(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
රැකියාවකට චරිත සහතිකයක් ගත් සාම විනිසුරුවරයාගේ පාවහන් යුගලටත් විද්ද තරුණයකු පිළිබඳ පුවතක් අසන්නට ලැබෙන්නේ ගාලු දිසාවේ අලුත් වළක් ඇති නගරයකිනි.
මේ තරුණයාට රැකියාවක සම්මුඛ පරීක්ෂණය සඳහා චරිත සහතිකයක් ප්‍රදේශයේ සාම විනිසුරුවරයාගෙන් ගෙනයාම අනිවාර්ය වී තිබිණ. ඒ නිසාම ඔහු සිය ගමේ සිටින සාම විනිසුරුවරයාගේ නිවෙසට ගියේය. මේ තරුණයාගේ චරිතය පිළිබඳව අල්පමාත්රාවක තරමකවත් සැකයක් නොසිතූ සාම විනිසුරුවරයා ඉතාම ඉහළින් ඔහුගේ චරිතය සහතික කළේය. එයින් උද්ධාමයට පත් තරුණයා සාම විනිසුරුවරයාගේ දෙපා අල්ලා වැන්දේ රැකියාව ලැබුණු පසු තමා නැවත එන බව පවසමිනි.
තරුණයා නිවෙසින් ගිය පසු සාම විනිසුරුවරයාට හදිසි අවශ්‍යතාවකට නගරයට යාමට සිදුවන්නේ ඔය අතරේදීය. සිය නිවෙසේ උළුවස්ස ළඟ ගලවා තිබූ ඊයේ පෙරේදා මිලදී ගත් පාවහන් යුගල ඔහු සොයන්නේ එම ගමන යාමටය.
සුපුරුදු ස්ථානයේ තබා තිබූ තමාගේ අලුත් පාවහන් යුගල වෙනුවට හොඳටම ගෙවී ගිය පාවහන් යුගලක් සාම විනිසුරුවරයාට දැක ගන්නට ලැබෙන්නේය.
එදා දවසටම කවුරුත් නොපැමිණි නිසා තමාගේ අලුත් පාවහන් යුගල දමාගෙන යන්නට ඇත්තේ චරිත සහතිකයක් ගැනීමට පැමිණි තරුණයා යයි සාම විනිසුරුවරයා සැකකරනුයේ ඊට වෙන සැකකරන්නට කෙනෙකු නොමැතිවූ නිසාවෙන්ය.
මේ සැකය ද සිත තුළ තබාගෙන සාමවිනිසුරුවරයා තමාගෙන් චරිත සහතිකය ගත් තරුණයාගේ නිවෙසට යන්නේ ඔය අතරවාරයේ දීය. තමාගේ සැකය මල් පල ගැන්වී ඇති බව ඔහුට වැටහෙන්නේ ඒ වනවිටත් චරිත සහතිකය ගත් තරුණයාගේ නිවසේ දොර පාමුල තමාගේ අලුත් පාවහන් යුගල ගලවා තිබෙනු දැකීමත් සමගය.
මේ සිදුවීමෙන් තරමක් කේන්ති ගිය සාම විනිසුරුවරයා තරුණයා කැඳවා මේ කළ නොහොබිනා වැඩේට තදින්ම අවවාද කළේ ඔහුගේ චරිතය ගැන සොයා නොබලා තමන් දුන් චරිත සහතකය ගැන ඉතාම කනගාටුවන බව ද කියමිනි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
චරිත සහතිකය ගත් තරුණයා සාමවිනිසුරුගේ සෙරෙප්පු දෙකටත් විදලා