(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
තම හොර බිරියට හසුවනවාට බියෙන් ජංගම දුරකතනය වතුර වීදුරුවකට දමා ෆෝන් හදන මිතුරාට අපූරු ලියුමක් එවූ පුද්ගලයකු පිළිබඳව නගරබද ප්‍රදේශයකින් අසන්නට ලැබුණි.
ඔහු විවාහක සිව්දරු පියෙකි. එහෙත් තවම තරුණියන් පසුපස ගොස් ප්‍රේම සබඳතා ඇතිකර ගනී. මුහුණු පොතේ මෙන්ම ඔහු යන එන ගමන් බිමන්වලදී කෙසේ හෝ තරුණියන් යාළුකර ගනී. ඔහුගේ මෙම ක්‍රියාව නිසාම ඔහුට "ප්‍රේම කුරුල්ලා" යන අන්වර්ථ නාමයක් පට බැඳී තිබේ.
මේ සියල්ල ඔහු සිය බිරියට හොරෙන් සිදු කරන අතර ඇයද ඔහු අවිශ්වාස නොකරන්නේ ඔහු ඇයට ඇති දැඩි ආදරය නිසාය.
එහෙත් ඇයගේ මිතුරියන් ඇයට ඔහුගේ මෙම ක්‍රියාකලාපය දිගින් දිගටම පැවසූ හෙයින් දිනක් ඇය ඔහුගේ ජංගම දුරකතනය ඉල්ලා ඇත. එහිදී ඔහු දුරකතනය ලබාදෙන අතරවාරයේ ළඟ තිබූ වතුර වීදුරුවකට දුරකතනය දමා ඇත්තේ හිතා මතාමය. ඔහුගේ මෙම කපටි ක්‍රියාව දුටු ඇය "දෙන්න මම ෆෝන් එක හදන් එන්නම්" යැයි පවසා ඇත. ෆෝන් එක හැදුවොත් සියල්ල එළිවන බව තේරුම් ගත් ඔහු ෆෝන් හදන සිය මිතුරාට" මචන් ෆෝන් එක හදන්න බෑ කියපන්. උඹට රුපියල් 1000 ක් එවලා ඇති ඒක තියා ගනින්. ෆෝන් එක හැදුවොත් මම ඉවරයි" යනුවෙන් ලියුමක් ලියා එය දුරකතනයේ කවරයේ සඟවා බිරිය අත ජංගම දුරකතනය යවා ඇත.
ලියුමක් ෆෝන් කවරයේ තිබෙනු දුටු බිරිය එය කියවා" මචන් ෆෝන් එක හොඳට හදලා එවපන් රුපියල් 1000 ක් වැඩිපුර ඇති යැයි යනුවෙන් ලියාගෙන ගොස් ඉක්මනින් දුරකතනය හදාගෙන තිබේ
සියල්ල හෙළිවූ බිරිය ඔහු සමග රණ්ඩුවී දරුවන් සමග සිය අම්මලාගේ ගෙදර ගොස් ඇති අතර සිය දුරකතන හදන මිතුරා හමුවීමට ගොස් දොස් පවරද්දි " ඇයි මචන් හොඳට ෆෝන්එක හදන්න කියලා ලියුමක් එක්ක මට වැඩිපුර දහකුත් එවලා තිබුණේ" යැයි මිතුරා කියද්දී සිය බිරියට තමන් ලියූ ලියුම අසුවී ඇති බව ඔහුට තේරුම්ගොස් ඇත.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දකින දකින මල් කඩන ‘ප්‍රේම කුරුල්ලා’ට වැඩ වරදී