(කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත)
අතපත ගා ඇති මුදල් නෝට්ටුවලින් කොරෝනා බෝවේවි යයි බියෙන් අලුත් අවුරුද්දට ගනුදෙනු කිරීමට රැස් කළ මුදල් නෝට්ටු අව්වේ වේළීමට ගොස් රුපියල් විසි තිස්දහසක් අහිමි කරගත් පුද්ගලයකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.
අපේ කතා නායකයා ව්‍යාපාරිකයෙකි. ව්‍යාපාර ස්ථාන රැසක හිමිකරුවෙකි. ධනපතියෙකි. හොඳ හදවතක් ඇත්තෙකි. මේ නිසා සෑම වසරකම අලුත් අවුරුදු ගනුදෙනු කිරීමට ඔහුගේ ව්‍යාපාරික ස්ථානවල සේවක සේවිකාවන් මෙන්ම අසල්වාසීන්, හිතවතුන් ඇතුළු බොහෝ පිරිසක් ඔහු සොයා එති.
මේ බව දන්නා ඔහු අලුත් අවුරුද්ද කිට්ටුවෙමින් සිටියදී මේ වසරේදී ද එම කාර්යට සූදානම්ව සිටියේය. ඒ සිය ව්‍යාපාරික ස්ථානවලට ලැබෙන මුදල්වලින් කොටසක් බැංකුගත නොකරය.
සෑම දෙනාම අතපත ගා ඇති මුදල් නෝට්ටුවලින් කොරෝනා බෝවේ යයි සිතූ බැවින් ඔහු අලුත් අවුරුදු ගනුදෙනු කිරීමේදී තමාට මේ මුදල් අතපත ගෑමට සිදුවන නිසා මුදල් අව්වේ වේළා ගැනීමට සිතුවේය.
ඒ අනුව සිය නිවෙස ඉදිරිපිට මිදුලේ මේසයක් තබා මුදල් අව්වේ වේළා ගැනීමට කටයුතු කර තිබිණ. එදින ගේට්ටුවේ ඉබි යතුරු දමා නොතබා වසා දමා තිබුණේ නිවැසියන්ගේ අමතක වීමෙනි. ප්‍රමාද දෝෂයකිනි. නිවෙසේ ඉදිරිපස දොරද වසා තිබුණේ පුරුද්දට මෙන්ය. ඔවුහු සිය නිවෙස තුළ සිය කාර්යවල නිරතවූවෝය. මිදුලේ වේළීමට තිබූ මුදල් ගැන මතකයද ඔවුනට අමතකවී තිබිණ. මුදල් වේළීමට දමා ඇති බව සිහියට ඇවිත් බලන විට මේසය පමණක් ඉතිරිවී තිබිණ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
2022 ඔක්තෝබර් මස 06
2672
0
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
2022 සැප්තැම්බර් මස 27
2652
2
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
2022 අගෝස්තු මස 15
3638
0
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කෝටිපතියාගේ කොරෝනා භීතිකාවෙන් හිඟන්නකුට ලොතරැයියක් ඇදිලා