වායුසමීකරණය කළ සුඛෝපභෝගී බසය පානදුරේ සිට පිටකොටුව දක්වා ධාවනය විය. තරුණ කොන්දොස්තරවරයා ටිකට් නිකුත් කරන්නට විය. සුළු වේලාවකින් ඔහු පැමිණියේ මැදි වියේ පුද්ගලයකු වෙතය. ”මට කොටුවට ටිකට් එකක් දෙන්න” හෙතෙම රුපියල් දහසේ මුදල් නෝට්ටුවක් දිගු කරමින් පැවසීය.
”මොනාද අන්කල් උදේ පාන්දර රුපියල් දාහක් දික් කරාම හරියනවද? මාරු සල්ලි ගේන්න එපායැ ඔයාල වගේ අය ආවාම අපිට හරිම කරදරයක්” කොන්දොස්තර සැරෙන් පැවසීය. ”මොනා කරන්නද අතේ තියෙන්නේ එච්චරයි” මගියා නිවුණ හඬකින් පිළිතුරු දුනි.
”ඔයාලා දාහේ කොළ අරන් එනවා. එතකොට අපිට තරහ එනවා. ටිකක් කල්පනා කරලා බලන්නකෝ. අපි මේවා කොහෙන් මාරු කරන්නද?” ඔහු පැවසුවේ කේන්තියෙනි. රුපියල් දහස අතට ගත් කොන්දොස්තරවරයා අනෙක් මගීන්ට ටිකට් නිකුත් කරන්නට විය.
මේ අතර තරුණියක්ද රුපියල් දහසේ නෝට්ටුවක් දී ”පිටකොටුවට එකක්” යැයි කෝමළ ස්වරයෙන් පැවසුවාය. එවිට තරුණ කොන්දොස්තරවරයා ”නංගී මතක් කරලා බහිද්දී ඉතිරි සල්ලි ඉල්ල ගන්න” මනමාල ස්වරයෙන් පැවසීය. දෙබස ඇසුණු මගීන්ගේ මුහුණු සිනහවෙන් පිරුනි.
මුලින් රුපියල් දහස දුන් මගියා, මගියකු අමතා ”බලන්න මිනිහගේ තියෙන කරුණාව. මම රුපියල් දාහක් දුන්නම පාට් දැම්මා, අර ගෑනු ළමයා දුන්නම පාට් ඔක්කොම ඉවරයි”
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
තරුණියගේ කොමළයට කොන්දොස්තරගේ සැර බැහැලා
සමන්ති Thursday, 30 January 2014 07:50 PM
මෙය සාමාන්‍යයෙන් දිනපතා සිදුවන සාමාන්‍ය දෙයක් මිස අසාමාන්‍ය දෙයක් නොවේ .(අ)
සිරියලතා Monday, 03 February 2014 10:12 AM
අනේ මේ මල් කඩනවයසේ ඉන්න අයට මලක් කඩා ගන්නවත් දෙන්නේ නැති හැටි, වයසක අයට රුදාව ඒවා දකිනකොට (දී)
නිලූ විදානගේ සෞදි අරාබිය Sunday, 02 February 2014 01:57 PM
ඉහත නිලූ විදානගේ සෞදි අරාබිය 2014-02-01 03:55:42 මගේ කොමන්ට් එකක් නෙවෙයි.(නදී)
චන්ද්‍ර වීරසිංහ Sunday, 02 February 2014 12:48 AM
මට නම් ඔතන ඇති මනමාලකමක් නැහැ. තරුණ අයට හොඳට මතක තිබෙන නිසා ඉතුරු සල්ලි කොහොම හරි ඉල්ලනවා.වයසක අයට අමතක වෙන්න පුළුවන් නිසා ඉතුරු සල්ලි දෙන්න මග හරිනවා. (නි)
නැනි Saturday, 01 February 2014 02:03 PM
අන්කල් ඔයාට මල් කඩන්න බැහැ කියල කඩා ගන්න වයසේ අයට අබිලික් අදින්න එපා. අර මල් කැකුලට කඩවල් ගානේ ගිහින් සල්ලි මාරු කරන්න වෙලාවක් කොහෙද? ඔයාට තිබුනනේ කලින් සල්ලි මාරු කරගෙන එන්න. (දී)
