X Advertisement
IMG-LOGO

2024 නොවැම්බර් මස 01 වන සිකුරාදා


දානෙ ගෙදර උදව්වට යද්දී ​ ‘දේවතා එළියක්’ දැකලා

වියලු‍ව වාර්තාකරු
විදුලි පන්දම් එළියක් දේවතා එළියක්  ලෙස  වරදවා වටහා ගත් කාන්තාවන් පිරිසක් රෑ මැදියමේ පළාතම දෙවනත් කරමින් දෝංකාර දීමේ සිද්ධියක් ගැන කියැවෙන පුවතකි.


සිද්ධිය මෙසේය.


  කිසියම් බාරයක් ඔප්පු කිරීම සඳහා දානයක් සූදානම් කර තිබූ ගම්බද ප්‍රදේශයකි. දානමය කටයුතු සඳහා ප්‍රසිද්ධියක් ඉසිලූ  කාන්තාවන් පිරිසකට දානයේ උදව්වට ආරාධනා කර තිබිණි.


 වත්පිළිවෙත් ආවතේව සියල්ල හරි හැටි ඉටු කරන්නට ප්‍රසිද්ධියක් ඉසිලූ  පිරිස මැදියම් රැය ඉක්මවා සුළු වේලාවක් ගත වෙද්දී දානය පැවැත්වෙන නිවස බලා පිටත් වූයේ හිරු නැගෙන්නට  ප්‍රථම   දානයේ  සියලු‍ කටයුතු අවසන් කළ යුතු බැවිනි.


දොළ පාරවල්, කුඹුරු නියරවල්, පටු මාවත්, බඩවැටි ඔස්සේ  කාන්තාවන් පිරිස එක පෙළට ගමන් ගත්තේ තුන් සරණය ගායනා කරමිනි.


මෙලෙස ගමන් ගත් පිරිස දිය කඳුරක් හරහා යොදා තිබූ ඒදණ්ඩකින් යද්දී ඔවුන් ගමන්ගන්නා මාර්ගයට මීටර් කීපයක් ඈතින් දැක ගන්නට ලැබුණේ විශාල විදුලි ආලෝකයක් දැල්වෙන අයුරකි.


විදුලි ආලෝකය දැකීමෙන් ඉමහත් ප්‍රීතියට පත්  පිරිසේ සිටි  එක් මාතාවක් මහ හඬින් දෝංකාර දෙමින් අනෙක් පිරිසට  පවසා ඇත්තේ    අලුයම් යාමයේ  තමුන් කරන මේ කටයුත්තට ආශිර්වාද කරන්නට  දෙවිකෙනෙකුන්  තමුන් ඉදිරියේ බැහැදැක ආශිර්වාද කරන බවකි.
 කිසිත් සොයා නොබැලූ සෙසු පිරිස ද ඇය අනුගමනය කරමින්   මහ හඬින් දෝංකාර දෙන්නට පටන්ගෙන ඇත්තේ   උතුරා යන භක්තියකිනි.


දානය පැවති නිවස දක්වාම සාධුකාර දෙමින් පැමිණි පිරිස දානමය පිංකම පැවැති නිවසේ උදවියට ද එම සිද්ධිය සියැසින් දුටුවාක්  සේ පැවසූහ.


කඩිමුඩියේ එහි පැමිණි  තරුණයකු කීවේ ‘අනේ ආත්තම්මේ උඹලා ඒදණ්ඩෙන් යද්දි ටෝච් එක ගහගෙන හිටියෙ මම.  මං ඒ වෙලාවේ කුඹුරට වතුර හරවන්න ගිහිල්ලයි  හිටියේ. උඹලට පාර පේන්නේ නැති හින්දයි මම දුර ඉඳල ටෝච් එක  ගැහුවෙ. මේ සද්දේ ඇහිලයි මම දුවගෙන ආවේ’  යනුවෙනි.


දානේ ගෙදර සිටි ගැටිස්සියන්ගේ හිනා හඬ මැද්දේ කාන්තාවන් පිරිස හීන් සීරුවේ නිවසට රිංගා ගත්තේ ‘‘අද කාලේ දෙවියොත් විශ්වාස නැති උන් මේ ගමේ ඉන්නේ’’  යැයි එකිනෙකාට පවසමිනි.

 



අදහස් (0)

දානෙ ගෙදර උදව්වට යද්දී ​ ‘දේවතා එළියක්’ දැකලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site