බණ්ඩාරවෙල නගරයේ සිට වැලිමඩ දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයකි. පොල් පැටෙව්වාක් මෙන් මගීන් අසුරා තිබුණි. සීතල කපාගෙන බස් රථය ඉදිරියට ඇදුණි.
සීනුව නාද විය. බසයේ සිටි තරුණ ගුරුතුමියක් සෙනඟ අතරින් බොහොම අමාරුවෙන් බසයෙන් බැස ගත්තාය. බසය ඉදිරියට ඇදී තැනින් තැන නතර කරමින් ඉබි ගමනේ යද්දී පසුපසින් හඹා ආවේ ත්‍රිරෝද රථයකි. බසය ඉදිරියට ගිය ත්‍රිරෝද රථය බසය හරස්කර නතර කෙරිණ. රියැදුරා විමතියට පත්විය.
ආවේ තකහනියේම බසයෙන් බැස්ස ගුරුතුමියයි. ඇය කොන්දොස්තරට ළංවී පැවැසුවේ තමන්ගේ ජංගම දුරකථනය සමඟ කුඩා පසුම්බිය බසය තුළ වැටී ඇති බවයි. කොන්දොස්තර මේ බව රියැදුරාට පැවැසූවිට ඔහු ගුරුතුමියට කතා කළේ සිත නිවෙන හඬිනි. ටීචර් බය වෙන්න එපා. මෙන්න මගේ පෝන් එක ටීචර් ඔයාගේ අංකය ඩෑල් කරන්න කියා ඔහුගේ ජංගම දුරකතනය දුන්නේය.
ඒ අතරේ කොන්දොස්තරවරයා බසය මැදට ගොස් කළේ දුරකථනය නාදවන්නේ කොතැන ද යන්න පිළිබඳවය. ඒ හඬ ඇසුණේ ජේත්තුවට ඇඳ පැළඳ අසුනක හිඳ සිටි මැදිවියේ කාන්තාවකගේ අත්බෑගයක් තුළිනි. කොන්දොස්තරවරයා ඇයට පැවැසුවේ කරුණාකර ඔබේ අත්බෑගයේ ඇති ජංගම දුරකථනය අතට ගන්නා ලෙසය. දුරකථනය සමඟම කුඩා පසුම්බිය ඇය කොන්දොස්තරට දුන්නේ විලිබරවය.
මෙය ඔබේ ද කොන්දොස්තරවරයා විමසීය. අනේ නැහැ. මමත් බැලුවේ කාගෙ ද මේක කියල. මේක බෑග් එකට කොහොම වැටුණා ද දන්නේ නැහැ. ඇය නිදහසට කරුණු ද ඉදිරිපත් කළාය.
කමක් නෑ කියා කොන්දොස්තරවරයා ජංගම දුරකථනය සහිත කුඩා අත්බෑගය අතට ගෙන එහි හිමිකාර ගුරුතුමියට දුන්නේය. ගුරුතුමිය සිනා සිසී රියැදුරා වෙත ළංවිය.
අනේ ඩ්‍රයිවර් මහත්තයා, මම ගුරුවරියක් වුණාට මට වඩා ඔයාට මොළේ තියෙනවා ඇය පවසද්දී බසයේ සිටි අයට සිනා පහළ විය.
කුඩා අත්බෑගයේ ජංගම දුරකථනයට අමතරව ගුරුතුමියගේ ජාතික හැඳුනුම්පත හා මාසික පඩිය ද තිබුණි. ඇය ඒවා ද අතට ගෙන පෙන්වා රියැදුරාට මුව නොසෑහෙන සේ තුති පුදා බසයෙන් බැස පැමිණි ත්‍රිරෝද රථයටම නැගී යන්නට ගියාය.
(බදුල්ලේ පාලිත ආරියවංශ)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගුරුවරියගේ දුරකථනය වෙන බෑගයකට ඇවිදගෙන ගිහින්
අබරන් Wednesday, 16 November 2016 10:00 AM
බුද්ධිමත්, විනීත රියැදුරෙක්...... (ම)
ජයතු - අරාබිය Wednesday, 16 November 2016 06:37 PM
හොඳ ආදර්ශයක් සැමට කියාදුන් බුද්ධිමත් රියදුරු මහතෙක්. ඇත්තටම උපහාර පිදිය යුත්තේ මෙවැනි අයටය. .(රේ)
අනිල් Thursday, 17 November 2016 01:05 AM
මේ වගේ දේවල් කොච්චර වෙනවද?(හේ)