X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


දහයේ කාසියක් දුන්නැයි විරිදුකරුට යකා නැඟලා

විරිදු සුරල් ගැයූවකුට බසයේ දී දුන් රුපියල් දහයේ කාසිය ආපසු අතට දී ”මේක තමුසෙම අරගෙන යනවා”යි පැවසීමේ සිදුවීමක් පසුගියදා පැලවත්ත ප‍්‍රදේශයෙන් දැනගන්නට ලැබිණි.

රැුකියාවට ගිය මහත්මයකු නිවෙස බලා යමින් සිටියේ බස්රියෙනි. අතරමගදී විරිදුකරුවෙක් බසයට ගොඩවූයේය. විරිදු සුරල් වයමින් බසයේ මගීන් විනෝදයට පත්කරන්නට ඔහු සමත් විය. මහත්මයා ඊළඟ නැවතුමේ බැසීමට සූදානම්ව නැගිට්ටේය. සීනුව නාද කෙරිණි. සාක්කුවට අත දැමූ ඔහු රුපියල් දහයේ කාසියක් අතට ගෙන විරිදුකරු අත තැබුවේ හද පිරි සොම්නසිනි.

විරිදුකරු රබාන පසෙකලා අතබැලීය. රුපියල් දහයේ කාසිය යළි ඔහු අතට දුන්නේය. තමුසේ මේකත් අරගෙනම යනවා, කී ඔහු සෙසු මගීනට රබාන පෑවේ වැඩි ගණනක් ලබාගනු පිණිසය. විරිදුකරුගේ වදන් සවන් වැකුණු සෙසු මගීන් නිසොල්මනේ සිටීම නිසා හිස් අතින්ම ඊළඟ නැවතුමේ දී බැස ගියේය.



අදහස් (0)

දහයේ කාසියක් දුන්නැයි විරිදුකරුට යකා නැඟලා

පුෂ්ප කුමාර Tuesday, 18 February 2014 07:22 PM

මිනිස්සුන්ට දෙන්නපුළුවන් තරම තමයි දෙන්නේ (දී)

:       0       0

ආනන්ද ජයරත්න Friday, 21 February 2014 07:16 AM

හිඟන්නන් පාලනයට ඇමතිවරයෙකු පත්කර ඔවුන්ගේ රැකියා සුරක්ෂිත කලයුතුයි. අලුතෙන් එකතුවන්නන් අදාල අමාත්‍ය වරයාගේ නිර්දේශය සහිතවම සේවයට එක්කල යුතුයි . (ත)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Thursday, 20 February 2014 10:25 PM

''දෙයියෝ සාක්කි'' (ත)

:       0       0

අජීත් Thursday, 20 February 2014 01:47 PM

ඔයවගේ විරිදු කාරයෝ බස්වලට ගොඩකර ගැනිම බස්රථවල දුමිරියේ හිඟාමන් යැදිම සමි පුර්ණයෙන්ම නතරකිරිමට නිතිමය පියවර ගතයුතුයි (ඒවගේම රියදුරැ මහතුන්ද කොන්දොස්තර මහතුන්ද වගබලාගතයුතුයි මෙවැනි හිඟමන් යදින්නන් තම බස්රථ වලට ගොඩනොකර ගැනිමට" (අ)

:       0       0

සත්‍යයා Thursday, 20 February 2014 06:03 AM

මේ සිද්ධියෙන් අපට ඉගෙන ගන්න තියෙන පාඩම මෙතෙක් රට පාලනය කරපු හැමදෙනාම රට හිඟන බාවයට පත්කර ඇති සැටියයි.. මේ විරිදු කාරයා කළ වැඩේ හරිද වැරදිද කියල තීරණය කරන්න සිදුව ඇත්තේ දරුණු ලෙස බාල්දුවී ඇති රුපියලේ වටිනාකමට සාපේක්ෂවයි. (අ)

