X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


ගමේ කතුන්ට දිස්ටි දැමූ ග‍්‍රීස් යකා පොලිස් කූඩුවේ

 

බදුරලිය ලත්පඳුර ප‍්‍රදේශයේ නිවෙස්වලට රාති‍්‍ර කාලයේ දොර ජනෙල් කඩා ඇතුළු වී කාන්තාවන් අතපත ගාන ග‍්‍රීස් යකකු ගම්වැසියන් ලූහුබැඳ බදුරලිය පොලිසියට භාර දී ඇත.

ලත්පඳුරේ නිවෙසකට ඇතුළුවී නිදා සිටි කාන්තාවන්ගේ අඟපසඟ අතගාද්දී ඇය අවදි වී කෑ කෝ ගසන විට ජනේලයෙන් පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.

නිවෙස්වල අය කෑ කෝ ගසන විට අවට පදිංචිකරුවන් ප‍්‍රදේශය වටලා ග‍්‍රීස් තවරා ගෙන සිටි පුද්ගලයා වටකර අල්ලාගෙන ඇත.

මෙම පුද්ගලයා වයස අවුරුදු හැටක් පමණ වන විවාහකයකු බව පොලිසිය කියයි. බදුරලිය පොලිස් ස්ථානාධිපති එම්.ඒ. උඩවත්ත, පොලිස් පරීක්ෂක එච්. ගුණසේකර, සැරයන් සුමනවීර යන මහත්වරු පරීක්ෂණ පවත්වති.



අදහස් (0)

ගමේ කතුන්ට දිස්ටි දැමූ ග‍්‍රීස් යකා පොලිස් කූඩුවේ

රූපවතී Wednesday, 16 September 2015 06:00 PM

පිටබැද්දර ජයා, යනවා එහෙම නොවේ ඔන්න. අතේ තියෙන මුදල් නාස්ති කරගෙන. ඔය තියෙන විදියකට ලංකාවේ ඉන්න ග්‍රීස් යකෙක් බලාගන්න. (නි)

:       0       0

ඔමිල Wednesday, 16 September 2015 12:59 PM

අනේ අම්මපා වයසේ හැටියටද වැඩ? (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 16 September 2015 01:32 PM

ඉනොකලගේ ගෙදරටත් ග්‍රීස යකා බැල්ම හෙලලා වගෙයි ! (අ)

:       0       0

ඉනෝකා Wednesday, 16 September 2015 02:03 PM

පිටබැද්දර ජයාට කාරුණික අරාධනයක් කරන්න කැමත්යි.එංගලන්තයේ මගේ ගෙදරට ඇවිල්ලා බලන්න කියලා ග්‍රීස් යකා බැල්ම හෙලලාද නැද්ද කියලා.....! (අ)

:       0       0

ඉනෝකා Wednesday, 16 September 2015 02:18 PM

පිටබැද්දර ජයාට කියන්න කැමතියි,මම ඉන්නේ බැද්දේ නොවෙයි. පිටරටක. මෙහෙ ඔය කියන ග්‍රීස් යක්කු නැහැ. (අ)

:       0       0

පුජිත Wednesday, 16 September 2015 03:04 PM

අම්මේ !ඉනෝකාට තරහා ගිහිල්ලා වාගෙයි. (අ)

:       0       0

සරත් Wednesday, 16 September 2015 03:05 PM

ඔය නම් දන්නා කියන යකෙක් මයි. නැත්නම් කොහොමද අප්පා කාන්තාවගේ කාමරේ හොයාගත්තේ. (අ)

:       0       0

ඉනෝකා Wednesday, 16 September 2015 03:54 PM

අනේ පූජිත, මේ සබාවේ ඉන්න අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වාගේ. කා එක්කවත් තරහා නැහැ (නි)

:       0       0

එංගලන්තේ ජයා Wednesday, 16 September 2015 03:57 PM

ඉනෝකා, ඔයා ඉන්නේ කොහේද හැබෑටම? (නි)

