ගස් ගෝන මසට ලොල් වූ ක්‍රීඩකයකු හෝටලයකින් ගෝන මස් කා රෝහල් ගතවීමේ පුවතක් දකුණු පළාතෙන් වාර්තාවේ.
හේ ප්‍රවීණ පාපන්දු පුහුණුකරුවෙකි. ඔහු නැගෙනහිර පළාතට දින දෙක තුනකට ගියේ එහි පැවති පාපන්දු පුහුණු කඳවුරක උපදේශකයකු ලෙස කටයුතු කිරීමටය. දඩ මස්වලට ඉමහත් ප්‍රසිද්ධියක් ඉසුලූ එම ප්‍රදේශයට ගිය ඔහුට දඩමස් කෑමට ඇතිවූයේ බලවත් ආසාවකි.
මේ නිසාම ඔහු මේ පාපන්දු පුහුණු කඳවුරේ සංවිධායකයින්ට සිය අදහස ඉදිරිපත් කළේය. ඔවුහු පාපන්දු පුහුණුකරු දඩමස්වලට ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන හෝටලයකට රැගෙන ගියහ.
‘මොනවද අද කෑමට තියෙන දඩමස්” යයි එහි ගිය ඔවුහු හෝටල් බලධාරීන්ගෙන් ඇසූහ.
“හා මහත්තයා අද විශේෂ ගස් ගෝනා මස් තියෙනවා”
ගෝන මස් යයි කී සැණින් පාපන්දු පුහුණුකරුවාගේ කටට කෙළ ඉනුවේ තමා කවදාවත්ම ගෝන මස් කා නොමැති නිසාය.
පාපන්දු පුහුණුකරු කැඳවාගෙන ගිය අය ඔහුගෙන් ඇසුවේ “සර් කමක් නැද්ද අද තියෙන්නේ ගස් ගෝන මස්ලු” යයි කියමිනි.
“ෂා නියමයිනේ. මම කවදාවත්ම ඔය මස් කාලා නැහැ. කමු කමු අද බලන්න පුළුවන්නේ ඔය මස්වල රස” යයි කීවේ මහත් රුචියකිනි.
කෑමත් සමගම දවසේ විශේෂ ගස්ගෝන මස් පීරිසියක්ද ඔහුට ලැබුණි. තෙල් පිරී තිබූ මස් පීරිසිය දුටු සැණින් ඉහවහා ගිය ප්‍රීතියෙන් ඔහු බත් සහ එළවළුවලට වඩා මස් දමාගෙන කෑවේය. මස් පීරිසි දෙක තුනක්ම භුක්ති වින්දේය.
ඔහු කෑම කා අවසන් වෙනවාත් සමගම තවත් පිරිසක් කෑම ගැනීමට එම හෝටලයට පැමිණියහ. ඒ පැමිණි පිරිස ද ඇසුවේ “අද මොනවාද ස්පෙෂල් තියෙන දඩ මස්” කියාය.
එවිට ඔවුනටද හෝටලේ හිමියා කීවේ අද තියෙන්නේ ගස් ගෝන මස් යනුවෙනි. “අපෝ එපා ගස් ගෝනමස් නම් අපිට එපා. අපි යනවා වෙන හෝටලයකට” කියමින් ඔවුහු ආපසු ගියහ.
මේ දෙබස ඇසූ පාපන්දු පුහුණුකරු තමන් සමග ගිය අයගෙන් ඇසුවේ ඇයි ඒ අය ගෝන මස් එපා කියමින් ගියේ කියාය.
“ගෝන මස් කොච්චර රසද? මමනම් පීරිසි දෙක තුනකටම වගකීවා”යි වැඩිදුරටත් කීවේය.
ඇයි සර් දන්නේ නැද්ද ගස් ගෝන මස් කියන්නේ මොනවටද කියල. අපි හිතුවේ සර් ගස් ගෝන මස් ගැන දන්නවා ඇති කියලයි. ඔවුහු කීහ.
“අනේ නැහැනේ ගස් ගෝන මස් කියන්නේ ගෝන මස්වලට නෙමෙයිද? මම හිතුවේ ගස් ගෝන කියන්නේ ලොකුවට ගහක්වගේ හැදුනු ගෝනකුටයි කියලානේ.
තමන් කෑවේ මොන සතාගේ මස් ද කියා දැන ගැනීමේ දැඩි වුවමනාවක් ඔහුට විය.
සර් ගස් ගෝන මස් කියන්නේ වඳුරගෙ මස් වලටයි. ඔවුන් කී විට ඔහුට ඇති වූ අප්පිරියාව පිටවූයේ වමනය යාමත් සමගය.
වඳුරාගේ කළු හම, එහි තිබූ දිගු මවිල් මතක් වෙන මතක් වෙන විට ඔහුට වමනය ගියේය. උගුරට හානි සිදුවී ලේ වමනයද ඔහුට ගියේ වමනය නතර කර ගන්නට ගත් හැම උත්සාහයක්ම අසාර්ථක වෙමිනි.
අවසානයේ ඔහු ළඟම තිබෙන රෝහලේ නේවාසිකව නතර කරනු ලැබුවේ වමනය නතර කර ගන්නටය.
වමනය යාමත් සමගම ඔහුට ඇතිවූ කෑම අරුචියෙන් පාපන්දු පුහුණු කිරීමට තියා කෙළින් සිට ගැනීමටවත් ශක්තියක් නොවූවෙන් ඔහුට සිදුවූයේ පාපන්දු උපදේශනය අතරමග නවතා ගෙදර යාමටය.
කොහොමද ගස් ගෝන මස් යයි කෙනකු ඇසූ විට ඔහුට දැනුදු වමනයට එන බව කියයි.
(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගස් ගෝන මස් කෑ පාපන්දු පුහුණු කරු රෝහලේ ප්‍රැක්ටිස්