(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
සිරිතට විරිතට අනුව ලොකු බාස්ට අලුත් අවුරුදු දා ගරු බුහුමන් දැක්වීමට ගොස් ලොකු බාස් සමගම එදින දවස පුරාම පොලිස් කූඩුවේ ලගින්නට වූ පෙදරේරු ගෝලයකු පිළිබඳව පුවතක් දකුණු පළාතෙන් වාර්තාවේ.
තමාට පෙදරේරු කර්මාන්තය දෑතට හුරු කරවන ලොකු බාස්ට ඔහු සැලකුවේ දෙවියකු ලෙසිනි. ඒ නිසාම අලුත් අවුරුදු දා ඔහු ලොකු බාස්ගේ නිවෙස කරා ගියේ බුලත් හුරුල්ලක් ඇතුළුව ඔහු ආශා කරන මත් පැන් බෝතලයක් ද සමගමය. ලොකු බාස්ලාගේ නිවෙසට යන විට එහි ඔහු නොවීය. ලොකු බාස් අසල නිවෙසක බූරුවා සූදු කෙළියේ නිරත වන බව ඔහුගේ භාර්යාවගෙන් දැන ගන්නට ලැබිණ.
තමා ගෙනා ගුරු පඬුරු නිවසේ තබා ඔහු ලොකු බාස් සොයා ගියේය. එහි යන විට ඔහු හරි හරියට බූරුවා සූදු කෙළිමින් සිටියේය. ලොකු බාස්ගේ නියමය පරිදි ඔහුට බූරුවා සූදු කෙළි න තැන වාඩිවී සිටීමට සිදුවූයේය.
ඒ සමගම කවුදෝ දුන්නු ඔත්තුවකට අනුව සූදු පොළ පොලීසියෙන් වැටලුවේය. ලොකු බාස් ඇතුළුව හත් අට දෙනෙක්ම පොලිස් අත්අඩංගුවට පත්වූහ. පෙදරේරු ගෝලයා ද ඒ අතර විය.
තමා සූදු නොකෙළිය බවත් ලොකු බාස් හමුවීමට පැමිණි බවත් පොලීසියට ඔහු ගතු කීව ද වැඩක් නොවීය. බූරුවා ගැසුවත් එකයි ඒ දිහා බලන් සිටියත් එකයි යන කියමන පසක් කරමින් ඔහුට අවුරුදු දා පොලීසියට යාමට සිදුවිය.
අවසානයේ දී නියම කරන ලද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැන්වීමත් සමගම ලොකු බාස්ලාට ගෝලයන්ට පොලිස් ඇප ලැබිණ. ඒ පැය ගාණක් පොලීසියේ අවුරුදු දා සිටීමෙන් අනතුරුවය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගුරා බූරුවෙක් වෙලා ගෝලයා පරිප්පුවක් කාලා
rathgama Friday, 16 April 2021 06:20 AM
තවත් විදිහකට කිව්වා නම්.., පාලකයෝ බූරුවන් වුණාම.. ජනතාවටත් කන්න වෙන්නේ පරිප්පුම තමයි.