:       0       0

චන්දි Wednesday, 16 September 2015 05:15 PM

හොඳම ප්‍රතිචාරය දුල්මිගේ ප්‍රතිචාරයයි...!! (නි)

:       0       0

ගුණවර්ධන Wednesday, 16 September 2015 05:58 PM

රූපවති මොනවා කියනවද කියලා මට තේරෙන්නේ නැහැ. ග්‍රීස් යකෙක් අට්ටාලයක බැඳලා තිබ්බට වැඩක් වෙනවද? (නි)

:       0       0

චතුර Wednesday, 16 September 2015 12:54 PM

දැන් ඉතින් ලංකාවේ කාන්තාවන්ට අඳින්න වෙන්නේ යකඩ ඇඳුමක් තමයි. අර ඉස්සර රෝම සොල්දාදුවන්ගේ ඇඳුම වගේ එකක් (නි)

:       0       0

ගුණවර්ධන Wednesday, 16 September 2015 06:13 PM

ලංකාවට නිවාඩුවට ගිය කාලයකදී (මීට අවුරුදු 5 විතර කලින්) අනුරපුරයේ නව නගරයේදී අපි ග්‍රීස් යකෙක් ඇල්ලුවා. නමුත් මේ කියවපු කතා ඇහුවම මට පුදුම හිතුනේ මෙහෙම් අයත් ඉන්නවා නේද කියලයි (නි)

:       0       0

රෙජි-සිඩ්නි Thursday, 17 September 2015 03:35 AM

ඔය ග්‍රීස් කියන්නේ රථවාහන හෝ යන්ත්‍ර වලට බාවිතා කරන ඒවාද?නැතිනම් වෙන ග්‍රීස් වර්ගයක්ද?කව්රුන් හෝ මට පැහැදිලි කර දෙනවාද? (බ)

:       0       0

ප්‍රියන්ත Thursday, 17 September 2015 04:02 AM

මිනිසුන්ට තමන්ගේ අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමට හැකිවෙන පරිදි යම් සීමාවකට යටත්ව තිබෙන්න ඕනෑ. එහෙම නැති නිසා තමයි මෙහෙම අසහනකාරයෝ බිහිවෙන්නේ.කොරියාවේ නම් මේ සඳහා වෙනම ප්‍රදේශයන් තියෙනවා.වයසට ගියා කියලා හැමෝම බණ භාවනා කරගෙන ඉන්නෙ නැහැ. මේවා නවත්තන්න ඕනෑ නම් යම් කතිකාවතක නියැළෙන්න කාලයයි මේ.මේ අදහස වැරදියට අරගෙන මට මඩ ගහන්න නම් එපා කියලා ඉල්ලනවා (නි)

:       0       0

රූපවතී Thursday, 17 September 2015 08:19 AM

රෙජී සිඩ්නි..මම අහල තියෙන විදියට ඔය ග්‍රීස් යක්කු පොල්තෙල් ඇග පුරාවට හිසේ සිට දෙපතුල දක්වාම ගාගේනලු දුවන්නේ..? ඒ කවුරු හෝ හතුරෙකුට අහු උනොත් අල්ල ගන්න ඇති අපහසුව නිසා බේරී යාහැකි ලිස්සා යන ග්‍රීස් ගතියට..එය ප්‍රචලිතව ඇත්තේ, ලේසියටත් දැනගැනීමේ පහසුවටත් ,පොල්තෙල් යකා නොව, ග්‍රීස් යකා යනුවෙනුයි..? (බ)

:       0       0

රෙජි Thursday, 17 September 2015 09:24 AM

මෙහෙම අයට දෙන දඩුවම මොකක්ද කියලා හිතා ගන්න බෑ.(හේ)

:       0       0

දුමින්ද Thursday, 17 September 2015 10:09 AM

අබුද්දස්ස කාලේ (බ)

