X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 04 වන සිකුරාදා


ඡන්ද ඔට්ටුව ඉටු කරන්න පොල්ගසේ කරටියෙන් පැනලා

(රත්ගම විශේෂ - ධර්මදාස සිරිවර්ධන)
ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ තමන් කැමැති අපේක්ෂකයා පැරදුණොත් පොල් ගසක කරටියෙන් පනිනවා යැයි ඡන්ද ඔට්ටුවක් ඇල්ලූ පොල් කඩන්නකු ඔහු පැරදුණු පසු පොල් ගසකින් පනින ලෙස පොහොට්ටුකරුවන් බල කිරීම හේතුවෙන් කවුරුත් බලා සිටියදීම අඩි 8ක් උස පොල් ගසකින් පැන ඡන්ද පොරොන්දුව ඉටු කිරීමේ අපූරු පුවතක් දකුණේ රතුපාටට හුරු පොල් වැඩිපුර ඇති ගමකින් වාර්තාවේ.


වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.


ගමේ සියලුම දෙනා දන්නා හඳුනන ඔහු නිවෙස්වලට ගොස් පොල් කඩා ඉන් ලැබෙන මුදලින් දරු පවුල ජීවත් කරවන අයෙකි.


පරම්පරාවෙන් කැපුවත් කොළපාට ඔහු මඳක් සප්පායම් වී සජිත් වැඩි ඡන්ද ලක්ෂ 10ක් ගන්නා බවත් එය ඉරහඳ මෙන් විශ්වාස බවත් පවසමින් පුරසාරම් දොඩන්නට විය. පොහොට්ටු ගැටවරයන් පිරිසක්ද ඔහු සමඟ පැටළුණු අතර අවසානයේ ඔහු පොරොන්දු වූයේ සජිත් පැරදුණොත් පොල් ගසකින් පැනීමටයි. වහා ක්‍රියාත්මක වූ පිරිස පොරොන්දුව කොල කැබැල්ලක ලියා ඔහුගේ අත්සනද ලබා ගන්නට අමතක කළේ නැත.


කෙසේ වුවද සජිත් පැරදුණු පසු හිතේ වේදනාවට අඩියකින්ද සප්පායම් වී ඔහු තැන තැන කට්ටි පනිමින් සිටියේය. පොල් ගසකින් පනින ඔට්ටුව ඉටු කරන්නැයි අදාළ පිරිස පසුපස එන බව ඔහු දැන සිටියේය. 


කෙසේ හෝ මෙය දැනගත් බිරින්දෑ ද මහත් සේ බියට පත්ව සිටියාය. ඇය තොර තෝංචියක් නැතිව කියවන්නට පටන් ගත් අතර ඔට්ටුව ඇල්ලූ පිරිස හමුවී සමාව ගැනීමට තීරණය කළද ඔහු එයද වළක්වා දැමුවේ උඹ ගෙදර ඉඳපං ඔට්ටුව මම බලා ගන්නම් යැයි පවසමිනි.


ප්‍රතිඵල නිකුත්වී දෙදිනකට පසු ඔහු වළල්ලත් කරේ දමාගෙන පාරේ යනවිට සෙසු පිරිස ඔහු අල්ලාගෙන බෑ කියන්න බෑ. උඹ දැන් පොල් ගසකින් පනින්න ඕනෑ යි පැවැසූහ.


හරි ... හරි ... පනින්නම් කියමින් වත්තක් ඇතුළට ගිය ඔහු පසුපස පිරිස පැමිණියේ ඔහුට මඟහැර යා නොහැකි පරිද්දෙනි. ඔහු එක්වරම අඩි අටක් පමණ උස පොල් ගසක කරටියට නැඟ එක්වරම බිමට පැන ඔන්න මගේ ඔට්ටුව ඉටුකළා යැයි උඩ පනිමින් හා සිනහවෙමින් පැවැසීය.


ලජ්ජාවට පත්වූ පොහොට්ටු පිරිස පරාජිත මුහුණින් ආපසු හැරුණේ ඔට්ටුවේ කොන්දේසි හරියට තිබුණේ නෑනේ කියමිනි.

 



අදහස් (1)

ඡන්ද ඔට්ටුව ඉටු කරන්න පොල්ගසේ කරටියෙන් පැනලා

ශංඛ Friday, 29 November 2019 05:57 AM

මොන රස්සාව කළත් ස්ථානෝචිත ප්‍රඥාව තියන පුද්ගලයෙක්...

:       0       16

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site