X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


චූන් පාන් විකුණන්න බිරියත් ඇවිත් චූන් එක නැවතිලා

චූන් පාන් චූන් වෙන්න ගොසින් බිරියට ආරංචිවීමෙන් පසු ඇයත් සැමියා සමග චූන් පාන් රථයෙන් ගොස් කෑම වර්ග අලෙවි කරන අයුරු කොළඹ නුදුරු ප‍්‍රදේශයකින් පසුගිය දා අසන්නට ලැබුණි.

සිද්ධිය මෙසේය.

ඔහු විවාහකයකු වන අතර බේකරි නිෂ්පාදන ජංගම අලෙවිකරුවෙකි. තම රථයෙන් ගොස් දිනපතා උදෑසන හා සන්ධ්‍යා කාලයේදී කෑම වර්ග අලෙවි කරමින් සිටියේය. කාලයක් යනවිට ඔහු අනියම් ඇසුරක පැටලූණි. එහෙයින් වෙළඳාම් සිදුකර නිවෙසට යන වේලාව ද දිනෙන් දින ප‍්‍රමාද විය. තම සැමියා ගැන ඇයට සැකයක් ඇතිවුවත් ඒ ගැන ඔහුගෙන් නොවිමසා රහසිගත ලෙස ඇය තම ඥාතියකු ලවා පරීක්ෂා කර බැලීය. දැනගන්නට ලැබුණේ තම සැමියා අනියම් ඇසුරකට පෙළඹී ඇති බවයි.

එම තොරතුරත් සමග කළබල නොවූ ඇය දිනක් තම ස්වාමියාගෙන් රෑ බෝවන්නේ ඇයි දැයි විමසුවාය. එවිට දැන් හැමතැනම චූන් පාන් කට්ටිය වැඩියි. ඒ නිසා කෑම ටික විකුණගන්න සෑහෙන දුවන්නත්, මහන්සි වෙන්නත් ඕනෑ යැයි පැවසීය. අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත් බිරිය‘‘එහෙනම් මමත් ඔයත් එක්ක එන්නම්, එතකොට ඉක්මනින් කෑම ටික විකුණගන්න පුළුවන් වේවි’’ යැයි පැවසුවාය.

එයින් තැතිගත් ඔහු ‘‘ ඕනෑ නෑ මම කොහොම හරි මහන්සි වෙලා කරගන්නම්’’ යැයි කීය. ‘‘නෑ නෑ දවසක් මම එක්ක ගිහිල්ල බලමු ’’යැයි ඇය පවසා පසුදා උදෑසනම ඇයත් අවදිවී චූන් පාන් රථයට ගොඩ වූවාය. ඔහු රියැදුරු අසුනේ සිටිය දී ඇය කෑම වර්ග අලෙවිකරන්න වූවාය. වෙනදාටත් වඩා ඉක්මනින් කෑම අලෙවි විය. චූන් පාන්ට කට උත්තර නැතිවිය. රෑ බෝ නොවී සවස් යාමයේම ඔවුහු කෑම අලෙවිකර නිවෙසට ගියහ.

ඒ අනුව දැන් ඇයත් දිනපතාම චූන් පාන් රථයේ ගමන් කරමින් කෑම වර්ග අලෙවි කරන්නට විය. චූන් පාන්ගේ අනියම් ඇසුරත් එතනින් නිමාවිය.



අදහස් (0)

චූන් පාන් විකුණන්න බිරියත් ඇවිත් චූන් එක නැවතිලා

ආනන්ද දොඩන්ගොඩ Friday, 12 February 2016 12:52 PM

දෙන් ඉතින් ‍ෙඩිය රෑ වෙන්න කලින් දෙන්නම ගෙදර යන නිසා , ගෙදරදී දෙන්නටහෛාඳට ඉන්න පුළුවන් (බ)

:       0       0

රිහාන් Thursday, 25 February 2016 04:51 AM

ඉවසීමෙන් සැනසුම ලබාගත් බිරිඳක්. බිරින්දෑවරුන්ට හොඳ ආදර්ශයක් (ම)

:       0       0

ඩී.උපුල් Monday, 15 February 2016 09:08 AM

එක බිරිඳක් හොඳයි. එතකොට අර අනියම් බිරිඳ ගැන මොකද කියන්නේ. (බ)

:       0       0

ඉමේෂ් Monday, 15 February 2016 01:30 AM

බුද්ධිමත් කාන්තාවක් (නි)

:       0       0

ඉන්දික Sunday, 14 February 2016 12:08 PM

ජය වේවා දෙන්නටම! (නි)