නජිත් Saturday, 01 February 2014 09:33 AM
ඔය 64න් එකක් (දී)
නිලූ විදානගේ සෞදි අරාබිය Saturday, 01 February 2014 03:55 AM
මගේ නමින් ලියන කෙනාට වැරදිලා.මන් ලංකාවේදී යන්නේ මගේ පාස් එකට ඉතින් මන් ටිකට් ගන්නේ මොකටද.(දී)
සතික මදාර Friday, 31 January 2014 11:17 PM
එයා අංකල් කෙනෙක් වෙච්ච එකයි මෙයා නංගියෙක් වෙච්ච එකයි කොහොමද එක විදිහකට බලන්නේ (දී)
ශාන්ති Friday, 31 January 2014 07:15 PM
ඔයාල හැමෝම කියන්නේ ගණන් ගන්ඩ එපා කියල , එ උනට මට නම් තරහයි හැමෝටම එක විදිහට සැලකිය යුතුය. ( මොකද ඒයාට විතරක් විසේසයක් ) නැද්ද අනේ (අ)
ට්ට් දිල්හාන් Friday, 31 January 2014 05:58 PM
මේ වගේ දේවල් ගණන් ගන්න එපා (දිල්)
ජයම්පති Friday, 31 January 2014 05:00 PM
මේ වගේ දේවල් කොහොත් වෙනවානේ ගණන් ගන්න එපා (දිල්)
දයා අලහාකෝන් Wednesday, 29 January 2014 09:57 AM
ගනන් ගන්න එපා ඕක වයසට හැදෙන රෝගයක්.(නදී)
නිලූ විදානගේ සෞදි අරාබිය Thursday, 30 January 2014 11:08 AM
දවසක් මට මාරුවට දීලා තිබුනේ හොර රුපියල් 500 එකක්. ඒක් තේ කඩේකට දීල අහුවෙලා පැ ය 3ට වැඩිය තපින්න උනා කෙසෙල්වත්ත පොලිසියේ - කට උත්තරේට (අ)
චින්තක Thursday, 30 January 2014 05:24 AM
අර මනුස්සයට ඉතුරු දුන්නද දන්නේ නැහැ (දී)
රොෂාන් Thursday, 30 January 2014 03:09 AM
මම ඒ මගියා වුනානම් කොන්දොස්තර මල්ලීගේ කන අතගාලානේ (දී)
ශාන්ති Thursday, 30 January 2014 01:20 AM
ගොඩක් වෙලාවට ගැණුන්ගේ මායම් වලට පිරිමි රැවටෙනවා (දිල්)
ආරියසේන Wednesday, 29 January 2014 10:33 PM
කොහොමත් ගෑනුන්ගේ මායම් හැට හතරෙන් එකක් පෙන්වල තමයි කොන්දගේ සැර බාල කළේ. තව එකක් දැම්ම නම් නංඟී සල්ලි ඕන නැහැ ඕන තැනකින් බහින්න කියයි. (අ)
ප්‍රේමකුමාර Wednesday, 29 January 2014 03:20 PM
ඕක උනේ දිලිනිටද එයා ඉන්නෙත් පානදුරේ නේද? (නදී)
මනෝජ්-සාජා Wednesday, 29 January 2014 02:08 PM
අනේ කොන්දොස්තර කොල්ලෝ ,කෙල්ලන්ගේ මායම් වලට අයෙත් අහුවෙන්න එපෝ .(අ)
චන්දි Wednesday, 29 January 2014 12:37 PM
ගණන් ගන්න එපා වයසේ වැරැද්ද. වයස 30ට වැඩි අය මාරු සල්ලි රැගෙන ආ යුතු අතර වයස 30ට අඩු අය 2000 හේ කොළ ගෙනාවත් කමක් නැත (ගැහැණු ළමයින්ට විශේෂයි ) (නදී)
හේමන්ත Wednesday, 29 January 2014 10:58 AM
පුදුම වෙන්න ඕනෑ මෙහෙම නොවුණා නම්... (නි)