රෑ එළිවෙනතුරු තෙල් පෝලිමේ තැබූ යතුරුපැදියේ ආරක්ෂාවට ගෙදර ඉන්න සුනඛයා එහි ගැට ගසා වැඩට ගිය පුද්ගලයකු පිළිබඳව එක්තරා ගමක තෙල් පෝලිමකින් අසන්නට ලැබුණි.
ඔහු එම ගමෙන් පිට නගරයක ආරක්ෂක නිලධාරියකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකි. එම රැකියා ස්ථානයේ ඔහු කරන සේවය අනුව සේවා ස්ථානයට ඔහු නැතිවම බැරි පුද්ගලයෙකි. ඔහුගේ සේවා මුරය රාත්‍රි කාලයේ යෙදී ඇති අතර අනිවාර්යයෙන් ඔහු සේවයට වාර්තා කළ යුතුව තිබේ. ඔහු සේවය සදහා යන්නේ සිය යතුරු පැදියෙන් වන අතර දූ දරුවන්ගේ කටයුතු සඳහා ද යතුරු පැදිය ඔහුට අත්‍යවශ්‍යය.
යතුරු පැදියේ ඉන්ධන අවසන් වීමත් සමඟ ඔහුගේ සියලු කටයුතු අඩපණ වී ඇති අතර ඉන්ධන පැමිණෙන දිනයක් නොදන්නා හෙයින් දිවා කාලයේ කෙසේ වෙතත් රාත්‍රි කාලයේ ඔහුට එහි සිටීමට අපහසු වී ඇත්තේ සිය රාජකාරිය නිසාය.
රාත්‍රි කාලයේ තෙල් පෝලිමේ කොතරම් පිරිසක් රැඳී සිටිය ද ඔහු තමා නොමැතිව ආරක්ෂාවක් නැතිව යතුරු පැදිය දමා යෑමට සිත් දුන්නේ නැත. එහෙත් පෝලිමේ කෙලෙස හෝ යතුරු පැදිය නතර කර තැබිය යුත්තේ එසේ නොමැති වුවහොත් කලින් පැමිණි පිරිස් ඉන්ධන ලබා ගත් පසුව ඉන්නා පිරිස අනුව තමන්ට ඉන්ධන නොලැබෙන නිසාය.
මේ ගැන කල්පනා කළ ඔහු ගෙදර සිටින සිය බල්ලා දම්වැලකින් යතුරු පැදියේ ගැට ගසා ‘‘බල්ලාගෙන් ප්‍රවේශම් වන්න” යනුවෙන් ලියූ කාඩ් බෝඩ් එකක් ගසා රාත්‍රී කාලයේ බල්ලා යතුරු පැදිය සමඟ පෝලිමේ තබා තිබේ .
බල්ලාට අවශ්‍ය ආහාර හා ජලය එම ස්ථානයේ තබන ඔහු උදෑසන වැඩ අවසන්ව පැමිණ බල්ලා මළ පහ කර ඇත්නම් ඒවාද ඉවත් කර බල්ලා රැගෙන යන අතර නැවත වැඩට යන වෙලාවට බල්ලා සුපුරුදු රාජකාරියේ තබා පිටව යනවාලු.
කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
තෙල් පෝලිමේ යතුරුපැදිය බලාගන්න බල්ලාට බාරදී රෑ වැඩට ගිහින්