(දේවහුව ප්‍රසාද් ජයකොඩි)
කොන්දේ අමාරුවට බෝඹු පොතු වෙනුවට අලිගැට පේර පොතු බැන්ද මවක පිළිබඳව බම්බාව ප්‍රදේශයෙන් වාර්තාවේ.
දරුවන් තිදෙනෙකුගේ මවක වන ඇය කොන්දේ අමාරුවක් සෑදී බටහිර වෙදකම් කළත් සුව නොවූ නිසා කැඩුම් බිඳුම් වෙදමහතෙකු හමුවී ප්‍රතිකාර ගැනීමට ගොස් එහිදී වෙදමහතා පත්තුවක් බැඳ බෙහෙත් තෙල් සමඟ බෙහෙත් වට්ටෝරුවක් අතට දී කියා තිබෙන්නේ මෙම බෙහෙත් කොටා තුන් වතාවක් පමණ බඳින විට සුව වන බවත් නැවත ඒමට අවශ්‍ය නොවන බවත්ය. පසුදා උදේ කොන්දේ අමාරුව සුව අතට හැරී තිබෙන බව පෙදරේරු රැකියාවේ යෙදෙන තම සැමියාට පවසා මෙම වට්ටෝරුවේ තිබෙන බෙහෙත් සොයා දෙන ලෙස පවසා ඇත. ඔහු බෙහෙත් වර්ග කිහිපයක් සොයා දී රැකියාවට යෑමට පරක්කු වන බව පවසා අක්කාගේ ගෙදර පිටුපස බෝඹු ගසක් තිබෙන බවත් කවුරුන් හෝ යවා බෝඹු පොතු ටිකක් ගෙන්වා ගන්නා ලෙස පවසා ඇත.
ඇයට ආ කේන්තියට කොන්දට අතක් තබාගෙන පිහියක් ද රැගෙන මගේ ලෙඬේට මම ම බෙහෙත් සොයා ගන්නම් කියා අක්කාගේ නිවස අසල තිබූ අලිගැට පේර ගසෙන් පොතු ගලවාගෙන බෙහෙත් වට්ටෝරුවේ ලියා ඇති පරිදි බෙහෙත් කොටා පත්තුව බැඳ ඇත. එම බෙහෙත්වලට සුව නොවූ නිසා නැවත වෙදමහතා හමු වී වෙදමහතා පැවසූ ආකාරයට බෙහෙත් බැන්ද නමුත් කොන්දේ අමාරුව සුව නොවූ බව පවසා ඇත. වෙදමහතා පුදුමයට පත් වී එම බෙහෙත්වල ඉතිරි බෙහෙත් රැගෙන එන ලෙස දන්වා ඇත.
වෙදමහතා එකින් එක බෙහෙත් පරික්ෂා කර බලා මෙය බෝඹු පොතු නොවන බව පවසා ඇත. ඇය වෙද මහතා සමඟ තර්ක කර අක්කාගේ වත්තේ බෝඹු ගසෙන් මෙම පොතු ගලවාගත් බව පැවසීය. වෙදමහතා ගෝලයෙකු යවා එම ගස පරික්ෂා කර බලා බෝඹු ගස ළඟ අලිගැට පේර ගසක් ඇති බවත් අලිගැට පේර ගසේ පොතු ගලවා ඇති බවත් පැවසීය. මේ පිළිබඳව දැනගත් වෙදමහතා මහ හයියෙන් සිනා වී මම පාරම්පරික වෙදමහතෙක් මට බොරු කරන්න බෑ යනුවෙන් පවසා ඇත. ලැජ්ජාවට පත් කාන්තාව මට බෙහෙත් එපා යැයි පවසා ගෙදර ගොස් ඇත.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගස් දෙකක් මාරුවෙලා තිදරු මවට බේතුත් එපාවෙලා