(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
තම උපකාරක පන්තියට පැමිණි 15 හැවිරිදි සිසුවකු සමග ඇති කරගෙන ඇති බව කියන පෙම් සබඳතාවක් මත පැනගිය බව කියන 27 හැවිරිදි ගුරුවරියක සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන බව වැලිගම මූලස්ථාන පොලිසිය පවසයි.
උපකාරක පන්තිය අවසානයේ තම පුතු අතුරුදන්වී ඇති බවට එම මව්පියන් ද තම බිරිය අතුරුදන් බවට ග්රාමාරක්ෂක භටයකු වූ ඇයගේ සැමියා ද පොලිසිය වෙත පැමිණිලිකර ඇත.
අතුරුදන් උපකාරක පන්ති ගුරුවරිය හා සිසුවා දුර ප්‍රදේශයකින් ත්‍රිරෝද රථයක් ගෙන්වාගෙන ගමෙන් පිටත්ව ගොස් තිබෙන බවට පොලීසිය වෙත තොරතුරු ලැබී තිබේ.
ඔවුන් නුවරඑළියේ සිටින බවට ලැබුණු තොරතුරකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ (11) වැලිගම සිට නුවරඑළිය දක්වා පිටත්ව ගියහ.
එක්දරු මවක වන කාන්තාව තම ගමේ ළමයින් හත් අට දෙනකු නිවසට කැඳවාගෙන ලෑලි මඩුවක ගණිතය ඇතුළු විවිධ විෂයයන් උගන්වන උපකාරක පන්තියක් පවත්වා තිබෙන බව පොලීසිය කියයි.
ඒ හැරෙන්න ඇයට විධිමත් වූ ගුරු පත්වීමක් නොමැති බව පොලීසිය කියයි.
අදාළ උපකාරක පන්තිය වෙත 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවාද පැමිණ ඇති අතර උපකාරක පන්ති ගුරුවරිය ඇයගේ රන් ආභරණ ද සිසුවා ඔහුගේ හා සිය මවගේ රන් මාල ද යන විට රැගෙන ගොස් තිබෙන බව කියති.
එම දෙදෙනා අතර පෙම් සබඳතාවක් පැවැති බවට සැක කළ හැකි පෙම් හසුනක ඉරා දමන ලද කොටසක් කුණු බඳුනක තිබී පොලිසියට හමුවී ඇත.
මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතාගේ උපදෙස් මත වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩී.එම්. අබේසේකර මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ටියුෂන් ගුරුවරිය 15 වියැති සිසුවාත් සමග අතුරුදන්
pakeer Monday, 12 October 2020 06:38 AM
හිනාව නවත්වගන්න බැහැ
Walter WhiteThursday, 15 October 2020 01:56 AM
මොකක් නිසාද හිනා යන්නේ? මෙතැන වයසෙන් අඩු දරුවෙක් අපහරණය කරලා තියෙනවා, ඒ දෙය කලේ ගෑනු මනුස්සයෙක්, අපහරණය වුනේ පිරිමි දරුවෙක් කියල එතන කිසිම වෙනසක් නැහැ, ඒ වැඩිහිටියෙක් නොකළ යුතු දෙයක්.
banda Thursday, 15 October 2020 11:01 AM
ආදරයට වයස බාධාවක් නොවේ. අපි ඔබ දෙදෙනාගේ අනාගතයට සුබ පතමු.
ජගත් අම්බලන්ගොඩගේ Friday, 16 October 2020 01:33 AM
ඕවා මොනවද? ඔයිට හපන් වැඩ කොච්චරක් මේ පැත්තේ වෙනවද?. ලැජ්ජා බය නැත්නම් මොනවද අනේ කරන්න බැරි...?