:       0       0

අසෝකා Wednesday, 19 February 2014 02:34 PM

විරිදු වලින් රස විදින්න.. රැපියල් දහයක් මොකටද? අනේ ඔයා තියාගන්න -මම දෙන්නම් තව දාහක් -ගෙදරට බඩු ටිකත් ගන්න !(දිල්)

:       0       0

සත්‍යයා Wednesday, 19 February 2014 06:37 AM

මේ සිද්ධියෙන් අපට ඉගෙන ගන්න තියෙන පාඩම මෙතෙක් රට පාලනය කරපු හැමදෙනාම රට හිඟන බාවයට පත්කර ඇති සැටියයි.. මේ විරිදු කාරයා කළ වැඩේ හරිද වැරදිද කියල තීරණය කරන්න සිදුව ඇත්තේ දරුණු ලෙස බාල්දුවී ඇති රුපියලේ වටිනාකමට සාපේක්ෂවයි. (අ)

:       0       0

සමන් Wednesday, 19 February 2014 06:10 AM

මෙහෙමයි, එසැණ කියන්නේ හැමටම පොදු තැනක්. එසැණ ඇතුලේ කල්ලි මවා ගන්න ඉඩ නොදී හැමටම එක විදියේ සම ස්ථානයක් ලබාදීම ගැන මම එසැණට නොවක්ව ස්තුති වන්ත වෙනවා (අ)

:       0       0

ශානි Wednesday, 19 February 2014 01:53 AM

නිලූ - විකාර අදහස් පල කරන එක නතර කරපු එක ලොකු දෙයක් .ලංකාදීප බලන්නත් එපා වෙලා තිබුනේ . (දී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 18 February 2014 07:22 PM

චන්දි අක්කේ මල් මිටක් අදහසට..!!!(දී)

:       0       0

ජනිත්රි Tuesday, 18 February 2014 07:22 PM

විරුදුවක් කිව්වාම රුපියල් 1000ක් විතර ගන්න පුලුවන්ද? (දී)

:       0       0

හසිත් Tuesday, 18 February 2014 07:22 PM

රුපියලක් කියලා රැවටෙන්න ඇති (දී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 18 February 2014 07:22 PM

චන්දි අක්කේ මල් මිටක් අදහසට..!!! (දී)

:       0       0

නාලක Tuesday, 18 February 2014 07:22 PM

රුපියල් 10ට විරිඳු කියපු කාලේ ගියා (දී)

:       0       0

කුමාරි Tuesday, 18 February 2014 09:45 AM

දැන් රටේ ඉන්න හිගන්නන් ගැනත් විමර්ශනයක් කරන්න ඕන. හොදම ලේසිම රැකියාව.ඔක්කොම හොරුයි කපටියි අහින්සකයින්ගෙන් කඩා වඩා ගන්නා මේ ක්‍රමය නැවැත්විය යුතුමයි. (දී)

:       0       0

සහන් බණ්ඩාර Tuesday, 18 February 2014 06:51 PM

රුපියලකින් බැහැ පින්වත අද කාලේ වැඩක් ගන්න....ඒ හින්දයි ඩීන්ගිත්තක් උනේ මටත් කෝප ගන්න.....දහයේ කාසියක් කියා දැනගත් විට බැහැ හැරෙන්න....මගේ කට ගැන කෝප වෙමින් යනවා මම බැහැල ඔන්න..... (දී)

:       0       0

සමන්ති Tuesday, 18 February 2014 06:41 PM

බස් රථයකදී පොත් මිලදීගත්තත් ඔබගන්නේ පොත් පමණක්ම නොව විෂබීජ බව ඔබ නොදන්නේද ? විරිඳු කාරයන් හෝ සින්දුකියන්නන්ට මුදල් දීමේදී ඔබ දෙන්නේ මුදල් පමණක්ම නොව සිඟන්නන් බෝකිරීමක් බව ඔබ නොදන්නේද ? කල්පනාකාර බලන්න .සිගන්නන්ට මුදල් දීමේදී ඔබ මුදල් දෙන්නේ කෙමට නොව කුඩු මිලදීගැනීමට බව ඔබ නොදන්නේද ? (දී)

