X Advertisement
IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


කොරෝනා කත රෝහල් ගෙනගියාට අසල්වැසි පිරිසක් රතිඤ්ඤා පත්තු කරලා

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොරෝනා ආසාදිත වූ කාන්තාවක රෝහල්ගත කරන්නට රැගෙන යාමෙන් පසු කිසියම් පිරිසක් එම කාන්තාවගේ නිවෙසට රතිඤ්ඤා දල්වා විසි කර දමා අමන සතුටක් පළකළ බව කියන පුවතක් පිළිබඳව පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිල්ලක් ලැබී ඇතැයි බස්නාහිර පළාතේ පොලිස් ස්ථානයකින්  පසුගියදා අසන්නට ලැබිණි.


නිරෝධායනයට ලක් කර සිටි මෙම නිවැසියන් සදහා පී.සී.ආර්. පරීක්ෂණයක් කළ පසු මෙම කාන්තාව කොරෝනා ආසාදිත බව හෙලිවී ඇත. ඒ අනුව සෞඛ්‍ය බලධාරීහු ඇය රෝහල් ගත කරන්නට ගෙන ගොස් ඇත්තේ සුවසැරිය ගිලන් රියක් මගිනි.


ඇය රෝහල්ගත කරන්නට ගෙන ගොස් ටික වේලාවකට පසු මෙම නිවෙස අසලට රතිඤ්ඤා දල්වා දමා කෑකෝ ගසා ඇති අතර අනතුරුව නිවැසියන් මේ බව පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත දැන්වීමට පියවර ගෙන ති‍බේ. ඒ අනුව ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ නිලධාරි පිරිසක් සිද්ධිය පිළිබඳව විමර්ශනයක් කර ඇතත් මේ ක්‍රියාවට සම්බන්ධ වූවන් අනාවරණය කර ගැනීමට ඒ අවස්ථාවේ හැකිවී නැත. 


කිසිවකුගේ රෝගි තත්ත්වයක් හේතුකොට ගෙන සතුට පළ කරන්නට තරම් වත්මන් සමාජය මේ තරම් පහත් හැසිරීමක් පෙන්නුම් කිරීම සමාජයේ පිරිහීම ‍පෙන්වා දෙන කැඩපතක් බව පැවසූ විමර්ශනයට ගිය පොලිස් නිලධාරීහු කෙසේ වෙතත් අනෙක් පාර්ශවයේත් බරපතළ අඩුපාඩුවක් ඇතැයි සැක කරන බව සඳහන් කළහ.

 



අදහස් (3)

කොරෝනා කත රෝහල් ගෙනගියාට අසල්වැසි පිරිසක් රතිඤ්ඤා පත්තු කරලා

sugath Friday, 14 May 2021 11:10 AM

නුගත්කම ඉහවහා ගිය උදවිය.

:       0       15

sampath Saturday, 15 May 2021 03:22 AM

ඕවා මේ රටේ සාමාන්‍ය දේවල්.

:       2       0

Asanka Sunday, 16 May 2021 07:36 AM

රතිඤ්ඤා කරල් එල්ලන්න තිබුණේ බෙල්ලේ...

:       1       8

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site