(උණවටුන ඩි.ජී.සුගතපාල)
ගාල්ල ප්‍රදේශයේ පවුලක පිරිසක් තණමල්විල ඥාති නිවෙසකට නෑගම් ගියහ. තණමල්විල පවුලේ අයද කලකින් පැමිණි ඥාතින් සාදරයෙන් පිළිගෙන උපරිම අයුරින් සංග්‍රහ කිරීමට අමතක නොකළහ. පවුල් දෙකේ තාත්තලා රාත්‍රී කාලයේ උණුසුම් වෙමින් රට තොට ගැනද දේශපාලනය ගැනද උස් හඬින් කතා කරන්නට වූ අතර අම්මලා කාමරයට වී තම දරුවන් ගැන ආඩම්බරයෙන් කතා කරන්නට වූහ.
“අපේ දුව නම් කැම්පස් එකේදිම ඔන්න කොල්ලෙක් යාළු කරගෙන ඉන්නවා. හැබැයි දැන්ම කසාද බඳින්න බැරිලු. තව ටිකක් කල් ඉන්න ඕනලු” ගාල්ලේ මව පැවසුවාය.
“ඒකට ඔන්න අපේ ලොකු එක්කෙනා. රස්සාවකුත් නැති හාදයෙක් යාළුකරගෙන ඉන්නවා. හැබැයි කොල්ලගෙ පැත්තේ අය නම් කැමතියි කියල පණිවුඩයකුත් එවල තිබුණා.” තණමල්විල මව පැවසුවාය.
මධ්‍යම රාත්රියද පසුවන තුරු සුහද සතුටු සාමිචියේ යෙදි සිටි ඥාතින් නින්දට ගියේද මහත් සොම්නසිනි.
පසුදින අවදිවු ගාල්ලේ ඥාතිහු අවට පරිසරය දැකබලා ගැනීමේ අදහසින් එළියට ගියහ. “බලාගෙන ඇවිදින්නේ සත්තු ඉන්නවා” නිවැසියන්ගෙන් ලැබුණේ අනතුරු හැඟවීමකි. වටපිට ඇවිදින ගමන් ගාල්ලේ මව සරුවට වැවී තිබුණ පොල්පලා ගස් රැසක් ගලවා ගත්තාය. “මුත්‍ර අමාරුවලට පොල්පලා හරිම ගුණයි” ඇය දරුවන්ට කීවාය.
තණමල්විල ගමන සතුටින් නිම කළ පිරිස ආපසු ගාල්ලේ නිවසට පැමිණියහ. මව පසුදින තණමල්විල සිට ගෙනෙන ලද පොල්පලා තම්බා බීවේ මුත්‍ර පිරිසිදුවන බව පවසමිනි. එහෙත් මුත්‍ර පිරිසිදු වීම කෙසේ වෙතත් එය පානය කර ටික වේලාවක් යනවිට ඇයගේ හැසිරීම් රටාවේ වෙනසක් දැකගත හැකි විය.
ඇය වරෙක නොනවත්වා සිනාසෙන්නට වූ අතර තවත් වරෙක නිහඬව බලා සිටින්නට වූවාය. ඇස් රතු වී තිබිණ. දියණිය බියට පත්ව මේ බව පියාට කීවාය. අම්මා තණමල්විලින් ගෙනා පොල්පලා බිවූ පසු අමුතු වී ඇති බව දියණිය පියාට කීවාය.
පියා ඉක්මනින් පැමිණ කුස්සියට ගොස් පොල්පලා තැම්බු හැලිය බැලුවේය. ඉතිරිව තිබූ අමු පොල්පලා මිටියද පරීක්ෂා කළේය. සිදුව ඇති දෙය ඔහුට පැහැදිලි විය. ඔහු පොල්පලා සමග තිබූ ගස් කිහිපයක් ගෙන දියණියට පෙන්වා “මේවා අර තණමල්විල වැවෙන තහනම් ගස්” පියා එම ගස් කුමක්ද කියා දියණියට කියා දුන්නේය. පොල්පලා ගස් සමග එම තහනම් ගස් ද තිබී ඇති බව ඔවුනට තේරුණේ පසුවය. මේ අතර මව ද තද නින්දකට වැටී සිටියාය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
තණමල්විල පොල්පලා බී මව පිස්සු නටලා
දිමුත් Tuesday, 08 September 2020 04:59 AM
ඒක වෙන්න බැරි වැඩක්නේ. ෂුවර් එකටම ඒ තහනම් පැල වේලලා බීලා. නැතුව තම්බලා බිව්වා වෙන්න බැහැ.
ranja Tuesday, 08 September 2020 07:19 AM
කංසා තේ නේද බීලා තියෙන්නේ...?
chinthana Thursday, 10 September 2020 04:41 AM
පොල්පලා හා කංසා හාත්පසින්ම වෙනස් ශාක දෙකක්.