X Advertisement
IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


දරුවා ඒ ලෙවල් පාස් කරවා ගන්න දේවාලෙට දේවාලෙක බාරයක්

සැමියා උසස් පෙළ විභාගයට පෙනී සිටින තම දරුවා සමත්කර ගැනීමට රූපෙට රූපයක් මෙන් දේවාලෙට දේවාලයක් භාරවීම අසා බිරියට තරු පෙනීමේ සිද්ධියක් රජරට පුරවරයේ මහවැලි කලාපයට අයත් ගම්මානයකින් අසන්නට ලැබුණි.


සිද්ධිය මෙසේය,


මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් උදෙසා ප්‍රසිද්ධියක් උසුලන හාස්කම් පවතින දේවාලයකට තම මව්පියන් ගොස් ඇත්තේ දරුවන් වෙනුවෙන් එහි බාරවීම සඳහාය.


විභාගය සඳහා තවත් පෙදෙස්වලින් ද දරුවන් හා ඔවුනගේ පවුල්වල උදවියගෙන් දේවාල භූමිය පිරි ඉතිරී පැවතිණි. පෝලිම අතරින් එක දරුවෙකු බැගින් දේවාලය ඇතුළට ගෙන බාර කරන්නේය.


කපුවා බාරවීමට නියමිත දරුවා වෙනුවෙන් යාතිකා කරන්නෙය.


ඒ අතරවාරයේ මහවැලි ගම් පියසෙන් පිවිසි දරුවන් සඳහා ද වාරය පැමිණියේය.


දරුවා වෙනුවෙන් තම මව්පියෝ බාර වෙති.


 එක් මවක නිල් තිරයක් බාර වූවාය. තවත් අයෙක් පළතුරු වට්ටියක් සමඟ විදුලි බල්බ් බාර වුණේය.


මේ අතර තම දරුවා කැටුව ගිය පියා දේවාලය සම්පූර්ණයෙන්ම කඩා අත්තිවාරමේ සිට අලුතින් දේවාලයක් සාදා  දීම සඳහා බාර වූයේය.


කපුවා ඒ අසා අන් දරුවන්ට වඩා වැඩි කාලයක් ගෙන එම දරුවා වෙනුවෙන් වඩ වඩාත් යාතිකා කළේය. රැස්ව සිටි පිරිස දෙනෙත් අයාගෙන ඒ දෙස බලා සිටිති.


ඒ සඳහා යන වියදම ලක්ෂ පහකට වැඩි වන බවට රැස්ව සිටි පිරිස කතා වෙති.


සියල්ලෝ බාර වී ගම් බිම් බලා ගියහ.


සැමියා දරුවාට වූ  බාරය ගැන ගම්මුන්ගෙන් දැනගත් බිරිඳ වහ වහා නිවසට දිව ආවාය.


‘ඈ මිනිහෝ... බාර වෙන්න යන්නත් මම කුලී වැඩ කරලා හොයා දුන්න සල්ලි අරගෙන ගිය තමුසේ දේවාලය හදලා දෙන්න බාර වුණා කියන්නේ.? අනේ.. මිනිහෝ ගෙදර හදා ගන්න බැරිව, ගේ හරියේ පිච්චියක් නැතිව ඉන්න තමුසේ මොකක් ද මේ වෙච්ච බාරය ?


අනේ අපි ඉතිං මේක කොහොම කරන්න ද ඇය තොරතෝංචියක් නැතිව කියවන්න ට වූවාය.


‘ඒක කරන්නේ මමනේ. කට වහගෙන ඉන්නවාකෝ.’


සැමියා කිසිදු බරක් නැතිව ඊට පිළිතුරු දෙමින් ගෙයින් එළියට බැස්සේය.


මධුවිත තොල ගා ගත් ඔහු සවස් යාමයේ යළි නිවසට ගොඩ වැදුණේය.


බිරිඳ අහස පොළව ගැට ගසන්නට මෙන් වෙච්ච බාරය ගැන බර කල්පනාවකය.


බිරිඳ යළි කියවන්න ට වූවාය. සැමියාට ද යක්ෂයා ආරූඪ විය.


ඔහු තම බිරිද ඇමතුවේය.


‘යෝදියේ මේ අහනවා. දරුවන් පාඩම් කරන්නේ නැතිව දෙවියන්ට පුලුවන් ද දරුවන් පාස් කරවන්න.


අපේ එකාගෙ දක්ෂතාව දන්නේ අපිනේ.


පාස් වෙලා කැම්පස් තේරුණොත් නේ බාරය දෙනවා කියලා මම පඬුරු ගැට ගැහුවේ. දෙවියෝ පිහිට වෙලා කැම්පස් යැව්වොත් ඉඩම විකූණලා පාරට බැහැලා හරි දේවාලය හදනවා. ඒ හින්දා වෙච්ච බාරය ගැන හූල්ලන්නේ නැතිව කට වහගෙන ඉන්නවා’


සැමියාගේ ඒ කතාව ඇසු බිරිඳ ‘ඇත්තනේ’ කියමින් දිගු සුසුමක් හෙලමින් හිසේ තිබුණු බර කන්දරාව බිමින් තැබුවාලු. 

(මොරගොල්ලාගම සිසිර කැලේගම)

 

 



අදහස් (0)

දරුවා ඒ ලෙවල් පාස් කරවා ගන්න දේවාලෙට දේවාලෙක බාරයක්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site