එදා වැසි සහිත දිනයකි. වේලාව රාත්‍රී හතට පමණය.
”ඉක්මනට මොකක් හරි අරන් එන්න” බිරිඳ කාමරයේ සිට කෑමොර දෙන්නට වූවාය. නිසැකවම කාමරය තුළ සර්පයෙක් ඇතැයි සිතූ සැමියා වහාම මුගුරක්ද රැුගෙන කාමරයට දිවීය. කාමරයේ සිටියේ විශාල ගරුඬෙකි. හෙතෙම රැුගෙන ගිය මුගුරෙන් ගසා ගරුඬා මරා දැමීය.
ශබ්දය ඇසී එතැනට පැමිණි කුඩා දියණිය, ගරුඬා පොඩිවී මැරී සිටිනු දැක හඬන්නට වූවාය. ”ඇයි තාත්තේ මේ සතාව මැරුවේ. පව්නේද සත්තු මරන්න. ඇය ප්‍රශ්න කළාය. කිසි දිනක සතෙක් මරා නොමැති පියාද ඇයගේ ප්‍රශ්නයෙන් නිරුත්තර විය.
”ඒ වුණාට මූ කෑවොත් එහෙම”. මව පැවසූ විට ”එයාව මරන්නේ නැතිව කොස්ස ළඟට කිට්ටු කලාම එයා කොස්සට නඟිනවා. එතකොට එයාව ඈතට විසි කරන්න තිබුණානේ” දියණිය පැවසුවේ ඉකි ගසමිනි.
”හරි ආයේ මම සත්තු මරන්නේ නැහැ පුතේ” යැයි කියමින් දියණියගේ හිස අත ගාමින් පොරොන්දු වූ පියා, ”එන්න අපි කෑම කන්න යමු” පැවසීය. ”අද මට කෑම එපා” දියණිය කුසගින්නේ නිදන්නට වූවාය. වාර්තා වූයේ වේයන්ගොඩ ප්‍රදේශයෙනි.
ක්‍රිස්ටෝපර් සීපියන්
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගරුඬා මැරූ පියාට එරෙහිව දියණිය කෑම වර්ජනය කරලා
මොහොමඩ් Tuesday, 15 September 2015 10:25 AM
තුසිත මාත් කැමතියි මේ ප්‍රතිචාර කියවන්න රුපවති එක්ක එල්ලිලා ඉන්න ඒවා එහෙම කියවන්න (බ)
චන්දි Monday, 14 September 2015 05:34 PM
සරත් ,ගොඩ දවසකින්. සතුටුයි. ඒ වුණාට පාත්තයා කියලා කියන බව දැන් දැනගත්තේ (නි)
සදහම් Monday, 14 September 2015 06:46 PM
නොකිළිටි පුංචි සිත් ඇත්ත ඇති සැටියෙන් දකිනවා. දුරදිග සිතන වැඩිහිටි සිත් බොහෝවිට දකින්නේ සංස්කරණය කළ දෙයක්. (නි)
රූපවතී Monday, 14 September 2015 08:18 PM
දහඅටපාලි නටන්න බැහැ පිටබැද්දර ජයා. ඒක දහඅට වන්නම... අනේ ..! (නි)
ඉමාක් Monday, 14 September 2015 08:22 PM
දියණියගෙන් මතක හිටින පාඩමක් ලැබිලා තියෙන්නේ (නි)
නිලංග Monday, 14 September 2015 10:09 PM
පියා හොඳ පාඩමක් ඉගෙනගන්න ඇති (නි)
රෙජි-සිඩ්නි Tuesday, 15 September 2015 01:19 AM
දැන් අපි මොනවා කිවුවත් සතාට පණ දෙන්න බැහැනේ. පුංචි දෝණිට දැන් ඕක අමතකවෙලත් ඇති. (නි)
පිටබැද්දර ජයා Tuesday, 15 September 2015 01:23 AM
අනේ රූපවතියේ, වන්නම් තියෙන්නේ උඩරට සම්ප්රදායේ, පාලි තියෙන්නේ පහතරට සම්ප්රදායේ (නි)
ඉමේෂ් Tuesday, 15 September 2015 02:14 AM
තාත්තා හොඳ මහත්මයෙක්. ආර්ය ගුණ ඇති උත්තමයෙක්. තමන්ගේ පුංචි දුව කියපු දේ පිළිගත්තා (නි)
නදුන් Tuesday, 15 September 2015 04:39 AM
මෙන්න නියම දරුවෝ! (නි)
තුසිත Tuesday, 15 September 2015 08:07 AM
මම නම් කැමති මේ ප්‍රතිචාර කියවන්න. හරි රසවත් (නි)
චමිලා Monday, 14 September 2015 05:03 PM
ඔය ගරුඬා බැරිවෙලාවත් අර ළමයාව කෑවා නම් ඔක්කොම බනීවි දෙමව්පියන්ට නොසැළකිල්ල කියලා (නි)
පද්මිණී Tuesday, 15 September 2015 10:53 AM
ගරුඩෙක් කෑවොත් කරන වෙදකම මොනවද? දන්නා කෙනෙක් පල කරන්නකෝ. (බ)
රුසිරු Tuesday, 15 September 2015 12:31 PM
පත්තෑයෙක් කෑවොත් නම් රතු ළුෑණු ගෙඩියක් ඇතිල්ලුවත් ඇති. ඒත් ගරුඬා ඊටවඩා ගොඩක් විසයි. ගරුඬරාජ කොල තලලා විස ගලක් එක්ක තියලා බඳිනවා සතියක් විතර යනතුරු (නි)
අජිත් Tuesday, 15 September 2015 02:49 PM
ගොඩක් දවසකින් හොද මාතෘකාවක්!(හේ)
ක්‍රිෂාන්ත Tuesday, 15 September 2015 03:50 PM
ජයා, සන්නි 18යි පාලි 12යි මා දන්නා තරමට. (නි)
