පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පසුගියදා සජීවීව විකාශනය වූ අවුරුදු උත්සවයක වසර දෙකකට පෙර තම නිවෙසින් පැනගිය දියණිය දරුවකු වඩාගෙන සිටිනු දැකීමෙන් මවිතයට පත්ව එම උත්සවය පැවැත්වූ ස්ථානය බලා ගිය මවුපියන් පිළිබඳ අපූරු පුවතක් ඇඹිලිපිටිය ප‍්‍රදේශයෙන් පසුගියදා අසන්නට ලැබිණ.
මේ දියණිය තරුණයකු හා පැන ගිය පුවත මෙයට වසර දෙකකට පෙර ප‍්‍රදේශය පුරා පැතිරී ගියත් ඇය සොයා ගැනීමට කිසිවකු සමත්වූයේ නැත.
මේ පිළිබඳව විමසූවිට නක්‍ෂත‍්‍රකරුවකු කියා තිබුණේ අවුරුදු කාලයක මේ පිළිබඳ හරි ආරංචියක් ලද හැකි බවකි.
පසුගියදා රූපවාහිනි සජීවී අවුරුදු උත්සවයක් නරඹද්දී මව දුටුවේ තම නැතිවූ දියණිය කුඩා දරුවකු වඩාගෙන සිටින බවයි. තම සැමියාට ද ඒ බව පෙන්වූ ඇය පසුවදාම උත්සවය පැවැති ඇඹිලිපිටිය ප‍්‍රදේශයට ගියත් ඒ වනවිට උත්සවය අවසන්ව පැවැති නිසා හරි ආරංචියක් ලබාගැනීමට අපහසුව ආපසු ආවාලූ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගෙදරින් පැනගිය දියණිය දරුවකු වඩාගෙන අවුරුදු උත්සවයට ඇවිත්
කළණි Wednesday, 30 April 2014 03:53 AM
කොච්චර වැරදි කළත් අම්මලාට දරුවෝ අතහරින්න බැහැ. දරුවෝ ලැබිලත් මේ දුව අම්මලා අමතක කරලා ඉන්න හැටි? (නි)
ප්‍රියන්ත Tuesday, 06 May 2014 09:19 PM
ළමයා දෙයියෝ දෙන්න ඇති. (නි)
විරාජ් පියුමාල් Monday, 05 May 2014 11:41 AM
දස මාසයක් කුස තුල හැදු අම්මා සහ ආදරණිය පියා අමතක කරලා ඉන්න දරුවෙකුට පුලුවන්ද ? (නදී)
සුදත් Sunday, 04 May 2014 01:31 AM
නිලුට කවුරුහරි ආදරෙයි කිවුවොත් දෙමාපියන් අකමැති කෙනෙක්? ඔයා බැහැ කියනවද දෙමවුපියෝ ගැන හිතලා? (නි)
දුම්මලසූරිය Friday, 02 May 2014 06:24 PM
අවුරුදු උත්සවය විකාශනය වූ රුපවාහිනී නාලිකාවෙන් ඒ වීඩියෝ පටය ලබාගෙන අදාල ප්‍රදේශයේ පොලිසියේ නිලධාරීන් හමුවී සොයන පුද්ගලයාව ඔවුන්ට පෙන්නුවානම් ඇය පිළිබදව ආරංචියක් දැනගන්න තිබුනා..(නදී)
මොහාන් ප්‍රනාන්දු Friday, 02 May 2014 05:51 PM
කගෙ ආදරයද උසස් ?දුව බලන්නද මුණුපුර බලන්නද ගියේ ? (අ)
දර්ශන Friday, 02 May 2014 03:02 PM
අනේ අනිච්චං (ස)
ධම්මික Friday, 02 May 2014 02:15 PM
මේක ලංකාවනේ (අ)
රියල් Friday, 02 May 2014 02:07 PM
සෝනා, ආදරය කරන එක වැරැද්දක් නෙවෙයි. ආදරය කරල ගොඩ දෙනෙක් රැවටෙනවා, රවට්ටනවා. මේක අපේ සමාජයට අලුත් දෙයක් නෙවෙයි. ඔබ කැමතිද ඔබේ දරුවත් මේ වගේ වෙනවට. (ස)
