(උණවටුන ඩී.ජී. සුගතපාල)
ඔහු හතළිස් හය හැවිරිදි වියේ පසුවූ අතර ඇය තිස් අටවන වියේ පසුවූවාය. ඇය තම දරුවාට ශිල්ප ලබාදීම සඳහා ඔහු වෙත ගියාය. ඔහුද දරුවාට ශිල්ප ලබා දීමට කැමති විය. දැන් ඇය දරුවාට ශිල්ප ලබාදීම සඳහා දිනපතා සවස දරුවාද සමඟ ඔහු සොයා යන්නේය. ටික දිනක් යනවිට දරුවාට වඩා මවට ශිල්ප ලබාදීමේ ආශාවක් ඔහුට ඇති විය. ඔහු ඒ බව සංඥා භාෂාවෙන් සහ ව්‍යංගයෙන් ඇයට පැවසීය. ඇයද එකපයින් එයට කැමති විය.
දැන් ඔහු ඇයට ද ශිල්ප දක්වන්නේය. එහෙත් ඒ අන් අයට හොර රහසේය. ටික කලක් යනවිට හොර රහසේ ලබාදෙන ශිල්ප පිළිබඳව ඇයගේ සැමියාටද ආරංචි විය. එහි ප්‍රතිඵලය ලෙස ඇය සැමියාට කඩු ශිල්ප දුනු ශිල්ප මෙන්ම විවිධ ශිල්ප පාන්නට වූවාය. ඒවා ඉවසාගත නොහැකිවූ සැමියා පොලිසියට පැමිණ තමා බේරා ගන්නා ලෙස පොතේ සටහන් කළේය.
මේ අතර ඇය පින්වත් කුමරියක් ප්‍රසූත කළාය. එහෙත් කුමරියගේ පීතෘත්වය බාර ගැනීමට ඇයගේ සැමියා ප්‍රතික්ෂේප කළේය. එපමණක් නොව තමාට ඇයගෙන් දික්කසාදවීමට අවශ්‍ය බවද ඔහු කියා සිටියේය. පැමිණිල්ල අනුව දෙපාර්ශවයම පොලිසියට කැඳවිය. ඇය සිඟිත්තියද තුරුළු කරගෙන පැමිණ සිටි අතර ඇය අසලින් ඇයට ශිල්ප ලබාදුන් ගුරාද සිටියේය. ඔවුන් ඉදිරියෙන් ඇයගේ නිත්‍යානුකූල සැමියා විය.
ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂිකා චෞද්රි මෙනෙවිය හමුවේ දරුවා තමාගේ නීත්‍යානුකූල සැමියාගේ නොවන බව ඇය පිළිගත් අතර දරුවා තමාගේ බව ගුරා පිළිගත්තේය. එනිසා දරුවාත් මවත් බාර ගැනීමට තමන් සූදානම් බව ගුරා කියා සිටියේය.
එවිට පොලිස් පරීක්ෂකවරිය ඔහුගෙන් විමසා සිටියේ තමාගේ නිත්‍යානුකූල බිරිඳ සහ ළමයි ගැන සොයා බලන්නේ කව්දැයි යනුවෙනි. එහිදී ඔහු කියා සිටියේ දෙදෙනාම මාරුවෙන් මාරුවට බලා ගන්නා බවය. ඒ අනුව පොලිස් පොතේ අත්සන් කළ ඇය දරු සිඟිත්තාද තුරුළු කරගෙන තමාට ජිවිතයේ හොඳම ශිල්ප ලබාදුන් ගුරා සමඟ යන අයුරු සැමියා බලා සිටියේය පසුව ඔහුද දික්කසාද නඩුවක් පැවරීම සඳහා අවශ්‍ය කටයුතු කිරීම සඳහා පොලිසියෙන් පිටව ගියේය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දරුවාට ශිල්පය කියා දෙන්න ගිහින් අන්තිමේ බිරියත් දන්දෙන්න වෙලා