හරීන් Tuesday, 15 September 2015 07:13 PM
ගරුඬෙක් කෑවොත් වෙදකමක් අවශ්‍යද? (නි)
රූපවතී Tuesday, 15 September 2015 08:47 PM
ඔය බැද්දේ දුවපැනපු මට මේ මොන වන්නමක්වත් බැරුව ගියා ජයා අයියේ..! (නි)
පිටබැද්දර ජයා Wednesday, 16 September 2015 04:20 AM
පුදුමත් හිතෙනවා රූපවතී නංගියේ (නි)
සමාධි Wednesday, 16 September 2015 01:26 PM
ඒ නංගිට හොද හිතක් තියෙන හින්දා තමා ඒ වගේ දෙයක් එයාගේ තාත්තට කිව්වේ. මොනා වුනත් හොද නංගියෙක්. (අ)
නාලිකා Thursday, 17 September 2015 12:00 AM
හරිම විෂ සතෙක්. මාස තුනකට අධික වේදනාවක්.වසරක් යනතුරු වේදනාව ටික ටික තිබුනා. (නි)
නිර්මල Monday, 14 September 2015 12:50 PM
මේ දියණිය පොඩි වුණත් කොච්චර හොඳද? (නි)
චන්දි Monday, 14 September 2015 06:42 AM
අසේවනාච බාලානං .., පණ්ඩිතානංච සේවනා'' ... උතුම් පාඩමක් අපි හැම දෙනාටම (නි)
අරුණ Monday, 14 September 2015 07:57 AM
මේක උතුම් පාඩමක් අපි හැමදෙනාටම (නි)
අශෝක රළපනාව Monday, 14 September 2015 08:10 AM
ඒ සතා කෑවා නම් කට්ටියට බණ මතක්වෙයි. අනෙක් අතට මේ බත් කන අපිම සත්තු කී දෙනෙක් නම් මරලා ඇද්ද? (නි)
කුමුදු කුමාර Monday, 14 September 2015 08:20 AM
ආදර්ශවත් දරුවෙක් (නි)
ෆර්සාන් Monday, 14 September 2015 10:31 AM
පියා පවුලේ ආරක්ෂාව ගැන සිතුවා, දරුවා අවිහිංසාවාදය අනුව හිතුවා. ආදර්ශවත් පවුලක් (බ)
චන්දි Monday, 14 September 2015 11:36 AM
අසෝක රළපනාව, සොයුර මා දන්නා තරමින් ගැරඩියෙක් කියන්නේ නපුරු සතෙක් නොවේ නමුත් බැරිවීමකින් මා දන්නා කෙනෙක් ගැරඩියෙක් සපා කෑමෙන් පසු ඇයගේ ශරීරයේ බුමිතෙල් ගැවෙන්න බැරිලු දැවිල්ල ගන්නවලු ..(බ)
යෝනක Monday, 14 September 2015 12:11 PM
හොඳ දියණියක් (නි)
අමිල Monday, 14 September 2015 12:12 PM
චන්දි,ගරුඬවයි ගැරඬියවයි අඳුරන්නෙ නැද්ද? (නි)
චමින්ද Monday, 14 September 2015 12:14 PM
චන්දි, ගැරඬියෙක් නෙමෙයි, ඒ ගරුඬා. (නි)
සාමුලී Monday, 14 September 2015 05:50 AM
දරුවාගේ ගුණයහපත්කම පියාටත් ලැබුනා නම් කොච්චර හොඳද? (නි)
පිටබැද්දර ජයා Monday, 14 September 2015 01:22 PM
කාලෙකට පස්සේ ඇවිල්ලා චන්දි මොනවද මේ ලියන්නේ? (නි)
පුජා Monday, 14 September 2015 01:27 PM
ගරුඬා කියන්නේ පත්තෑයාට නොවෙයි නේද? දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
චන්දී Monday, 14 September 2015 01:33 PM
ඇත්ත නේන්නම්. මට වැරදිලානේ. අයියෝ සමාවෙන්න (නි)
අජිත් Monday, 14 September 2015 01:38 PM
මේ පත්තෑයෙක් කියලා කිව්වා නම් චන්දිට තේරෙයි (නි)
පිටබැද්දර ජයා Monday, 14 September 2015 01:42 PM
චන්දි හින්දා හොඳයි. රූපවතී අතින් මේ වරද වුණා නම් කට්ටිය එහෙනම් දහඅටපාලි නටනවා. (නි)
චන්දි Monday, 14 September 2015 03:20 PM
පිටබැද්දර ජයා.., සමාවෙන්න කියලත් ඇයි මේ තරහින් වගේ.., ඇත්තටම අජිත් ඔයා හරි..(බ)
සංජය් Monday, 14 September 2015 03:23 PM
ගරුඬ කියන්නේ පාත්තයෙක් වුනාට වෙන ජාතියක්, ගරුන්ඬො ලොකුයි , දිගයි , කොළ පාටයි (අ)
සරත් Monday, 14 September 2015 04:17 PM
චන්දි, ඒ පාත්තයෙක් නොවැ. අපි ඉස්සර පොල් අතු වියද්දී ඕනෑතරම් පාත්තයෝ අතේ යනවා. උං එහෙම කන්නේ නැහැ. (අ)
හේමන්ත Monday, 14 September 2015 04:52 PM
අනේ මන්දා කට්ටියට අද මොනවා වෙලාද කියලා. චන්දි කියනවා ගැරඬියෙක්ලු. සරත් කියනවා පත්තෑයෙක්ලු. අනේ මන්දා තව මොක්කු ඒවිද කියලා. (නි)