සෝනා මැලේසියාව Thursday, 01 May 2014 01:20 PM
දරුවාටම දොස් කියන්න එපා.තාමත් අපේ රටේ කෙල්ලෙක් කොල්ලෙක් ආදරය කළොත් උන්ට සලකන්නේ ලෝකේ ලොකුම වැරැද්ද කළා වගේ.තරුණ ආදරේ තමයි ලෝකේ තියෙන සුන්දරම දේ. කෙල්ලෝ කොල්ලෝ ආදරේ කරන එක හොඳ නෑ කියන සංකල්පය අපේ රටට කාගෙන් ආවද මන්දා .අපේ රටේ තරුණ තරුණියන්ට නිදහසක් නැහැ. ඒ නිසයි මේ අයට දෙමව්පියෝ තිත්ත වෙලාම යන්නේ. මේ වගේ පුහු ආකල්ප ඉක්මනින්ම අපේ සමාජයෙන් ඈත් විය යුතුයි. (ස)
ඉසුරන්දි Wednesday, 30 April 2014 02:00 PM
අඩුම තරමේ වදාපු දෙමාපියන්ව මතක් උනේ නැද්ද මෙයාට මෙච්චර කාලයක් ගෙවිලත්.අනික හේතු කාරණා නොදැන මොකුත් කියන්න බැහැ ඕවට. (දී)
චන්ද්‍ර වීරසින්ග්හේ Wednesday, 30 April 2014 06:57 AM
කොච්චර කිවුවත් අන්තිමට අංජනම හරි ගියානේ, අවුරුදු කාලෙක හමුවෙනවා කියලා. සමහරවිට කනා ෂොට් එකක්ද දන්නෙත් නැහැ. මොකද අවුරුදු කාලේ ඔහොම අයට දෙමවුපියන් මතක් වෙන නිසා. (නි)
සමන්ති Wednesday, 30 April 2014 05:00 AM
"වරෙන් දුවේ ගෙදර" මේ පණිවුඩය පැනගිය හැමෝටම දෙමාපියන් විසින් දිය යුතුයි (නි)
හේමන්ත Tuesday, 29 April 2014 10:15 AM
දියණියගේ ෆොටෝ එකක් අරන් ගිහින් උත්සව පැවති ප්‍රදේශය ආසන්නයේම පොලීසියට දුන්නා නම් පහසුවෙන් සොයා ගන්න තිබුණා. (ස)
ඉෂාරා Wednesday, 30 April 2014 03:35 AM
අද කාලේ ගොඩක් දරුවන් දෙමවුපියන්ට සළකන්නේ අම්මලා තාත්තාලා ගානට හිතලා නෙමෙයි (නි)
නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 30 April 2014 02:49 AM
දෙමවුපියෝ දැඩි තීරණ අරගෙන දරුවන්ට නීති පනවනවා. ගොඩක් දුරට අාදර සම්බන්ධතා වලදී. එහෙම කරන්නේ දරුවන්ට තියෙන ආදරයට කියා තේරුම් ගන්න දරුවන්ට බැහැ, එයාල ඉන්න සිහින ලෝකෙත් එක්ක. මෙතනත් මේ දුවව හොයාගෙන දෙමවුපියෝ ගියාට දුවට දෙමවුපියෝ උන්නද මළාද මතකයක් නැහැ වසර දෙකක් ගෙවිලත්. (නි)
පිටිගල Tuesday, 29 April 2014 09:49 PM
ළමයි ලොකු වෙන්නේ නැතිව අර හුරතල් චූටි කාලේම ඉන්නවා නම් කියලා මටත් හිතුන වාර අනන්තයි. එත් එහෙම වෙන්නේ නැහැ නෙව? දරුවන් ඇඳුම් ඇඟලුම් ගෙන සිටින්නෙමි .............මනසින් එදා කෙලි සෙල්ලම් දකින්නෙමී.........මරණයේ දොරකඩට සපැමිණ සිටින්නෙමී......ලේ කිරි පොවමි දරුවන් දැක මියෙන්නෙමී.......... (දී)
