X Advertisement
IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


කොරෝනා නැකතට අතමිට සරුවෙලා

(කැලණිය - ලාල් එස්. කුමාර) 
පවුලේ ජ්‍යොතිර්වේදියා ලබාදුන් නැකැතට වඩා හොඳ නැකැතක් කොරෝනා වයිරසය ලබාදුන් පුවතක් පසුගියදා කොළඹට නුදුරු ප්‍රදේශයකින් අසන්නට ලැබුණි. 


සිද්ධිය මෙසේය. 


වසර කිහිපයක් විදේශගතව සිට පැමිණි ඔහු කොරෝනා වසංගත තත්ත්වය නිසා පසුගිය මාස කිහිපය ආදායමක් නොමැතිව කල් ගත කළේය. නැවත විදේශගත වීමට නොහැකි බැවින් තමන් උපයාගත් මුදල් යොදවා ව්‍යාපාරයක් කිරීමට ඔහු සිතා ගත්තේය. තම බිරියගේ ද කැමැත්ත පරිදි කඩ කාමරයක් කුලී පදනම මත ලබාගෙන සිල්ලර භාණ්ඩ අලෙවි කිරීමේ වෙළෙඳසලක් ආරම්භ කිරීමට ඔහු කටයුතු කළේය. කිරි පිටි, හාල්, පොල්, අල, ලූණු, පොල් තෙල්, කරවල ආදී අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කිරීමට ඔහු අදහස් කළේය.


ඒ සඳහා සුදුසු නැකැතක් බැලීමට බිරියට පැවැරූ ඔහු භාණ්ඩ එක්රැස් කළේය. 


තම පවුලේ ජ්‍යොතිර්වේදියා ළඟට ගිය බිරියට ඊට සුදුසුම නැකැතක් ඉකුත් බ්‍රහස්පතින්දා ලබාගත්තාය. 


ඒ අනුව ඉකුත් අඟහරුවාදා වනවිට සියල්ල සූදානම් කළේය. තමා විවෘත කිරීමට යන වෙළෙඳසල අසල තවත් වෙළෙඳසල් කිහිපයක් ඇති බැවින් පාලන මිලටත් අඩුවෙන් භාණ්ඩ අලෙවි කිරීමට ඔහු මිල ප්‍රදර්ශන පුවරු ද සැකැසීය. 


බදාදා දිනය උදාවිය. දෙදෙනා වෙළෙඳසලට ගොස් සියල්ල සූදානම් කර පසු දින සුබ හෝරාවෙන් වෙළෙඳසල විවෘත කරන බැවින් හිතවත් ව්‍යාපාරිකයන් දෙදෙනකු ඇතුළු කිහිපදෙනකුට ද ඇරයුම් කිරීමට අමතක නොකළේය. 


එදින දහවල් කිරිබත් පිසීමට අවශ්‍ය කළමනා ද රැගෙන දෙදෙනා තම නිවසට ගොඩවූහ. 


“අම්මේ මෙහෙටත් ඇඳිරිනීතිය දාලා. අද රෑ 10.00ට තමයි දාලා තිබෙන්නේ” යැයි දියණිය පැවැසුවාය. අහල පහළ උදවිය ද වෙළෙඳසල් කරා දිව යන බව පෙනුණි. 


වහා ගොස් ඔවුන් දෙදෙනා වෙළෙඳසල විවෘත කළේය. පාරිභෝගිකයෝ පෝළිමේ එන්නට වූහ. පාලන මිල පුවරු ද පිටුපසට දැමූ ඔහු සිතූ සිතූ ගණන්වලට භාණ්ඩ අලෙවි කරන්නට විය. 


රාත්‍රී 9.00 වනවිට වෙළෙඳසලේ ඉතිරිව තිබුණේ කරවල වර්ග දෙකක් පමණි. රාත්‍රී 9.00ට විතර වෙළෙඳසල වසා මුදල් එකතු කරන ගමන් ඔහු පැවැසුවේ “ඔයාගේ ජ්‍යොතිර්වේදියාට වඩා හොඳ නැකැතක් කොරෝනා ලබා දුන්නා” යනුවෙනි.



අදහස් (1)

කොරෝනා නැකතට අතමිට සරුවෙලා

sana Monday, 26 October 2020 05:25 AM

මේ වෙලා තියෙන්නේ නැකැත් ප්‍රශ්නයක් නොවේ. පාරිභෝගිකයින් ගසා කෑමක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site