:       0       0

නලින් යහම්පත් Saturday, 13 February 2016 05:47 PM

කෙනෙකුගේ සතුට තව කෙනෙකුගේ දුකක්. සමහරු සිටිනවා සැමියා වෙනත් ස්ත්‍රියක සමඟ හාදකම් කරන අතර බිරිඳ වෙනත් මිනිසකු සමඟ හාදකම් පවත්වන. එහෙත් ඔවුන් වෙන්වන්නේ නැහැ (නි)

:       0       0

අජිත් Saturday, 13 February 2016 01:04 PM

ඉතාම හොඳ බිරිඳක් බව පේනවා. ජය ශ්‍රී. (නි)

:       0       0

ජනක Saturday, 13 February 2016 03:38 AM

මේ ගෑනු කෙනා අර ලංකාවේ ප්‍රචාරය කරන කිරි හෝ තේ බොනවා ඇති. නැත්නම් මෙච්චර සුක්ෂම මොලයක් කොහෙන්ද? (බ)

:       0       0

චන්ද්‍රසිරි Friday, 12 February 2016 08:00 PM

ඒකට අපේ උන්දැලා? හොයන්නෙම නැති වැරදි (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 12 February 2016 03:31 AM

කොහොමද ටිකිරි මොලේ , බුද්ධීමත් කාන්තාවක් ජය වේවා (ම)

:       0       0

නුවන් විජේවර්ධන Friday, 12 February 2016 08:20 AM

ධර්මය හා කර්මය ගැන හරිහැටි අවබෝධයක් නැති එක තමයි ඔය ඔක්කොම මෝඩකම් වලට හේතුව.....(බ)

:       0       0

කිරි ගමරාල Friday, 12 February 2016 05:36 AM

අපරාදේ. ස්වාමි පුරුෂයාගේ චූන් එක. (ර)

:       0       0

මේනක Friday, 12 February 2016 05:39 AM

බිරිඳ බුද්ධිමත් සහ ඉවසනසුළු වුණාට දැන් මේ සැමියාට කාම මිත්‍යාචාර පාපයෙන් ගැළවෙන්න බැහැ. ඊළඟ ආත්මයේ තමන්ව තලන පෙලන බිරිඳක් වුණත් ලැබෙන්නේ මෙහෙම උදවියට තමයි. විවාහය යනු එක පාර්ශවයකගේ මහන්සියෙන් පමණක් ගොඩදාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. (නි)

:       0       0

සරසි Friday, 12 February 2016 05:25 AM

ව්‍යාපාරිකයක් කියන්නේ විශ්වාස කළ හැකි පිරිමි කොට්ඨාශයක් නෙමෙයි. දුප්පත් මාස් පඩිකාරයෙකු , දවසේ කුලියට වැඩ කරන කම්කරුවෙකුගේ බිරින්දෑවරු සැනසීමෙන් ජීවත්වෙනවා. සල්ලි වැඩිවෙන තරමට ව්‍යාපාරිකයන්ට ප්‍රතිලාභ ලෙස ලැබෙන්නේ ඇහැට කනට පේන තරුණියන්. (නි)

:       0       0

ලියනගේ Friday, 12 February 2016 05:22 AM

රටේ අනෙකුත් තරුණ බිරින්දෑවරුන්ට ආදර්ශයක් වෙන්න ඕනෑ මෙවැනි බිරින්දෑවරුන්.ඉවසීම, තැනට සුදුසු නුවණ... දැන් රටේ පවතින වාතාවරණය අනුව හොඳ පියවරක් ගත් අපේ කාලයේ කාන්තාවක් (නි)

:       0       0

මැණික් Friday, 12 February 2016 05:21 AM

මම මේ කල්පනා කරන්නේ ඉවසීම, බුද්ධිමත්කම සහ හැදියාව බිරිඳට විතරක් තිබුනාම ඇතිද කියලා. (නි)

:       0       0

චන්දික Friday, 12 February 2016 04:47 AM

මොලේ ඇති ඉවසීම තිබෙන බිරිදක්... යහපතක්ම වේවා. (ම)

:       0       0

රෙජි-සිඩ්නි Friday, 12 February 2016 03:37 AM

නුවණක් කාර බිරිඳක්.අඩදබර කරගන්නේ නැතිව, පවුලේ ප්‍රශ්න ඇති කරගන්නේ නැතිව තැනට සුදුසු විදිහට නුවණ පාවිච්චි කරලා ප්‍රශ්නය විසඳුවා. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site