(කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර) අලුත් අවුරුද්ද සමරන්නට යහමින් මුදල් සොයාගැනීමට සිතූ වැඩට පළට කම්මැලි අයකු තම නිවෙස ඉදිරිපිට ඇති තේක්ක ගස විකුණා දැමියයුතුයැයි සිතා කිහිපදෙනෙකුටම පණිවුඩ යැවීය. පණිවුඩ කනවැටුණ බොහෝදෙනෙකු ගස බලන්නට පැමිණියේ සාමාන්‍ය මිලට අඩුවෙන් ගසේ වටිනාකම තීන්දු කළ නිසාය.
කෙසේ වෙතත් ප්‍රසිද්ධ ලී මුදලාලි කෙනෙකු පැමිණ ගස බැලූ සැනින් එහි වටිනාකම හිමිකරුට ලබාදී ඒ මුදලින් අවුරුදු අවශ්‍යතා ඉටුකරග න්නා ලෙසත් අවුරුද්දෙන් පසුව ලී මුදලාලි පැමිණ ගස කපාගෙන යන බවත් කියා පිටත්ව ගොස් තිබිණ.
අවුරුදු හිසතෙල්ගෑමේ නැකත පසුවෙත්ම ලී මුදලාලි ගස කපාග න්නට වාහනයකින් පිරිසක් යවා ඇතත් නිවෙසෙහි හිමිකරු පෙන්වා ඇත්තේ නොමේරූ ගසකි. එහිදී ලී මුදලාලි කැඳවන්නට කටයුතු කළ ගස්කපන්නන් මුදලාලිටද එම නොමේරූ ගස පෙන්වීමෙන් පසු මුදලාලිට තරු විසිවිය.
මොකක්ද මනුස්සයෝ මේ වැඬේ තේරුම මම ගෙවපු ගහ කපාගන ගිහිල්ලනෙ මේක තවම පැළයක්නෙ...... යැයි ගෙහිමියාට දෝෂාරෝපණය කරන්නට විය. එය ගානකටවත් නොගත් ගෙහිමියා අම්මෝ මුදලාලි බඩුවල ගණන්..... මුදලාලිගෙ සල්ලිවලින් ළමයි තුන්දෙනාටයි අපේ එක්කෙනාටයි රෙදි අරගෙන කැවුම් උයන්න බඩුඅරගන බලනකොට සල්ලි ඉවරයි.
ඊට පස්සෙ අර පණිවුඬේ ආරංචිවෙලා ආව පල්ලෙහා මෝලෙ මුදලාලි ඒ ගානටම ගහ එවලෙම අරගෙන ගියා. ඒ සල්ලි වලින් තමයි ඉතින් අම්මලාට ඇඳුම් අරගෙන ඉතිරි වැඩ කරගත්තෙ...... මුදලාලිට ඕනනම් මේ පැළේ තව අවුරුදු 10කින් විතර කපාගන්ට යැයි ඔහු කීය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගස් හිමියාගේ උත්තරෙන් ලී මුදලාලි හොල්මන් වෙලා
yasith Wednesday, 18 April 2018 06:35 AM
මේවා නම් හෙන ගොන් කතා අනේ...