(හසලක වාර්තාකරු)
මිනිපේ ගොවි ජනපදයේ වගා කටයුතු නිමා වීමෙන් අනතුරුව බොහෝ ගම්මානවල පිරිමි කොළඹ ඇතුළු දුර පළාත්වලට විවිධ රැකියාවන් සඳහා පිටත්ව යති. ඔවුන් සාමාන්‍යයෙන් නිවෙසට මාසයකට වරකි එන්නේ.
මාසයකට පමණ ඉහත සිට මෙම ගම්මානයේ පිරිමින් නොමැති නිවාස කීපකට හොරෙන් අත්භූත බලවේගයක් ක්‍රියාත්මක වන බවට ගමේ කඩ පිලේදී කතා බහට ලක්විය. පිරිමින් නොමැති කාන්තාවන් පමණක් සිටින නිවාස අසලට ගොස් ජනේලය හෝ පිටුපස කුස්සියේ දොර මඳක් විවෘත කර එම නිවසේ සිටින කාන්තාව දෙස බලා සිට ඇය දොර හෝ ජනේලය දෙස බැලූ සැනින් මේ බලවේගය වහා අතුරුදහන් වන බව කාන්තාවන් කීපදෙනකු පවසා ඇත. මේ පුද්ගලයා අල්ලා ගැනීමට ගමේ තරුණයන් කිහිප අවස්ථාවකදීම රැකවල්ලා සිටිය ද පලක් වී නොමැත.
දිනක් රාත්‍රියේ 8.00ට පමණ ගමේ තරුණ දෙදරු මවක පමණක් සිටින නිවෙසක ජනේලයක් අසල කිසියම් අයකු ගැවැසෙන බව දැනී ඇය, “අම්මා මෙන්න අපේ ජනේලය ළඟට කවුදෝ ඇවිල්ලා ඉන්නවා. ඉක්මනට අයියලා එක්ක එන්න” කියා ශබ්ද නගා අසල පදිංචි මවට කතා කර තිබේ. ඒ සමඟම එම පුද්ගලයා දිව යන බව ද ඇයට දැනී ඇති අතර ඇගේ කෑ ගැසීමට මව සහ අසල්වාසී තරුණයන් කීපදෙනකු ද එම නිවෙසට පැමිණ ඇත.
තරුණිය සඳහන් කළ ජනේලය අසල පරීක්‍ෂා කළ ගැමියන්ට එම ස්ථානයේ තිබූ ටී ෂර්ට් එකක් දැක ගැනීමට හැකිවී එය කාගේදැයි සොයා බලා ඇත. තරුණයකු ටී ෂර්ට් එක අතට ගෙන පරීක්‍ෂා කර ප්‍රකාශ කර ඇත්තේ මේ ටී ෂර්ට් එක අහවලාගේ බවයි. එයට හේතු වශයෙන් ඔහු පෙන්වා දුන්නේ ටී ෂර්ට් එකේ තැවැරී ඇති තීන්තයි. මේ තරුණයා රැකියාව වශයෙන් ගමේ හා පිට පළාත්වල නිවාසවල තීන්ත ආලේප කිරීමේ නිරතව සිටින අයෙකි. මේ ටී ෂර්ටය එම කටයුතුවල නිරතවන අවස්ථාවලදී අඳින බව තරුණයන් දන්න නිසාත්ය.
ගමේ සැරිසරන අත්භූත බලවේගය අල්ලා ගැනීමට ගමේ තරුණයන් සමඟ පෙරමුණ ගෙන සිටියේ ද මෙම තිස්තුන් හැවිරිදි විවාහක තිදරු පියා බවටත් ගැමියෝ පවසති.
පසු දින උදේ ගමේ තේ කඩය ඉදිරිපිට අඹ ගහේ අත්තක ටී ෂර්ට් එක එල්ලා තිබෙනු දැක ගැමියන් මුදලාලිගෙන් විමසන්නේ “මොකද්ද මුදලාලි මේ?” කියාය. ඔහු එයට උත්තර දෙන්නේ “ගමේ සැරි සැරූ අත්භූත බලවේගය තමා මේ” කියාය. එදින පටන් අත්භූත බලවේගය ගමෙන් පිටව ගොස් තිබූ අතර ටී ෂර්ට් එකේ හිමිකරු ද දින කිහිපයක් ගමෙන් අතුරුදන්ව සිට රාත්‍රී කාලයක ගමට පැමිණ අඹ ගහේ එල්ලා තිබූ ටී ෂර්ට් එක එම ස්ථානයෙන් ඉවත් කර ඇති බවත් ගැමියෝ කියති.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගෑනුන්ට බැල්ම දැමූ භූතයා ටීෂර්ටයෙන් කොටුවෙයි