:       0       0

සිරිවර්ධන Thursday, 17 September 2015 12:35 PM

දැන් ආයෙත් ග්‍රීස් යක්කු ඇවිල්ලද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 17 September 2015 01:17 PM

රූපවතී, මැරුවත් යනවද ඉතින් නගා එපා කිවුවට පස්සේ ? (නි)

:       0       0

ගුණවර්ධන Thursday, 17 September 2015 07:01 PM

නැහැ නැහැ සිරිවර්ධන, දැන් ඉන්නේ පොල්තෙල් යක්කු (නි)

:       0       0

පියුමි Friday, 18 September 2015 03:03 AM

අපේ ගමෙත් ඔහොම එකෙක් ඉඳලා ඇල්ලුවා (නි)

:       0       0

ගයානි Wednesday, 16 September 2015 10:43 AM

ඕනම අසභ්‍ය වැඩක් කරැලා තමන් මානසික ලෙඩෙක් කිලා පෙන්වලා නිදහස් වෙනවා. මෙහෙම ගියොත් ස්ත්‍රී දූෂකයන්ටත් ළමා අපචාර කරන අයටත් අනුකම්පා කරන කාලය වැඩි ඈතක නැහැ වගේ (බ)

:       0       0

ධම්ම Wednesday, 16 September 2015 05:40 AM

අවුරුදු හැටක පුද්ගලයෙක් මෙහෙම හැසිරෙනවා කියන්නේ ඔහු යකෙක්ම තමයි. (නි)

:       0       0

ඉමේෂ් Wednesday, 16 September 2015 05:52 AM

දැන් ඉතින් ඔය ග්‍රීස් යකා ආයෙත් එයි ඇප ලැබුනහම. (නි)

:       0       0

රූපවතී Wednesday, 16 September 2015 06:05 AM

ලංකාවේ මිනිසුන්ට මොකද්ද මේ හැදිලා තියෙන ග්‍රීස් පිස්සුව..? මම හිටියනම් ලංකාවේ කරන්නේ හික්කඩුව වෙරල දිහායින් අට්ටාලයක් ගහල මේ යකාව ඒ අට්ටාලේ උඩ බැදලා තියනවා ඇති වෙනකම් වෙරල දිහා බලාගෙන ඉන්න ..කියල.? මෝඩ මිනිස්සු.. මොනවට මේ නරුමයෝ අවුරුදු 60 ක් නාකිවුනාද..? මිනිහෙක් වගේ ඉපදිලා නරියෙක් වගේ මැරිලා යන තැනට වැඩ කරනවා නම් ආත්මෙටත් නිගාවක්..? (බ)

:       0       0

ගමගේ Wednesday, 16 September 2015 06:20 AM

වයස් ගත වුනාට වයසට නොගිය කෙනෙක්. අවශ්‍යතා පිරිමැහෙන තැනක රැදෙව්වොත් අතපත ගැන ආශාව නැතිවෙලා යාවි. (බ)

:       0       0

මහේෂ් මුතුකුඩ Wednesday, 16 September 2015 07:53 AM

රුපවතී හිතල බලල අදහස් දාන්න. අවුරුදු 60ක විවාහක මිනිහෙක් මෙහෙම වෙලා කියන්නේ ඒ මනුස්සයට මානසික ලෙඩක් කියන එකයි. හික්කඩුවේ අට්ටාල ගහන්න නෙමෙයි තියෙන්නේ ප්‍රතිකාර කරන එකයි කරන්න ඕනේ. හොඳ සිහියක් තියන කෙනෙක් කවදාවත් ඔයවගේ වැඩ කරන්නේ නෑ. (බ)

:       0       0

සතිෂ් Wednesday, 16 September 2015 07:54 AM

හැට පැන්නත් බිමින් යන්නේ නැති වඳුරෙක්. (බ)