:       0       0

චන්දි Tuesday, 18 February 2014 05:58 PM

අපි පහුගිය දවස්වල එසැනට විරිදු,කවි විහිළු කතා ලිවේ නොමිලේම කියවා හිනා වෙන්නත්, සතුටු වෙන්නත් , අනුන්ගේ සතුට බලා ඉන්න බැරි කුහක පිරිසක් ඒක නතර කළා., සතුටින් පිරුන එසැන.., බුමි පාළුවක් කළා දැන් ඉතින් විරිදුවක් අහන්න රුපියල් 10ක් දීලත් බැරි වෙලා ., පව් කියලත් හිතෙනවා....? (දී)

:       0       0

දයා අතුකෝරල Tuesday, 18 February 2014 05:47 PM

1000 කොලයක් දුන්නනම් හරිනේ (දී)

:       0       0

පෙරුමාල් Tuesday, 18 February 2014 05:28 PM

කොහොම උනත් අපේ ඇමති තුමෙක් විශ්‍රාම ගියාම කරනවයි කියන රැකියාවට ඔයිට වඩා සලකන්න තිබුනා (දී)

:       0       0

රොෂාන් Tuesday, 18 February 2014 02:28 PM

මම ගොඩ දවසක ඉදන් බලන් හිටියෙ. නදිට ඔන වෙල තියෙන්නෙ ලොකුකම කියවන්න. "අපි ඉන්නෙ රට" ඒ උනට අයි පි එක ලoකාවෙ. හි හි හි. . . . (දී)

:       0       0

රොෂාන් Tuesday, 18 February 2014 01:20 PM

මෝඩ ගැහැනු ඉන්නකම් ඔය රස්සාවට වරදින්න විදිහක් නැහැ.(නදී)

:       0       0

ක්‍රිස්ටි Tuesday, 18 February 2014 12:30 PM

අත පය හොදට තියන කිසිම හිගන්නෙකුට කිසිම දවසක හිගමන් දෙන්න එපා (දී)

:       0       0

ගාමිණී - සිරි Tuesday, 18 February 2014 12:27 PM

කිසිම හිගන්නෙකුට මුදල් දීමෙන් වැළකීම තමා නුවනට හුරු. ඒ ඇත්තන්ට රිදීගම සියලු පහසුකම සහිත බෝඩිමක් රජයෙන් හදලා තියෙන්නේ.. (දී)

:       0       0

සෑම් Tuesday, 18 February 2014 12:06 PM

මම නිවාඩු වලට ලංකාවට ගියාම මේ වගේ ගනුදෙනු වලදී බොහොම ප්‍රවේසම් වෙනවා. මොකද මම ලංකාවෙන් පිටරටට සංක්‍රමණය වෙනකොට හිගන්නෙකුට දුන්නේ සත 25 හෝ ඊට පහල ගණනක්. එතකොට ඩීසල් රු. 8.11 යි. පැට්‍රොල් රු 25. යි. බත් එකක් රු 8-10 පමණ. කොට්ටාව පිටකොටුව බස් ගාස්තුව රු. 3.යි මේ කියන්නේ මීට අවරුදු 22 කට ඉහත කාලය.(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 18 February 2014 11:40 AM

ලද පමණින් සතුටු වෙන්න බැරි නිසා ඔහොම දේවල් වෙනවා. පාඩමක් ඉගෙන ගන්න ඇති. ලැබුණු කිය හරි සතුටින් බාර ගෙන යන්න.(නදී)

:       0       0

පිටිගල Tuesday, 18 February 2014 11:02 AM

විරිදු කාරයින්ට සල්ලි දෙන්න එපා. කම්මැලියෝ අත පය වෙහෙසලා වැඩක් කරන්න බැරිද. ආබාධිතයින්ට හැකි උපකාරයක් කරන්න. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site