හදිසි අනතුරකට ලක්ව පාදයේ ඇඟිල්ලක් කැඞී වේදනාවට පත් වූ තරුණියක දේශීය කැඩුම් බිඳුම් වෙද මහතකු කරා කැඳවාගෙන යනු ලැබුවාය.
වෙද මහතා ඇඟිල්ල පිරික්සා බලා සුදුසු ප‍්‍රතිකාර ලබාදී නිවෙස කරා ආපසු එවීය.
ප‍්‍රතිකාර කිරීමේදී ද පීඩාවට පත් ඇය ති‍්‍රරෝද රථයෙන් බස්සවාගෙන නිවෙසට කැඳවාගෙන ගියේ ඔසවාගෙන යන පරිද්දෙනි.
ඇය නිවෙසට ගෙන ගොස් ඇඳෙහි තැබූ සැනින් නිවසේ අයකු රූපවාහිනිය කි‍්‍රයාත්මක කළේය.
එහි එක්තරා ටෙලි නාට්‍යයක් දිග හැරෙමින් තිබෙනු දුටු කාන්තාවක් හා... හා... අන්න කතාව යනවා කියමින් හරිබරි ගැහී ඇඳේ වාඩිවූවාය.
අනතුරට පත්ව සිටි තරුණිය ආයි... අම්මෝ... කියමින් එවිට කෑ ගැසුවාය. ඒ සැනින් ඇය සිහිසුන් වූයේ සියල්ලන්ම බිය වද්දමිනි.
පසුව සොයා බලද්දී පෙනී ගොස් ඇත්තේ පළමු කාන්තාව කලබලයට ටෙලිනාට්‍යය නැරඹීමට වාඩිවී ඇත්තේ අනතුරට පත් තරුණියගේ පාදයක් මතය.
පත්තු බෙහෙත් බැඳ අපහසුවෙන් නිවෙසට ආ තරුණියට වේදනාව දරාගත නොහැකිවීම නිසා සිහිසුන් වී ඇත. ඇගේ මුහුණට වතුර ඉස සුවපත් කිරීමට නිවැසියන් වෙහෙසෙද්දීත් ටෙලිනාට්‍ය බලන කාන්තාව එය දෙස රසවිඳිමින් බලා සිටියාය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
තුවාල ලත් අක්කාගේ වේදනාව නංගී දෙගුණ කරලා
රූපවති Saturday, 30 July 2016 03:31 AM
ලංකාවේ මිනිසුන් අනතුරු වැඩි කරගන්නේ විහින් ...සිහිසන් නැති මිනිසුන් වගේ ටී ,වී එකක් ලග වාදී උනාම වෙන කිසිවක් කරන්න ව්රෙලාවක් නැහැ ..මමනම් ටී වී එකේ නිව්ස් හැර කිසිවක් නොබලමි ..? (අ)
පිටබැද්දර ජයා Saturday, 30 July 2016 08:21 AM
රූපවති නගාට වගේ හැම කාන්තාවකටම මොළේ මහා ගොඩක් ඕනෑ නැහැ (නි)
ජැන් ක්‍රිස් Saturday, 30 July 2016 10:12 AM
ගහෙන් වැටිච්ච මිනිහාට ගොනා ඇන්නා වගේ වැඩක් වෙලා තියෙන්නේ. ටෙලිනාට්‍ය බලනවිට ගෙදර ඉන්න ළමයි උස්සගෙන ගියත් දන්නේ නැහැ සමහර කාන්තාවන්. ඉන්දියානු ජරාවල් බලනවා රස කර කර. ලෝකේ පෙරලුනත් ගානක් නැහැ (නි)
අතුල වීරක්කොඩි Saturday, 30 July 2016 11:08 AM
අපේ ගෙදර ටී වී එක ගලවල පැත්තකටම දැම්ම ඒ තරමටම එක අප්‍රසන්න දෙයක් වුනා දැන් නිවුස් බලන්නෙත් ලැප් එකෙන් (රේ)
හිමාල් Saturday, 30 July 2016 02:15 PM
කෝ මේ කතාවේ අක්කා නංගී? (රේ)
ධම්ම Saturday, 30 July 2016 02:31 PM
ඔය කොයි කවුරු මොනවා කිව්වත් බලන්න අපේ ටෙලිනාට්‍ය ජන හදවත් තුළට කිඳා බැස ඇති අයුරු! (බ)
සුජීව Saturday, 30 July 2016 06:04 PM
රුපවති අනේ හා......(බ)
හේමන්ත Sunday, 31 July 2016 07:34 PM
රුපවතී සහෝදරී කාලෙකට පස්සේ. පසුගිය ටිකේ සද්ද බද්ද නැතුව හිටියේ මොකද බැලුවා. (නි)
සදුන් Monday, 01 August 2016 06:39 AM
මේ වගේ කෙල්ලොන්ට මඩු වලිගෙන් තලන්න ඕනි.(හේ)