සිදු වූවාය. සියල්ල නිමවී නැවත සේවයට පැමිණෙන විට සිද්ධිය කාර්යාලයේ සියලුම දෙනා අතර පැතිර ගොස් තිබූ අතර කාර්යාල වේලාවේ දී දිය නෑම තහනම් යනුවෙන් සහෝදර නිලධාරීන් විසින් දැන්වීමක් ද නාන කාමරයේ දොරෙහි අලවා තිබූ බව ද පැවසේ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කොරෝනාවට බියවී කාර්යාලයේදී ඇඳුම් පිටින්ම නාගෙන
chinthana Saturday, 24 July 2021 08:18 AM
ඩෙනිම් කලිසම ඇඳන් නෑවා කියලනේ ලියලා තියෙන්නේ. චිත්රයේ තියෙන්නේ සාරියක් ඇඳලා නාන එකක්නේ...