X Advertisement
IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


ගොවියා කට වරද්දා ගත්තාම අලියාට කේන්ති ගිහින්

(මොරගොල්ලාගම සිසිර කැලේගම) 
අලි මිනිස් ගැටුම් හමුවේ අලින්ගෙන් මොන තරම් හිරි හැර පැමිණියත් අලි ගැවසෙන ප්‍රදේශවල කටපරිස්සම් කර ගැනීමට ඒ ඒ ප්‍රදේශවල ජීවත් වෙන ජනතාව දක්වන්නේ පුදුමාකාර සැලකිල්ලකි. 


එවන් කටපරිස්සම් කරගැනීමට නොහැකි වූ ගොවි මහතකු අලියා නොමැති තැන චණ්ඩියකු වී අලියා පැමිණීම හමුවේ අසරණ වූ පුවතක් ​පොල්පිතිගම නගර සීමාව අවට ගම්මානයකින් අසන්නට ලැබුණි. 


සිද්ධිය මෙසේය. 


දෙදෙනා ගොවිතැනින් දිවි ගෙවන ගජ මිතුරන් දෙදෙනෙකි. 


එක් තැනැත්තෙකු තම ගම් සීමාවේ සිට අවට ගම්මානයකට ගියේ අනෙක් සගයා හමුවීමටය. 


 “බලාපන්කෝ ‘හූරේ’ ඊයේ රෑ තනියා ඇවිත් වගාව පාලු කරලා ගිහිල්ලානේ.” මිතුරා කී කතාව බලන්නට පැමිණි තැනැත්තා ද සමගින් ​ෙදදෙනාම හේනට ගියහ. කර ඇති හානිය සුලුපටු නොවේ. 


“නොදකින් විතරක් මේකා කරපු දේ බලාපන්කෝ” පැමිණි මිතුරා කීවේය. 


“හා හා හූරේ කට වරද්දා ගන්න එපා. එහා පැත්තේ කැලෑවේ සත්තු තවමත් ඇති” හානියෙන් බැට කෑ මිතුරා අනෙකාට අවවාදයක් දෙමින් පැවසීය. 


“ඇයි මොකටද කට පරිස්සම් කර ගන්නේ එන්ඩ කියපන්කෝ බලන්න මගේ වත්තට. ආවොත් හොඳ වැඩක් තමයි කරන්නේ. එනකම් තමයි මමත් බලාගෙන ඉන්නේ” 


මිතුරා ඉවක් බවක් නැතිව අලියාට දොස් නගමින් තොරතෝංචියක් නැතිව කියාගෙන කියාගෙන ගියේය. 


“අනේ දෙවියනේ ඔන්න ඕවාට මම නම් නැහැ. උඹේ පණ්ඩිතකම උඹ තියා ගනින්. මගේ හේනේ අවකැපෙන කතා කරන්න එපා කට වහ ගනින්” වගාව හිමි මිතුරා තම සගයාට නෝක්කාඩු කියමින් දෙදෙනාම හේන අතරින් ආපසු නිවෙස් කරා පැමිණියහ.  පසුදා උදා විය. අලියාට දොස් නැගූ තැනැත්තා එදින රාත්‍රියේ නිවසේ සිටියේය. ඔහු උදේ අවදී වී මිදුලට බැස්සේය. 


කිසිදා නොපැමිණි සද්ධන්තයකු වත්තට ඇවිත්. වත්තේ සවි කර තිබූ පඹයා හා රැකවල් කර තිබූ රෙදි කෑලිවලට ඉරා තැන් තැන් වල දමා වගාවට හානියක් නොකර කිසිවෙකුටත් නොදැනෙන ලෙසට පිටව ගොස් ඇති අයුරු දක්නට ලැබීමෙන් ඔහුට හීංදාඩිය දමන්නට විය. 


“ඉන්නවා නම් කට වහගෙන හිටපන්. තවදුරටත් කට වරද්දා ගත්තොත් තොට කරන දේ බලා ගනින්” යන තර්ජනාත්මක ස්වරයෙන් අලියා ද එකට එක කරන්නට මෙන් පැමිණ පිටව ගොස් ඇති බව වටහා ගත් එම මිතුරා ද එතැන් පටන් කිසිදු වදනක් නොකියා දැන් අලියා දේවත්වයෙන් යුතුව අදහන්නේලු.



අදහස් (0)

ගොවියා කට වරද්දා ගත්තාම අලියාට කේන්ති ගිහින්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site