X Advertisement
IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


තොල් රතු නෝනා බටර් බිස්කට් සොයා හතර අතේ දුවලා

(තලාතුඔය ටී.එච්. සරත්)
ඇය සුරූපිණියකි. මෑත කාලයේ නගරයෙන් ගමට සේන්දු වුවද නාගරික ගති සිරිත් අත් නොහළ තැනැත්තියකි. ගමන බිමන හා කතා බහ ද ඇඳුම් පැළඳුම් ද නාගරික පන්නයේ ම විය. නගරයේ රැකියාවක නියුතු ඇය ගමේ මංසන්ධියට පැමිණෙනුයේ රැකියාවට යාම සඳහා බස් රථයට ගොඩවීමටය. එහිදී ගමේ තරුණයන්ගේ අවධානය ද ඇය කෙරේ යොමු නොවනවා නොවේ. එනිසාම තරුණයන් අතර ඇය “තොල් රතු නෝනා” නමින් ප්‍රකටය.


ඉකුත් සෙනසුරාදා දිනයක ඇය ගමේ කඩමණ්ඩියට පැමිණියේ කලබල විලාශයක් පෙන්නුම් කරමිනි.


මුදලාලි බටර් බිස්කට් තියනව ද ඇය මුදලාලිගෙන් විමසීය. මොහොතක් නිහඬව කල්පනා කළ මුදලාලි “බටර් බිස්කට්” යයි නැවතත් විමසමින්, “නෝනා, ඒවා කොහේද මේ ගමේ කඩවල, ටවුමටම ගියොත් තමා ගන්න පුළුවන්” යැයි පැවසීය.


ඒ ආසන්නයේ වූ තවත් වෙළෙඳ සැළක් වෙත ගිය ඇය මුහුණ ඇඹුල් කරගෙන නැවත් පෙර කී කඩය වෙත එද්දී , නෝනා ත්‍රීවීල් එකකින් ටවුමට යන්න. එහෙන් තමා ගන්න පුළුවන් යයි පැවසීමත් සමග කඩමණ්ඩියේ තිබූ ත්‍රීවීල් රථයක් ඇය අසලම නැවැත්වීය.


තලාතුඔය ටවුමට යමු, ඇය රියැදුරුට කීවාය. ඒ යන අතරමග කිහිප ස්ථානයකදීම බටර් බිස්කට් තිබේදැයි විපරම් කර ඇති අතර ඇයට ලැබී ඇති පිළිතුර වූයේ “නැත” යන්නය. කිලෝමීටර පහක පමණ දුරක් ගෙවා නගරයට ගිය ඇය අවසානයේ බේකරියක් අසල නැවතී බටර් බිස්කට් සොයාගෙන තිබේ. 


බේකරි හිමිකරු සිලි සිලි මල්ලක ඇයට උවමනා බටර් බිස්කට් පැකැට්ටුව දමා දී තිබේ. එය ද රැගෙන නැවත ගමේ කඩමණ්ඩියට පැමිණි ඇය ත්‍රීවිලරයෙන් බැස මුදල් ගෙවද්දී පෙර කී මුදලාලි ඇයගේ අතෙහි වූ විස්කෝතු පැකැට්ටුව දෙස බලා, “හත්තිලව්වයි නෝනා... හුළං විස්කෝතු කියලා කිව්වා නම් මම දෙනවා නේ.... මේ තියන්නේ බෝතල් පුරවලා” යනුවෙන් පවසමින් කඩය තුළ ඇති ලොකු වීදුරු බෝතලය පෙන්වා තිබේ.


එහෙත් ඒ වනවිට නෝනා රුපියල් පනහේ හුළං විස්කෝතු පැකැට්ටුව සඳහා රුපියල් තුන්සිය පනහක් වැයකර අවසන්‍ ය.


රට පමණක් නොවෙයි. දැන් හුළං විස්කෝතුවෙත් නම වෙනස් වෙලා යි. මුදලාලි කඩමණ්ඩියට පැමිණෙන තැනැත්තන්ට නිතර පවසනු ඇසේ.



අදහස් (1)

තොල් රතු නෝනා බටර් බිස්කට් සොයා හතර අතේ දුවලා

Chitra Joseph Wednesday, 13 January 2021 08:50 PM

ගමේ කම, අපේ කම සහ අප අපටම නැතිව යන හැටි අපූරුවට මේ කතාව තුළින් පසක් කරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site