මාවරල පී.එස්. මද්දුමගේ
ඔහු තැපැල් සේවකයෙකි. විවාහක දෙදරු පියෙකි. දිනපතා තම රාජකාරි කටයුතු සඳහා කැප වීමකින් කටයුතු කරන මොහුට රැකියාවෙන් ලැබුණ මුදලින් දරුවන් දෙදෙනා සහ බිරිය නඩත්තු කිරීමේ බර හිස මත තබා ගත් ගැමියෙකි.
අමතර ආදායම් මාර්ග නොවූ මොහු ජීවිතය ගෙන ගියේ බොහෝ අසීරුතා මැද්දේය. දරුවන්ට අධ්‍යාපනය සඳහා විශාල මුදලක් තම පඩි පතින් වෙන් කිරීමට ද මොහුට සිදුව තිබුණි.
තැපැල් ලියුම් බෙදීම සඳහා ඔහුට බාර බීට්ටුව ග්‍රාම නිලධාරී වසම් දෙකකට අයත් එකක් වූ අතර දුෂ්කර මාර්ග පද්ධතියකින් හා කදු ඉඩම් සහිත ගම්මානවලින් ද යුක්තය. රාජකාරි අවශ්‍යතාව මත දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් දසමස් ආපදා ණය මුදලින් මිතුරකුගේ යතුරු පැදියක් ලබා ගෙන සේවය සඳහා යාම්-ඊම් කළ මොහුට, ඉන්ධන මිල ඉහළ යාම නිසා බලවත් ආර්ථික අපහසුතාවකට මුහුණ දීමට සිදු විය. යතුරු පැදියට ඉන්ධන ලබා ගැනීමේ ගැටලුව නිසා රාජකාරියට යාමට ඇති පහසුකම් අඩු කිරීමට කුමක් හෝ කළ යුතු බව ඔහුගේ අදහස විය.
දිනක් රාජකාරියට යතුරු පැදියෙන් ගිය තම ස්වාමිපුරුෂයා පා පැදියකින් සවස් වී ගෙදර පැමිණියේය.
තම ස්වාමි පුරුෂයා පාපැදියකින් පැමිණීම නිසා කලබලයට පත් වූ බිරිද, ඉතාම සෝකී ස්වරයකින් “ඇයි මහත්තයා පාපැදියකින් ආවෙ. මගදි කරදරයක්වත් වුණාද? ඇක්සිඩන්ට් එකක්වත්ද? අනේ කියන්නකො මොකද වුණේ. යයි අසමින් ස්වාමි පුරුෂයාට කතා කරන්නට නොදී ප්‍රශ්න කළාය.
පා පැදිය නිවෙසේ බිත්තියට හේත්තු කළ ස්වාමිපුරුෂයා, සිදු වූ දේ බිරිඳට පවසනවාද? නැද්ද? යන දෙගඩියාවෙන් මොහොතක් නිහඬව සිට හඬ අවදි කළාය.“හාමිනේ ! මම මෝටර් සයිකලය විකුණන්න බයිසිකල් කඩේ ප්‍රදර්ශනයට තියලා මේ බයිසිකලෙන් ආවෙ.
මේ බයිසිකලයත් යාළුවකුගෙන් ඉල්ල ගත්ත එකක්. පඩියෙ හැටියට, ජීවත්වෙන්න මුදල් නැති කාලෙ මෝටර් සයිකලයට තෙල් ගහන්න සල්ලි කොහෙන්ද? බයිසිකලේට තෙල් ගැහුවොත් කන්න අඳින්න, පොඩි ඈයොන්ගෙ වියදමට සල්ලි මදි වෙනවා. මම දුක් විඳගෙන පයින් හරි ගිහින් රක්ෂාව කරනව කියල හිතල තමයි මෝටර් සයිකලය විකුණන්න දැම්මෙ. තව ඉස්සරහට මීට වැඩිය රට බංකොළොත් වෙනව කියල ඔය ලොකු ලොකු අය කියන්නෙ. ඉතින් අපි ඒවට මුහුණ දෙන්න එපාය.’’
බිරිය කතාවට හිස සැලුවා පමණි. ඉන් එහාට කිසිවක් කීමට නොගියාය. මේ අතර පහේ පන්තියේ ඉගෙන ගන්නා වැඩිමහල් පිරිමි දරුවා පැමිණ“ අනේ තාත්තෙ මම ලොකු වුණාම පදින්න කියල කිව්ව මෝටර් සයිකලේ ඇයි විකුණන්න දැම්මේ,,. යැයි අසා දෙනෙත කඳුළින් බර කර ගත්තේය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
තෙල් ගහන්න සල්ලි නැතිව යතුරුපැදිය සේල් එකක දාලා