X Advertisement
IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


දවසක්ම බසය ඇතුළේ පරිප්පු කෑමක්

ඒ දිනට පෙරදා සිට පසුදා පහන් වනතුරු ඔහුට නින්ද නොගියේය. පසුදා ඔහුට තම පෞද්ගලික අවශ්‍යතාවක් ඉටු කර ගැනීම සඳහා ඇමැතිවරයකුගේ නි​ෙවසට යන්නට වූ වුවමනාව තිබුණ ද ඔහුගේ කාරයේ යෑම නොකළයුතු යැයි ඔහු තීරණය කළේ අධික නිදිමත නිසා අතරමගදී දැස් පියවේවි යන බිය නිසාය. කොරෝනා නිසා බස් රථයක යෑමද අනතුරුදායක විය හැකි යැයි ඔහු සිතූ නිසා කල්පනා කරමින් සිටියේය.


නිතරම පාහේ ඔහුගේ නි​ෙවසට ගොඩවදින තම මිතුරාට සිය අවශ්‍යතාව පැවසූ විට ඔහුගෙන් ලැබුණේ සුබවාදී පිළිතුරකි. “මචං මමත් යනවා ඇමැතිතුමාගේ ගෙදර. උඹටත් මා එක්කම මාගේ කාර් එකේම යන්න පුළුවන්.” යනුවෙන් කී විට ලද අවස්ථාවෙන් ඔහු උපරිම ඵල නෙලාගැනීමට සිතා ගත්තේය.


දෙදෙනාම එකම කාරයේ ඇමැතිතුමා මුණගැසීමෙන් අනතුරුව ඔහු මිතුරාගෙන් “මචං උඹ දැන්ම ආපහු යනවා ද” යි ඇසූවිට, “නැනැ මම මේ ගමන්ම කොළඹ ගිහිල්ලා හවස් වෙයි ගෙදර යනකොට.” යි කීය.


එම පිළිතුරෙන් බලාපොරොත්තු සුන්වූ ඔහු බස් රථයකින් ආපසු ගෙදර යෑමට තීරණය කළේ අන් විසඳුමක් නොතිබුණු නිසාය. ඇමැතිතුමාගේ නි​ෙවසේ සිට ඔහු පන්නිපිටියට බස් රථයකින් යෑම සඳහා හයිලෙවල් පාරට හැරී කොළඹ යන කාරයෙන් බස්සවා ගත්තේය.


වේලාව උදේ දහයට පමණ විය. ඔහුට ආහාර ගැනීමට නොහැකි වූ නිසා කුසගින්නක් සහ අධික නිදිමතක් තිබුණි. මොකක්ද තව විනාඩි පහළොවක් විස්සක් යනකොට තමාට ගෙදර යාමට හැකිවේවි යැයි සිතුවේය. කෙළින්ම පන්නිපිටියට යෑම සඳහා ඔහු ඒ අවස්ථාවේ පැමිණි අවිස්සාවේල්ල බසයකට නැගී අසුන් ගත්තේය. ඔහුට ඇහැ ඇරුණේ අවිස්සාවේල්ලේදී ය. ඒ පන්නිපිටිය පසුවී කි.මී. විසිපහක් තිහක් දුරිනි. ඉතා කේන්තියෙන් ආපසු පිටකොටුවට යන බස් රථයකට නැගි ගත් ඔහු පන්නිපිටියට ටිකට්පතක් ගෙන අසුන් ගත්තේය. 


ඊළඟට ඔහුට ඇහැ ඇරී බලන විට ඔහුට ඔහුගේ දකුණ පැත්තේ ඇති විශාල නාමපුවරුවක් වන කොටුවේ දුම්රිය ස්ථානය යන්න දිස්විය. තමා කොළඹ කොටුවට පැමිණ ඇති බව ඔහුට වැටහිණ. නැවත කොට්ටාව බස් රථයක නැග ඔහු ඉතා අපහසුවෙන් පන්නිපිටියෙන් බැස ඔහුගේ නිවසට පයින්ම ගෑටුවේය. වේලාව පස්වරු එකට පමණ විය.
(පන්නිපිටියේ ෂර්ලි ජයසිංහ)

 



අදහස් (0)

දවසක්ම බසය ඇතුළේ පරිප්පු කෑමක්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site