ධම්ම Tuesday, 29 April 2014 03:46 PM
දුව පැනලා ගියාම විමසලා තියෙන්නේ ග්‍රාම සේවකගෙන් හෝ පොලීසියෙන් නොවෙයි, නක්‍ෂත‍්‍රකරුවකුගෙන්. අංජනම් බල බල ඉන්නේ නැතිව දැන්වත් අදාළ ආයතන දැනුවත් කරන්න දුව සොයා ගන්න ඕනෑ නම්. (දී)
දනුෂ්ක Tuesday, 29 April 2014 03:27 PM
සාමාන්‍ය සිද්දියක් රටේ (දී)
සරත් Tuesday, 29 April 2014 03:10 PM
චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සවියෙ... ...... ....... අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ... (දී)
නන්දන පනාගොඩ මිලානෝ Tuesday, 29 April 2014 02:36 PM
'කොරවක්කට ඇවිදින්න උගන්වන්න ඕනේ නැහැ' කියල කතාවක් සිංහල වහරේ තියෙන්නේ බොරුවට නෙවෙයි. (ස)
සහන් බණ්ඩාර Tuesday, 29 April 2014 03:00 PM
කුසට අහරක් නොගත්තෙමු අප නුඹව ඇති දැඩි කර හදන්නට.....දුකම විඳ සෙවූ 'සත්‍ය' යෙදුවෙත් නුඹේ ලෝකය ගොඩනගන්නට.....අපව හැරගොස් ලොවක් තැනුවත් දෑස පොපියයි නුඹ දකින්නට....දරුවගේ සුරතල් තුළින් වත් එන්නේ නැතිදෝ අපව මතකෙට....... (ස)
චමී Tuesday, 29 April 2014 02:40 PM
දැන් කාලේ දරුවෝ නොසෑහෙන්න දෙමාපියන්ගෙ සිත් රිද්දනවා. (ස)
කුමාරි Tuesday, 29 April 2014 12:36 PM
පද්මේ, ගොඩක් දෙමවුපියොත් දරුවෙකුගේ ප්‍රේම සම්බන්දයක් දැන ගත්තම විවිධ නීති දමනවා. සමහර අය අපරාද කරුවෙකුට වගේ දරුවන්ට සලකන්නේ. මේ දරුවා වසර 2ක් නොඑන්නම දෙමවුපියන්ගෙන් කොච්චර ඇත් වෙලාද කියල මට හිතෙනවා.[ඉගිලිලා ගිහින් තනපු කුඩුවත් අරන් නැවත එන්න මගේ සුදු දුවේ....] (දී)
සෑම් Tuesday, 29 April 2014 01:05 PM
මීට වසර ගණනකට පෙර පෙම්වතියක් සුපුරුදු පරිදි වැඩට යන බව ගෙදරට පවසා පෙම්වතා සමග මෝටර් සයිකලෙන් නුවර ගිහින් එදා තිබුන ජාත්‍යන්තර ක්‍රිකට් මැච් එකක් නරඹලා තිබුනා. ටී වී කැමරා කරුවෙකුගේ කැමරාවට අහම්බෙන් මේ ජෝඩුව අහුවෙලා, ඒක ප්‍රවෘත්ති වලින් කෙල්ලගේ දෙමව්පියන් දැකලා (දී)
පද්මේ Tuesday, 29 April 2014 11:41 AM
පුදුම ළමයිනේ. දෙමවුපියන් දුක් මහන්සියෙන් දරුවෝ හදනවා. ගෙදරින් ගිහින් අවුරුදු දෙකකින් වත් ඒ මිනිස්සුන්ට ජීවත්වෙලා ඉන්නවා කියලවත් දන්වන්නේ නැහැ. හිතුමතේට දීග ගිය දුවේ... නුඹේ දුවත් හිතු මතේට දීග ගිය දිනේ.. පියාණනුත් මමත් එදා වින්ඳ දුක දැනේ.... (ස)