:       0       0

ඉනෝකා Wednesday, 16 September 2015 08:48 AM

අවරුදු හැටක මහල්ලෙකුට දොර ජනෙල් කඩාගෙන ගෙට ඇතුල් වෙන්න තරම් හයියක් කොහෙන් ආවාද...? මානසික ලෙඩෙක් වෙන්න ඕනේ.(ම)

:       0       0

රූපවති Wednesday, 16 September 2015 09:03 AM

මහේෂ් මුතුකුඩ මනස අවුල් උණු තැනේ තමයි වරද එකට තමයි හොදම බෙහෙත හම්බවෙලා නැත්තේ ..? ඒ කණි ඔහොම වෙලා තියෙන්නේ ..? (අ)

:       0       0

මොහොමඩ් Wednesday, 16 September 2015 09:03 AM

රුපවති ඔය හරි මෙයා තිරිසනෙක් ඔය වගේ වනචර නාකි (අ)

:       0       0

සෑම් Wednesday, 16 September 2015 09:19 AM

අනේ මේ නිකන් යන්න රුපෝ, ළඟට එනකොටම අද උන, අද ඔලුවේ කැක්කුම, අම්ම තවම නිදි නැහැ , හෙට උදෙන්ම නැගිටින්න තියෙනවා, සහ තව දාහක් දේවල් ඔයා කියන එකේ එයා එහෙමෙ ගිය එකේ වරදක් මම දකින්නේ නැහැ (බ)

:       0       0

චම්පි Wednesday, 16 September 2015 05:40 AM

අනේ අම්මපා මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

දුල්මි Wednesday, 16 September 2015 10:49 AM

තවමත් මේ වගේ වැඩවලට අනේ පව් කියන උදවිය ඉන්නවානේ. අද රටේ ඉන්න විකෘති මානසික තත්ත්ව තියෙන මිනිසුන්ගෙන් වයස 80ක ආච්චි කෙනකුට තියා වයස 4ක දැරිවියකටවත් බේරිල්ලක් නැහැ (බ)

:       0       0

පුජිත Wednesday, 16 September 2015 12:03 PM

අපේ රටේ අවුරුදු 60 නොවෙයි 70 පහුවෙලත් හොඳ ජව සම්පන්න මහල්ලෝ ඉන්නවා. (නි)

:       0       0

චන්දි Wednesday, 16 September 2015 12:11 PM

ඒක තමයි ඉනෝකා, ගෙවල් වල දොර ජනෙල් කඩනතුරු ගෙයි ඉන්න අයට ඇහැරුනේ නැද්ද...? (නි)

:       0       0

කාන්ති Wednesday, 16 September 2015 12:38 PM

මෙච්චර වයසට ගිහිල්ලත් මෙහෙමත් වැඩ! (නි)

:       0       0

මංජු Wednesday, 16 September 2015 12:43 PM

මේ මිනිසුන්ට මානසික ලෙඩ්ඩු කියලා අනුකම්පා කරන්න යන්න අවශ්‍ය නැහැ මට නම් (නි)

:       0       0

සුරනි Wednesday, 16 September 2015 12:45 PM

දැන් බලාගෙන යනකොට තරුණයින් හොඳයිනේ (නි)

:       0       0

ඉනෝකා Wednesday, 16 September 2015 12:50 PM

චන්දි, අපිට නම් පොඩි සද්දයක් ඇහුනත් ඇහැරෙනවා (නි)

:       0       0

සරසි Wednesday, 16 September 2015 12:50 PM

මොකක්ද අප්පේ මේ ලංකාවේ සමහර පිරිමින්ට වෙලා තියෙන්නේ? (නි)

:       0       0

අජිත් Wednesday, 16 September 2015 12:52 PM

ඒක නෙමෙයි මට තිබෙන ප්‍රශ්නය. ග්‍රීස් යකාව කොහොමද දන්නෙ නැහැ ලිස්සනකොට ඇල්ලුවේ? හැට පිරුණත් 'ෆිට් පොරක්' වෙන්න ඇති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site